ඉරාන ජාතික අමූ හජි වසර 60 කින් ස්නානයක් සිදුකරගෙන නැත.
නමුත් ඔහුගේ උත්සාහය අඹුවක් සොයාගැනීමය.
අමූ හජි නම් වන මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉරානයේ දකුණු දිග පිහිටි ඩෙජාග්හ් ආසන්නයේ තමන්ම හාරාගත් ගුලකය. ඔහු ගැන සැළකිලිමත්වන ගම්වැසියන් ඔහුටම කියා නිවසක් තනා දී ඇතත් එහි විසීමට අමූගේ වැඩි කැමැත්තක් නොමැත.
අමූට බිරිදක් අවශ්‍ය නම් ඔහු පළමුව නා පිරිසිදු විය යුතුවේයැයි සිතූ ගමේ ගැටව් පිරිසකගේ ජල ප්‍රහාරයකිනුත් අමූ බේරී ඇත්තේ මෑතකදීය.
මින් පෙර ලොව වැඩිම කාලයක් ස්නානය නොකොට වාර්තාවක් තබා තිබූයේ ඉන්දීය ජාතිකයෙකි.වාර්තාවට අනුව ඔහු වසර 38 ක් කිසිදු අයුරකින් ඇග පත පිරිසිදු කර ගැනීමෙන් වැළකී සිට ඇති අතර දැන් අමූ ඒ වාර්තාව බිද හෙළා ඇති සෙයක් පෙනේ.
අමූ ජලය හා ගනුදෙනු කරන්නේ පිපාසය නිවා ගැනීමට අවශ්‍ය වූ විට පමණකි.එයද කබල් ඛෙලෙක්කයකට ඔහුගේ ගුල ආසන්නයේ ඇති වතුර වළකින් ගන්නා ජලයෙනි.
අමූ ආහාර ලෙස ගන්නේ මැරුණු සතුන් හා ශාඛ කොටස්ය.සැන්දෑ යාමයේ හේ තම පයිප්පයට සතුන්ගේ මළ අපද්‍රව්‍ය වලින් සාදාගත් ‘දුම්කොළ‘ පුරවා එය දල්වාගෙන උරයි.රැවුලූ කොණ්ඩා කපා ගැනීමට අවශ්‍ය වූ විට හේ ඒවාගේ වැඩි හරිය ගින්නට අල්ලා පුලූස්සා දමයි.ගෝණි පඩංගු වලින් විළිවසාගන්නා ඔහු සීත සෘතුවේ පමණක් තොප්පියක් පළදී.
තරුණ කාලයේ තමන්ට සිදුවූ අකටයුතුකම් නිසා මෙසේ සමාජයෙන් ඉවත්ව වෙසෙන බව ඔහු කියයි. අවශ්‍යතාවලින් පිරී නොමැති තමන් ගෙවන මේ දිවිය ඉතා නිදහස් යැයි ඔහු පවසයි.
මේ සා දිවි පෙවෙතක් ගත කළත් ඔහුට ඉහෙන් බහින තරම් රෝගයක්ද නොමැත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පවට පින දෙන්න බෑ
සෑම් Thursday, 16 January 2014 12:20 PM
මේ ප්‍රවෘත්තියට අනුව මේ මනුස්සයා පව් කරලත් නැහැ. මාතෘකාවේ කියන අන්දමට ''පවට'' පින් නොලැබිලවත් නැහැ. කතාව සම්පූර්ණයෙන්ම කියවා බලා පහත ඇති බුදු වදන සමග සංසන්දනය කරලා බලන්න පව සහ පින අර්ථකථනය කිරීම කොතරම් හරිද කියලා. අරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමා ඥාතී නිබ්බානං පරමං සුඛං.(නදී)
කෙනත් Thursday, 16 January 2014 12:32 PM
මිනිසත් බව ලැබුවත් මිනිසෙකු ලෙස ජීවත් වන්නට පිනක් නැති නිසා තමයි මිහිපිට වෙසෙන පෙරේතයෙකු වගේ ජීවත්වන්නේ. මේ පිනෙහි අඩුවක් නිසා මනුසත් බවේ සුව ලබන්නට හිත දෙන්නේ නැත. මේ වගේ කතා ඕනෑ තරම් සුත්‍ර පිටකයේ සොයාගන්න පුළුවන්. කෙනෙක් දානයක් දී පසුව ඒ ගැන ලොබ සිතින් පසුවේද, සිත අසතුටින් දන් දෙයි ද ඔහුට දානයෙහි විපාක ලෙස සුව පහසු සැප සම්පත් ලැබුවද ඒවා භුක්තිවිදීමට සිත නොදේ, හිගන්නෙකු මෙන් ජීවත්ව මියයන සිටුවරයෙක් බුද්ධ කාලයේ කොසොල් දනව්වෙහි සිටියා.(නදී)
ජනා Thursday, 16 January 2014 12:49 PM
සෑම්,මෙය බුදු වදන් හා සංසන්දනය කරන්න උත්සාහ කරන්න එපා.. බුදු වදන් බුද්ධිමත් භාවයෙන් යුතුව අත්හැරීම පිළිබඳව මග පෙන්වනවා (දිල්)
පහන් Thursday, 16 January 2014 01:06 PM
බුදුදහමේ ඇති පරම සත්‍යය ලියා මතක් කර දීමත් මහා පින්කමක් .නැවත නැවත ලියන්න .(දිල්)
දයා අලහකෝන් Thursday, 16 January 2014 02:30 PM
මේක කියවද්දි මට මතක් වුණේ මට්ටකුන්ඩලී කතාව. (ත)
හේමන්ත Thursday, 16 January 2014 03:02 PM
මෙයාලාට තමා ද්විහේතුක කුසල කාර්ම වලින් ඉපදුනු අය කියා කියන්නේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබන්න කුසල ප්‍රමාණවත් නැහැ. මනුෂ්‍යාත්මය ලැබුවද එය විදින්න වාසනාවක් නොමැත. (නදී)