IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


පළමු වරට ඉරාන ජනාධිපති හමුවෙයි

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මස්මූඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෝදි සහ ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

හමුව පැවැත්වූයේ රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය. ඉරානය ද ‘බ්‍රික්ස්’ සමුළුවේ සාමාජික රටකි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූයේ මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙනි.

ඊශ්‍රායල හමාස් ගැටුමේ තවත් දිගුවක් ලෙස, ඊශ්‍රායලය මේ වනවිට ලිබියාවේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. ඊට අමතරව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනී ප්‍රමුඛ ඉරාන ඉස්ලාමීය නායකයන් ඝාතනය කරන බවට ඊශ්‍රායලය දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර ඇත.

ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ යුද්ධයක් හටගත්තොත්, එය මැදපෙරදිග කලාපයට පමණක් නොව, මුළු ලෝකයටම බලපෑමක් එල්ල කරනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉරාන ජනාධිපති සමඟ පැවැසුවේය. ඉරානය සැමවිටම සාමය අපේක්ෂා කරන නමුත්, යුද්ධයක් සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ද ඉරාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවැසූ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පළමු වරට ඉරාන ජනාධිපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 25 417 0

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළ


මහ වැසි සහ තද සුළං: ‘ඩානා’ ඉන්දියාවට
2024 ඔක්තෝබර් මස 25 11 0

මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 110 ක වේගයකින්, ‘ඩානා’ සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාලයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ ලක්ෂ 2


දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා
2024 ඔක්තෝබර් මස 25 234 0

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ටාර්සන් නළු රොන් එලි සමුගනී
2024 ඔක්තෝබර් මස 24 2781 0

1960 දශකයේ, ‘ටාර්සන්’ රූපවාහිනී ටෙලි කතා මාලාවේ ටර්සන් චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු රොන් එලි දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 86 කි.


තුර්කි අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 24 3387 0

තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.


පළමු වරට ඉරාන ජනාධිපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 23 141 0

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මස්මූඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්විණි. අග්‍රාමාත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 872 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site