IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පස් වියැති දියණිය පියා බේරාගනී

දියවැඩියා කෝමා තත්ත්වයට ගොදුරු වී මරණය පෙනි පෙනී සිටි සිය පියාට නිවැරදිව එන්නත ලබා දුන් පස් හැවිරිදි දැරියක් බ්‍රිතාන්‍යයේ වීරවරියක වී සිටියි.

හෝලි ප්‍රයිස් නමැති මේ දැරිය සිය පියා සමග කන්ටිඩර්හැම් හි ස්ටැන්ලි නගරයේ ජීවත් වූවාය.

සිය කාමරයේ සිට විසිත්ත කාමරයට පැමිණි මේ දැරිය දැක ඇත්තේ සිය පියා සිහිසුන්ව මෙන් නිවසේ සෝපාව මත වැතිර සිටින ආකාරයයි. කලබල නොවූ දැරිය රුධිරයේ සීනි මට්ටම වැඩි කරන ග්ලූකොජන් නමැති එන්නත සීතකරණයෙන් ගෙන පියාගේ උදරයට එන්නත් කර ඇත.

පසුව මේ බව තම මවට ජංගම දුරකතනයෙන් දන්වා ඇති ඇය මව එන විට පරිගණක ක්‍රීඩාවක යෙදෙමින් සිට ඇත. මව පියාගෙන් වෙන්ව වාසය කරයි. හෝලි ගේ පියාවන බාර්කිස් මහතා අවුරුදු 33 ක් තිස්සේ දියවැඩියා තත්වය පාලනය සඳහා ඉන්සියුලින් භාවිතා කරන්නෙකි. බාර්කිස් පවසන්නේ තම දියණිය විසින් ඔහුව මරණයෙන් බේරා ගත් බවයි. තම දියණිය නොවන්නට සෝපාව මත අවසන් හුස්ම හෙලන්නට සිදුවන බව බාර්කිස් කියයි.

 

 



අදහස් (0)

පස් වියැති දියණිය පියා බේරාගනී

ගාමිණී - සිරි Sunday, 16 February 2014 08:57 PM

මවත් ළඟ නොසිටි අවස්තාවක, ලා බාල දුවණියගේ කාර්යශීලී නුවණ අනාගතයේ දොස්තර කෙනෙක් වීමේ ලක්ෂණ පිළිබිඹු වෙයි.දුවට සම්මානයක් ලැබීම මෙන්ම ,වෙන්වූ මව නැවත එකතු කිරීමත් හේතුකොට ගෙන ඊටත් සම්මානයක් දීම ,වැදගත්ය.(දී)

:       0       0

තක්සිලා මදුභාෂිනී Tuesday, 18 February 2014 07:55 AM

දුව ඔයා වීරවරියක්. ජේසු පිහිටයි.(නදී)

:       0       0

රජින්ද Monday, 17 February 2014 01:31 AM

මැය දෙස බලන කල්හිද මැයගේ පින්වන්ත සිරියාවක් පෙනේ. වාසනාවන්ත දැරිවියකි.!(දිල්)

:       0       0

ලසන්ත Tuesday, 18 February 2014 08:31 AM

ලංකාවෙත් මෙහෙම අය ඉන්නවා කියා පුරාජේරු කතා කියන අය හරහා මෙය පහත් කොට කතා කරන කෙනෙක් මොනවා හරි කියන කන් මන් මේ බලන් උන්නේ.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Monday, 17 February 2014 05:39 AM

දරුවන්ට හරි දේ හරි විදිහට කියල දීමේ ප්‍රතිඵල. (දිල්)

:       0       0

සරත් පර්ත් Monday, 17 February 2014 06:04 AM

වාසනාවන්ත පියෙක් සහ නැණවත් දියණියක් දෙදෙනාටම දිගාසිරි පතමි (දිල්)

:       0       0

බුද්ධික චතරංග Tuesday, 18 February 2014 09:34 AM

ආඩමිබරයි පුතේ........ (දී)

:       0       0

ජානක Monday, 17 February 2014 09:58 AM

මේ වගේ දරුවෝ හරි වාසනාවක් . (නදී)

:       0       0

ශිලා Friday, 21 February 2014 09:12 PM

සත්‍යා ජෙසුපිහිටයි තෙරුවන් සරණයි දෙකම ආශිර්වාද!ආගම් වලට ගරු කරන්න ඉගෙන ගන්න! (දී)

:       0       0

අමරජීව Friday, 21 February 2014 11:01 PM

වාසනාවන්ත දරුවෙක් (දිල්‍)

:       0       0

සිරිසේන Thursday, 20 February 2014 01:26 AM

අපේ රටේ මේවගේ දරුවෝ ඕන තරම් ඉන්නවා (අ)

:       0       0

ආනන්ද ජයරත්න Thursday, 20 February 2014 04:15 AM

මද්දුම බන්ඩාරලා වගේ එඩිතර දරුවෝ ඉපැදුනු රටක් මේක ලංකාවෙ මෙහෙම අය නැහැයි කියලා හිතන එක ඹබලාගේ දැනුම පිලිබඳ ප්‍රශනයක් (අ)

:       0       0

චින්තක Sunday, 16 February 2014 07:06 PM

නියම පුංචි වීරවරිය.සුබ පැතුම් චුටි දුවට.(දී)

:       0       0

සත්‍ය්‍යා Thursday, 20 February 2014 06:32 AM

තක්ෂිලා මධුභාෂිනී! ඇත්තෙන්ම දෙවියෙක් හිටියනම් ඇගේ තාත්තාව බේරගන්න දියණියට ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. මේ කුඩා මිනිස් දියණිය දෙවියන්ටත් කරන්න බැරි හපන් කමක් කරලා තියෙන්නේ. මේ දරුවාටත් රෝගී ඇගේ පියාටත් තෙරුවන් සරණයි. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Sunday, 16 February 2014 07:28 PM

චුටි දූ පැටියා තාත්තාට ගොඩාක් ආදරෙයි.කොහොමටත් දුලා තම පියාට තමයි වැඩියෙන් ආදරේ.මොනවා වුනත් චුටි දු පැටියාට තෙරුවන් සරණ හා දේව ආරක්ෂාව ලැබේවා.(දී)

:       0       0

නන්දනී පෙරේරා Sunday, 16 February 2014 08:04 PM

මේ සුරතල් සිගිති දියණිය ඇත්තටම පුංචි වීරවරියක් (දී)

:       0       0

ජ. තිසර Tuesday, 18 February 2014 03:09 PM

ලසන්ත, මෙවැනි වීර ක්‍රියාවන් කරන ස්ථානෝයිත ප්‍රග්ඥාවන් ඇති දරුවන් ගැන ලෝකයේ ඉඳහිට අසන්නට ලැබේ. ඇත්තෙන්ම මේ දරුවා කර ඇත්තේ ඇය ගෙදරදී නිතර දකින දෙයකි. ඇයට පියාගේ හදිසි අවස්ථාව ගැන පැහැදිලි අවබෝධයක් තිබී ඇත. ලංකාවේද මෙවැනි දරුවෝ සිටිති. ඔවුන්ගේ වීර ක්‍රියා ගැනද අසන්න ලැබේ. කරණාකර වරදවා තේරුම් නොගන්න. මෙය පුරාජේරු කීමක් නොවේ. ලංකාදීපයේ, පහත වෙබ් අඩවිය බලන්න .(දී) http://www.lankadeepa.lk/index.php/articles/36920 (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 241 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 199 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 558 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 82 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 508 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site