දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පොත යළි ලැබී ඇත්තේ තැපෑලෙනි. එය කවුරුන් විසින් එවනු ලැබූවක්දැයි සඳහන් වී නැත. පුස්තකාල බලධාරීන් පොත පරීක්ෂා කරද්දී එය වසර 31 කට පෙර, ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය එකක් බව තහවුරු විය.
පොත සම්බන්ධයෙන් පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් පළ කර ඇත. ඒ පොතේ ඡායාරූපයක් මෙන්ම පුස්තකාලයේ රම පොතට අදාල කාඩ්පත ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
'අපේ පුස්තකාලයෙන් රැගෙන ගිය පොතක් ආපසු ලැබුණා. පොත රැගෙන ගියේ කවුරුන්දැයි හෝ එය අපට ආපසු ලැබෙන්න සැලැස්සුවේ කවුරුන්දැයි දන්නේ නැහැ. කියන්න කැමතියි නියමිත දිනයට වඩා වසර 31 කට පසුවයි පොත ආපසු ලැබුණේ.' යැයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙයි.
පුස්තකාලයේ කාඩ්පතට අනුව, 'තෝමස් ඒබීසී' නමැති මෙම ළමා කතා පොත රැගෙන ගොස් ඇති බවට සටහන් වන්නේ, 1993 මාර්තු 25 වැනිදාය. නත්තල් දා පොත ලැබුණු බැවින්, එය නත්තලේ සිදුවුණු 'ප්‍රාතිහාර්යයක්' ලෙස තමන් සලකන බව පුස්තකාල බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
(යූ.පී.අයි.)
නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරි
ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, ගාසා තීරයේ රෆා දේශසීමාව මේ වනවිට විවෘත වී ඇත.
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් තිදෙනකු
ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. මියගිය පිරිස අතරේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
Bunny Preena Monday, 06 January 2025 11:26 AM
පොතක් සාමාන්‍යෙයන් බේරෙට ගෙනියනකොට පොතක නම, ගම සහ ලිපිනය සඳහන් කරගන්නවා නේද? එහෙම එකක් වෙලා නැතිවා වත්ද?