IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පැරිස් වෙඩික්කරු ජාතිවාදියෙක්

ප්‍රංශයේ පැරිස් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින්, එරට ජීවත් වන කුර්දි ජාතිකයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කළ සැකකරු 69 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. සැකකරු ජාතිවාදියෙකු බව ද පැවැසෙයි.

ඊයේ (24) මෙම තැනැත්තා ගිනි අවියකින් සන්නද්ධ වී, පැරිස් අගනුවර 10 වැනි දිස්ත්‍රික්කයේ කුර්දි සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලකට කඩා වැදී වෙඩි තැබීම් කර තිබේ.

පැරිස් අගනුවර 10 වැනි දිස්ත්‍රික්කයේ ජීවත් වන බහුතරය ප්‍රංශයට පැමිණ සිටිනව කුර්දි වැසියන්ය. වෙඩි තැබීම සිදුවුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් කුර්දි වෙළෙඳසැල් වන අතර, ප්‍රංශයට පැමිණ සිටින කුර්දි සංක්‍රමණිකයෝ ඒවායේ සේවය කරති.

පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙඩි තැබීම කළ සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මානසික රෝහලකට ඇතුළත් කෙරුණි. ඒ, ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාය. සැකකරු වෙඩි තැබීමට භාවිතා කර ඇත්තේ ප්‍රංශ හමුදා පිස්තෝලයකි.

වෙඩි තැබීමත් සමඟ 10 වැනි දිස්ත්‍රික්කයේ ජීවත් වන කුර්දිවරු පොලිසියටත් රජයටත් විරුද්ධව එක්රොක් වී කලහ කරන්න වූහ. එම පිරිස් පාලනයට ද පොලිසිය යෙදවිණි.

පැරිසියේ කුර්දිවරුන්ට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වුණැයි, ඒ ගැන සොව පළ කරමින් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැවැසීය.

ජනාපධිතිවරයා පැරිස් අගනුවර පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ ඇත්තේ වහා ගොස් කුර්දි ප්‍රජාව සමඟ කතාබහ කරන ලෙසය. ඒ අනුව, කුර්දි වැසියන් සන්සුන් වුණු බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

පැරිස් වෙඩික්කරු ජාතිවාදියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දියාවේ හෝටලයක ගින්නක්
2025 අප්‍රේල් මස 30 24 0

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.


චීනයේ අවන්හලක ගින්නකින් 22 ක් මරුට
2025 අප්‍රේල් මස 30 48 0

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.


න්‍යෂ්ටික ප්‍රහාරයකට පසුබට නැහැ
2025 අප්‍රේල් මස 30 159 0

ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට


තායි රජු - බිසව ගුවන් යානාය පියාසර කරමින් ඇවිල්ලා
2025 අප්‍රේල් මස 30 154 0

තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.


කැනඩාවේ සුළුතර රජයක්
2025 අප්‍රේල් මස 30 49 0

කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර


ස්වීඩනයේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 30 46 0

ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 249 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 71 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1100 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site