ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට අග්‍රාමාත්‍ය ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ නම් කර ඇත. 73 හැවිරිදි ෆ්‍රන්සුවා බවුරෝ කෘතහස්ථ දේශපාලනඥයෙකි.
ප්‍රංශයේ මහ මැතිවරණය පැවැත්වූයේ මීට මාස 6 කට පෙරය. එයින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය.
මැක්රොන් විසින් මීට පෙර අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබූ මයිකල් බානියේ පසුගිය දා විශ්වාසභංගයකින් ඉවත් කෙරුණි. මෑත ඉතිහාසයේ අඩුම කාලයක් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ පුද්ගලයා වන්නේ, මයිකල් බානියේය.
බානියේට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒම සිදුවූයේ ඔහු අයවැය පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව සිදු කළ කප්පාදු ජනතා අප්‍රසාදයට හේතුවක් වීම නිසාය. මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රන්සුවා බවුරෝ නම් කළේ ඉන් අනතුරුවය.
මැක්රොන්ට ද ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් බලපෑම් කරයි. කෙසේ නමුත්, පස් අවුරුදු ජනාධිපති ධුර කාලය අවසන් වෙන තුරු තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අවධාරණය කර ඇත. මැක්රොන්ගේ ජනාධිපති ධුරය අවසන් වෙන්නේ 2027 දීය.
දෙමළ, තෙළිගු සහ මලයාලම් සිනමා නිර්මාණ හරහා නිතර දකින්න ලැබෙන සම්මානනීය සුරූපී නිළි කීර්ති සුරේෂ්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා ඉතාමත්චාම් අයුරින් දක
ජෝර්ජියා ජනාධිපති ධුරය හිටපු පාපන්දු ක්‍රීඩකයකු ද වන 53 හැවිරිදි මිකෙල් කැවෙලෂ්විල්ට හිමි වනු ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනා
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට අග්‍රාමාත්‍ය ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ නම් කර ඇත. 73 හැවිරිදි ෆ්‍රන්සුවා බවුරෝ කෘතහස්ථ දේශපාලනඥයෙකි.
මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේට
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ප්‍රංශ අගමැති ධුරයට ෆ්‍රන්සුවා බවුරෝ