IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී

‘වෂී’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව පිලිපීනය හරහා හමා යෑමත් සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 600 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 200 දෙනෙක් අතුරුදන් වූහ. ‘වෂී’ සුළි කුණාටුවෙන් බරපතළහානි සිදුවී ඇත්තේ පිලිපීනයට අයත් කුඩා දූපත්වලටය. එම දූපත්වල ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ. උන්හිටි තැන් අහිමිවූවන්ගේ ගණන ලක්ෂයකි. පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් හමා ගිය ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණේ ඉකුත් සිකුරාදා (16) රාති‍්‍රයේය. කුණාටුව හේතුවෙන් පැය 12 ක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැලූණු බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මහ වැසි සමඟ පළාත් රැුසක හදිසි ජල ගැලීම් සහ නායයෑම් හටගත් අතර ඊට බිලිවී ඇත්තේ නිවෙස්වල නිදා සිටි පිරිස්ය. කුණාටුව හමා එද්දී මූදු ගිය ධීවරයන් 400 දෙනකු  ද අතුරුදන්ව ඇතැයි වෙරළාරක්ෂක නිලධාරීහු පවසති. නායයෑම් නිසා ටොන් ගණනක් බර පස් තට්ටු යට සිරවූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදු කෙරෙන අතර වර්ෂාව ඊට බාධාවක් වී තිබේ. සහන සේවා නිලධාරීන්ගේ සහායට හමුදා නිලධාරීන් 2,500 ක් යෙදවීමට පිලිපීනය රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් ප‍්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ප‍්‍රදේශ රැුසකට විදුලි බලය ද අහිමි වී ඇත. පිලිපීනය සෑම වසරකම  චණ්ඩ මාරුත සහ සුළි කුණාටුවලින් බැට කන රටකි. එරට කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ සෑම වසරකට සුළි කුණාටු 20 කට වැඩි ප‍්‍රමාණයක් පිලිපීනය හරහා හමා යන බවය. ඉකුත් සිකුරාදා පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණු අති ප‍්‍රබල සහ අති බිහිසුණු සුළි කුණාටුවක් යැයිද කාලගුණ විද්‍යා බලධාරීහු පෙන්වා දෙති. ‘වෂී’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දේපොල හානිය අතිමහත් බවත් එය කොපමණදැයි තවමත් ගණන් බලා නැති බවත් පිලිපීන බලධාරීහු වැඩි දුරටත් පවසති. හදිසියේ ඇති වූ ගංවතුරට ගසාගෙන ගිය වාහන



අදහස් (0)

පිලිපීනයට කඩා වැදුණු ‘වෂී’ සුළි කුණාටුව 600 ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීන ජනපති වියට්නාමයේ
2025 අප්‍රේල් මස 15 34 0

එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකාවේ තීරු බදුවලට විරුද්ධ වෙන්නැයි


වැලි කුණාටුවකින් ඉරාකය බැටකයි
2025 අප්‍රේල් මස 15 29 0

ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය වැලි කුණාටුවකික් හේතුවෙන් දහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව පැවැසෙයි.


ඉරාන විදෙස් ඇමති රුසියාවේ
2025 අප්‍රේල් මස 15 32 0

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි රුසියාව බලා යැෑමට නියමිතය. මේ වනවිට ඉරානයත් රුසියාවත් අතරේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙය


ලෙබනන් අගමැති සිරියාවේ
2025 අප්‍රේල් මස 15 12 0

සිරියාවත්, ලෙබනනයත් අතරේ යළි සබඳතා ඇති කර ගැනීමට ලෙබනනය සූදානම් වන අතර‍, ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් සිරියාවට පැමිණ, සිරියාවේ නව අන්තර්වාර ජනාධිප


තිරසාර සාමයකට පුටින් කැමතියි
2025 අප්‍රේල් මස 15 31 0

තිරසාර සාම වැඩපිළිවෙළකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් පවසයි.


පේරු රටේ ජාතික ශෝක කාලයක්
2025 අප්‍රේල් මස 15 19 0

පේරු ලේඛකයකු සහ නොබෙල් ත්‍යාගලාභියකු වන මාරියෝ වර්ගාස් ලෝසාගේ අභාවය හේතුවන්, පේරු රටේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 131 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 910 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site