ස්පාඤ්ඤ එඬේරුන් පිරිසක් තම බැටළුවන් 2000 ක් පමණ මැඞ්රිඞ් අගනුවර වෙත ගෙන ආහ.
එසේ කෙළේ පුරාණයේ සිට පැවත එන චාරිත‍්‍රයක් සිහි කැදැවීමටය.
උණුසුම් වසන්ත සමයේදී ස්පාඤ්ඤයේ කඳුකර ප‍්‍රදේශයන්හි සිටිමින් සිය සතුන් රැකබලා ගන්නා එඬේරු ශීත සමය එළැඹෙන විට සතුන් සමග පහළ තැනිතලා ප‍්‍රදේශ වෙත පැමිණේති. එසේ පහළ තැනිතලා බිම් වෙත පැමිණීමටත් දේශගුණය වෙනස් වන විට නැවත කඳුකර ප‍්‍රදේශකරා යාමටත් ඔවුන්ටම විශේෂ වූ මාර්ග පැවැතිණි.
මැඞ්රිඞ් නගරය මේ විශේෂ මාර්ග වල සංධිස්ථානයකි.ඒ අතිතයේ මැඞ්රිඞ් නගරය රටේ ආර්ථික මර්මස්ථානය වූ නිසාවෙනි.
කාලයාගේ ඇවෑමෙන් එඬේර සංස්කෘතිය ක‍්‍රමයෙන් වියැකී යන්නට පටන් ගත් අතර වර්තමානයේ ස්පාඤ්ඤයේ බැටලූ පාලනය බොහෝ විට සිදු කෙරෙන්නේ ගොවිපොළේදීය.
නමුත් සාම්ප‍්‍රදායික ක‍්‍රමය අනුගමනය කරමින් බැටළුවන් පාලනය කරන එඬේරු ස්පාඤ්ඤයේ තවමත් සිටී.ඔවුන් අතීතයේ තම මුතුන්මිත්තන් කළ පරිදි සිය බැටලූවන් ඇති දැඩි කරයි.
සිය සතුන් රටේ විවිධ ස්ථාන වලට ගෙන යෑමට ඔවුන් තවමත් භාවිතා කරන්නේ තම මුතුන් මිත්තන් භාවිතා කළ මාර්ගමය.එනිසා ක්වේ.
මැඞ්රිඞ් නගරයට එඬේරුන් සමග පැමිණි බැටලූවෝ ජනාකීර්ණ වීදි තමන් සතු කර ගනිමින් දකුණු ප‍්‍රදේශය බලා ගමන් ගත්හ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙර සිරිතට බැටළුවෝ මැඞ්රිඞ් එති
හේමන්ත Monday, 29 October 2012 05:25 PM
සත්ත්ව හිංසාවක මහත .මේ සතුන් එක පිට එක යටවෙලා මැරෙනවා නේද? (නි)
තුවාන් Monday, 29 October 2012 07:49 PM
මේ බැටළුවෝ ටික අපිට දුන්නානම් අපි ආගමානුකූලව මොනවා හරි කරනවනේ (ස)