බි‍්‍රතාන්‍යයේ ඩෙවොන් ප‍්‍රාන්තයේ වෙස්ට්වුඞ් මහත්මියගේ බළල් සුරතලා වන මර්ලින් උස් හඬින් පුරු පුරු ගෑමේ හපනෙකි.
ජංගම දුරකථනයක වූ ශබ්දයේ තීව‍්‍රතාවය මිනිය හැකි මෘදුකාංගයක් ආධාරයෙන් මර්ලින්ගේ පුරුපුරුවේ තීව‍්‍රතාවය මැනි විට එය ඩෙසිබල් 98 ක උපරිම අගයක් ලෙස සටහන් වූ බව වෙස්ට්වුඞ් මහත්මිය කියයි.සාමාන්‍ය අගය පැවත ඇත්තේ ඩෙසිබල් 68---70 අතර කලාපයේය.ඒ බැව් සනාථ කෙරෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කිරීමටද ඇය කටයුතු කර ඇත.මර්ලින් පුරුපුරු ගානා විට එය විදුලි බුරුමයක් ක‍්‍රියාත්මක වීමේදී නැගෙන හඩක් මෙන් උච්ච ස්වරයෙන් ශ‍්‍රවනය කළ හැකි බවද ඇය පවසයි.
තෘප්තිමත් බව පෙන්වීමට බළලූන් පුරුපුරු ගානා බවට විශ්වාස කළද ඒ පිටුපස ඇති සැබෑ හේතුව තවමත් අභිරහසකි.සොයාගෙන ඇති පරිදි මේ පුරුපුරු ශබ්දය නැගෙන්නේ ඔවුන්ගේ ස්වර තන්ත‍්‍ර හරහා වාතය වේගයෙන් ගමන් කිරීම නිසාවෙන්ය. සාමාන්‍යයෙන් බල්ලකුගේ පුරුපුරුවේ තීව‍්‍රතාවය ඩෙසිබල් 25 ක පමණ අගයක් ගනී.
ලෝකයේ උච්චතම පුරුපුරුවට හිමි ගිනස් වාර්තාවට දැනට හිමිකම් කියන්නේ ‘‘ස්මෝකි’’ නම් බළලෙකි. ඌ නඟන පුරුපුරුව ඩෙසිබල් 67 කි.එය පන්තිකාමරයක සිසුන් එකිනෙකා සමග කතිකා කරමින් සිටින අවස්ථාවකදී නැගෙන ශබ්දයට සමාන කර තිබේ.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුරු පුරු පූසා විදුලි බුරුමයක් වගේලු
හිල්ම් Friday, 11 January 2013 10:15 PM
ඔන්න වැඩ (දී)
ප්‍රසන්න Saturday, 12 January 2013 12:27 PM
මෙහි අරමුණ කුමක්ද ? (ස)
රොහාන් Saturday, 12 January 2013 12:30 PM
පූසගේ කණ ඇල්ලුවහම පුරු පුරු ගාණවා (ස)
රොහාන් Saturday, 12 January 2013 12:34 PM
ෂොක් දිවක්නේ මෙයාට තියෙන්නේ (ස)
අමිත Saturday, 12 January 2013 11:46 PM
ලස්සන ඤාව්වා... (නි)
උපාලි Sunday, 13 January 2013 12:34 AM
අපෙත් ඉන්නවා පූසෙක්. හැබැයි උගේ පුරු පුරු ගාණට තමයි. (නි)
ටේරා Sunday, 13 January 2013 04:19 PM
පුරු පුරු පූසා... කිවු කිවු ගානවා... (නි)
ජයනෙත්ති Tuesday, 15 January 2013 08:49 PM
බළලුන්ට පුරු පුරු ගාන්න තහනම්ද ?(ස)
ප්‍රභාවි Saturday, 12 January 2013 09:34 AM
මේ ඉන්නේ පිස්සු පූසාගේ පුරු පුරු පූසාම තමයි. (නි)
ජයනෙත්ති Tuesday, 15 January 2013 09:20 PM
මොනවා උණත් මෙයා පරණම බළලෙක්. ඒකනේ කළු සුදු (ස)
අජිත් කරුණාරත්න Monday, 14 January 2013 08:51 AM
අපෙත් බළල්ලු පහුගිය දවස් වල පුරු පුරු ගාලා අන්තිමට මල්ලෙනුත් පැන්නා. (නි)
ලලිත් Sunday, 13 January 2013 05:55 PM
පුදුම පුසෙක් (දී)
අංජලා Wednesday, 16 January 2013 09:57 AM
පූසා පුරු පුරු නොගා බව් බව් ගාන්නද අනේ?(ස)
චන්ද්‍රා-සිඩ්නි Saturday, 12 January 2013 03:56 AM
ඤාව්... (නි)
මුතුකුඩ Sunday, 13 January 2013 07:25 PM
මගේ ඇඳ ළග ඉන්න යාලුවා නිදාගත්තහම ගාන පුරුපුරුවත් හරියට මොරටුවේ කලුවර බුරුත කොටයක් ඉරනවා වගෙයි. (නි)