පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 14 ක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
88 හැවිරිදි ශුද්ධෝත්තම පාප්තුමන් රෝමයේ ගෙමෙලි රෝහලේ ප්‍රතිකාර ලබන්නේ පසුගිය පෙබරවාරි 14 වැනිදා තිස්සේය. පෙනහළු ආසාදනය හේතුවෙන් නිව්මෝනියා තත්ත්වකටත්, වකුගඩු අක්‍රියවීමේ අවදානමකටත් පාප්තුමන් මුහුණ දුන්නේය. පාප්තුමන්ට ඉක්මන් සුවය පතා වතිකානයේ පමණක් නොව, ලොව පුරා විශේෂ යාඥා මෙහෙයුම් පැවැත්විණි.
තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසඟවා ලොවට පවසන්නැයි පාප්තුමන් කර ඇති ඉල්ලීමට අනුව, වතිකානය පැය 24 පුරා පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටී.
වෛද්‍යවරුන් උබුටා දක්වමින්, වතිකානය පවසා ඇත්තේ, මේ වනවිට පාප්තුමන්ගේ ජීවිතයට කිසිදු අනතුරක් නොමැති බවත්, එතුමන්ට අඩුම තරමින් තරැව සති තුනක් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමට සමඟමීව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ පළුදු වූ රා
පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 14 ක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වති
ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.
කොංගෝ ජනරජයේ, පැතිර යන අබිරහස් වයිරස රෝගයට මේ වනවිට 53 ක් බිලි වී ඇති බවත්, තමන් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක
චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රොබෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්,
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පාප්තුමාට සති කීපයක් රෝහලේ ඉන්න වේවි