දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පොත යළි ලැබී ඇත්තේ තැපෑලෙනි. එය කවුරුන් විසින් එවනු ලැබූවක්දැයි සඳහන් වී නැත. පුස්තකාල බලධාරීන් පොත පරීක්ෂා කරද්දී එය වසර 31 කට පෙර, ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය එකක් බව තහවුරු විය.
පොත සම්බන්ධයෙන් පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් පළ කර ඇත. ඒ පොතේ ඡායාරූපයක් මෙන්ම පුස්තකාලයේ රම පොතට අදාල කාඩ්පත ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
'අපේ පුස්තකාලයෙන් රැගෙන ගිය පොතක් ආපසු ලැබුණා. පොත රැගෙන ගියේ කවුරුන්දැයි හෝ එය අපට ආපසු ලැබෙන්න සැලැස්සුවේ කවුරුන්දැයි දන්නේ නැහැ. කියන්න කැමතියි නියමිත දිනයට වඩා වසර 31 කට පසුවයි පොත ආපසු ලැබුණේ.' යැයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙයි.
පුස්තකාලයේ කාඩ්පතට අනුව, 'තෝමස් ඒබීසී' නමැති මෙම ළමා කතා පොත රැගෙන ගොස් ඇති බවට සටහන් වන්නේ, 1993 මාර්තු 25 වැනිදාය. නත්තල් දා පොත ලැබුණු බැවින්, එය නත්තලේ සිදුවුණු 'ප්‍රාතිහාර්යයක්' ලෙස තමන් සලකන බව පුස්තකාල බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
(යූ.පී.අයි.)
චීනයේ පැතිරෙන, හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී. Human metapneumovirus (HMPV) වයිරස ආසාදිතයන් පළමු වරට ඉන්දියාවෙන් ද හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිරියානු කැරැල්ල ඔඩුදුවා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්, රටේ බලය අල්ලා ගනිද්දී, රුසියාවේ සහාය ඇතිව, රුසියාවට පලා ගිය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට වස ද
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන්, ඉන්දීය සංචාරයකට පැමිණ සිටී. ඉන්දු ඇමෙරිකා නැගි එන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට ද ජේක් ස
ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියෝ මොලෝනී, ඇමෙරිකාවට පැමිණ, නිල නොවන මට්ටමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ, ලිබරල් පක්ෂ නායකත්වයන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව එරට ‘ද ග්ලෝබල් ඇන්ඩ් මේල්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
Bunny Preena Monday, 06 January 2025 11:26 AM
පොතක් සාමාන්‍යෙයන් බේරෙට ගෙනියනකොට පොතක නම, ගම සහ ලිපිනය සඳහන් කරගන්නවා නේද? එහෙම එකක් වෙලා නැතිවා වත්ද?