ඉතාලියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි ගිග්ලියෝ දූපත අසල කොරල් පරයක හැපී කොන්කෝඩියා නමැති සුඛෝපභෝගී නැව පෙරැළුණු අවස්ථාවේදී තමා නැව අතැර පලාගියබවට නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අනියම් මිනීමැරුම් චෝදනාවලට ලක්ව සිටින එම නැවේ කපිතාන්වරයා පෙරේදා(17) කියා සිටියේය. කපිතාන්වරයා ඒ බැව් ප‍්‍රකාශ කළ අවස්ථාව වන විට නාවික අනතුරින් මිය ගිය තවත් පුද්ගලයන් පස් දෙනකුගේ මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වූ බවත් ඒ සමගම අනතුරින් මිය ගිය ගණන 11 දක්වා ඉහළ ගොස් ඇති බවත් සහන සේවා කණ්ඩායම් කියා සිටියේය. නැව අනතුරට ලක්වීමෙන් අනතුරුව එහි කපිතාන්වරයා වූ ෆ‍්‍රැන්සෙස්කෝ ෂෙටීනෝ (52) සමග සිදු කළ දුරකථන සංවාදයක් ඉතාලි වරාය අධිකාරිය විසින් පටිගත කර ඇති අතර එම සංවාදයට අනුව නැව අනතුරට පත් වූ අවස්ථාවේදී වෙරළාරක්ෂක අංශ මගින් නැවෙන් පිටවීමට උත්සාහ ගත් කපිතාන්වරයාට අනතුරට පත් නැව වෙත ආපසු යන ලෙස දන්වා ඇති අතර ඔහු එම නියෝග නොසලකා හැර ඇත. නැව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් නීතිවේදීන් විසින් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති අතර එහිදී, නැව කොරල් පරයේ ගැටුණු අවස්ථාව වන විට තමා සුක්කානම් මැදිරියේ සිටි අතර පසුව නැව ඇලවීමත් සමග තමන් මුහුදට වැටුණු නිසා තමාට නැවට ගොඩවීමට නොහැකි වූ බව කපිතාන්වරයා පැවසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දිවි ගැලවීමේ මෙහෙයුම්වල නිරත සහන සේවා කණ්ඩායම් පවසන්නේ තවමත් පුද්ගලයන් 24 දෙනකු අතුරුදන්ව ඇති බවය. අයහපත් කාලගුණික තත්වයක් පැවතිය ද අතුරුදහන් වුවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති. කොන්කෝඩියා නැව අනතුරට පත්වීමේදී දිවි ගලවාගත් අය අතර 1912 ටයිටැනික් නෞකාවේ අනතුරින් දිවිගලවාගත් අයෙකුගේ මිණිබිරියක සිටින බව ද වාර්තා වේ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙරැළුණු නැව අතහැර ගියැයි කරන චෝදනා කපිතාන් ප‍්‍රතික්ෂේප කරයි