පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ද සටනක් පැවැතියේ, පිලිපීන 'පී.ඊ.පී' ජාතික පක්ෂය නියෝජනය කළ බොන්ග්බොන්ග් සහ 'ලිබරල්' පක්ෂ අපේක්ෂිකාව ලෙනී රොබ්රේඩෝ අතරේය.
නිල නොවන වාර්තා අනුව, බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් (කණිෂ්ඨ) ලබා ගත් ඡන්ද ගණන මිලියන 18 කි. ලෙනී රොබ්රේඩෝ ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද මිලියන 8.5 ක් පමණි. 54 හැවිරිදි ලෙනී රොබ්රේඩෝ, පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උප ජනාධිපති ලෙස වසර 6 ක් එම ධුරයේ රැඳී සිටීමෙන් පසුවය.
1987 සම්මත කරගත් පිලිපීන ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර 6 ක් පමණි. ඔහුට හෝ ඇයට යළි ජනපතිධුරය වෙනුවෙන් තරග කළ නොහැකි වෙයි. ඒ අනුව, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. උප ජනාධිපතිවරයාට, ජනාධිපති අපේක්ෂක ලෙස ඉල්ලුම් කළ හැකිය. ලෙනී රොබ්රේඩෝ ජනාධිපති සටනට ඉදිරිපත් වූයේ ඒ අනුවය.
පිලිපීන ජනාධිපතිවරණය සමඟ උප ජනාධිපතිවරණය ද පැවැත්විණි. බොන්ග්බොන්ග් ජනාධිපති ධුරයට තරග වදිද්දී, ඔහුට සහාය පළ කරමින් ඔහුගේ 'සෙවනැල්ල' ලෙස උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වැදුණු අපේක්ෂිකාව ඉන්ඩේ සාරා ඩුටර්ටේ ය. 43 හැවිරිදි සාරා, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණියයි. ඉන්ඩේ සාරා ඩුටර්ටේ නීතිඥවරියකි. 2010 සිට 2013 දක්වාත්, ඉන්පසු 2016 සිට 2022 දක්වාත් පිලිපීනයේ ඩාවෝ නගරාධිපතිනිය ලෙස කටයුතු කළේ ඉන්ඩේ සාරා ඩුටර්ටේය.
බොන්ග්බොන්ග්, ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ බිරිඳ ඉමෙල්ඩාගේ එකම පුත්‍රයා ය. ජනතාව පීඩාවට පත් කළ ඒකාධිපති පාලකයකු ලෙස ෆර්ඩිනැන්ඩ් මාකෝස් සැලෙකන අතර, ජනතා මුදලින් 'සුරසැපවිඳි' ජනාධිපති ආර්යාවක ලෙස සැලකෙන්නේ ඉමෙල්ඩා ය. අවසානයේ දැඩි ජනතා විරෝධය මැද, ඇමෙරිකාවේ සහාය ලබා ගනිමින් හවායි හි පදිංචියට ගිය ෆර්ඩිනැන්ඩ් මාකෝස් දැඩි ලෙස රෝගී වී මියගියේ හෘදයාබාධයකිනි. ඒ, 1989 වසරේදීය. ඉමෙල්ඩා ද පිලිපීන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සිවු වරක් තේරී පත් වූ තැනැත්තියකි. ඇය වඩාත් ප්‍රකට ජනතා මුදලින් මිල අධික සපත්තු එකතුවක් පවත්වාගෙන ගිය බවටය. 92 හැවිරිදි ඇය තවමත් ජීවතුන් අතර පසුවෙයි.
බොන්ග්බොන්ග් විවාහ වී ඇත්තේ 1993 වසරේදීය. ඔහුට දරුවන් තිදෙනෙකි. 1980 සිට 83 කාලයේ ඉලොකෝස් නෝටේ පළාතේ උප ආණ්ඩුකාරවරයා ලෙසත්, 1998 සිට 2007 තෙක් කාලයේ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර තිබේ.
2010 සිට 2016 තෙක් කාලයේ පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කිරීමට ද බොන්ග්බොන්ග් ට හැකියාව ලැබුණි. පිලිපීනය මුහුණ දෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදවලට පිළියම් යෙදීමටත්, රට ශක්තිමත් කිරීමටත් තමන් සූදානම් යැයි බොන්ග්බොන්ග් සිය මැතිවරණ රැළිවලදී පවසා තිබුණි.
(රොයිටර්)
යුක්රේනයෙන් එල්ල වන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට රුසියාව සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. රුසියන් ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, රුසිය
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ආකාරයට කටයුතු කළැයි චෝදනා ලැබූ හොංකොං හි ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් 45 දෙනකුට සිර දඬුවම් නි
නවසීලන්ත වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වයි. ඒ, නවසීලන්තයේ ආදිවාසී මෞරි ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරන ආකාරයේ නව පනත් කෙටුම
චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ
දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිලිපීන ජනපතිවරණයෙන් බොන්ග්බොන්ග් ඉදිරියට