ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.
කොන්සවර්ටිව් පාක්ෂිකයකු වන 73 හැවිරිදි මිකෙල් බානියේ, මහා බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්‍රක්සිට්’ ක්‍රියාවලියේ දී බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වීමේ දී යුරෝපා සංගමයේ නියෝජිතයකු ලෙස කටයුතු කර ඇත.
ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් පවතී. ඒ, හදිසියේ පැවැත්වුණු ප්‍රංශ මැතිවරණයේ දෙවැනි සහ අවසන් යටයේ දී දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට වඩා, වාමාංශික දේශපාලන පක්ෂ එක් වී, පිහිටුවාගත් සන්ධානයට වැඩි බලයක් හිමිවීමත් සමඟය.
වැඩි බලයක් හිමිවුවත්, රජයක් පාර්ලිමේන්තුවේ බහුතරය කිසිදු පක්ෂයකට හිමි නොවිණි. මැක්රොන් මධ්‍යස්ථමතධාරියෙකි. මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරීන්ට පවා රජයක් පිහිටුවීමට හැකියාවක් ලැබී නැත.
මෙම අර්බුදය හේතුවෙන්, දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ද පසු, මැතිවරණය පවත්වා දින 50 ක් ගතවෙද්දී, භාරකාර රජයක් පිහිටුවීමට කටයුතු යෙදුණු අතර, එහි අග්‍රාමාත්‍ය ධුරය සඳහා ජනපති මැක්රොන් තෝරා ගත්තේ මිකෙල් බානියේය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ