IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බෙනඩික් පාප්තුමා ෆිදෙල් කස්ත්‍රෝ හමුවේ

කියුබාවේ සංචාරයකට පැමිණි, 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් පෙරේදා (28) ෆිදෙල් කස්ත්‍රෝ හමුවූ අවස්ථාවේදී, ඇමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක විවේචනය කරමින් එතුමන් කියා සිටියේ එමගින් කියුබානුවන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවය. රෝගාතුරුව සිටින ෆිදෙල් කස්ත්‍රෝ (85) සහ පාප්තුමන් අතර එම සුහඳ හමුව පැවැත්වූයේ පාප්තුමන්ගේ කියුබා සංචාරයේ අවසන් අදියරේදීය. කියුබානුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට සහ ඔවුන්ගේ නිදහසට ගරු කරමින් කටයුතු කරන්නැයි පාප්තුමන් ෆිදෙල් කස්ත්‍රෝගෙන් ඉල්ලා සිටියේය. පාප්තුමන්ගේ සහ වතිකානුවේ කටයුතු ගැනත් ජාත්‍යන්තර කටයුතු ගැනත් ඇමෙරිකාවේ සම්බාධක ගැනත් කස්ත්‍රෝ සහ පාප්තුමන් අතර කතාබහට ලක් වූ බව වතිකානුව නිවේදනය කළේය. අසනීප තත්ත්වය මුල්කොට ගනිමින් කස්ත්‍රෝ පාලන කටයුතුවලින් ඈත්ව සිටින්නේ ඔහුගේ සොයුරු රාවුල් කස්ත්‍රෝට බලය පවරා දීමෙන් පසුවය. කියුබාවට පැමිණි පාප්තුමන් හරසරින් පිළිගනු ලැබුවේ රාවුල් කස්ත්‍රෝ විසිනි. පාප්තුමන් කියුබානුවන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීය. කස්ත්‍රෝ, 1959 වසරේදී ඇමෙරිකා හිතවාදී ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් නෙරපා කියුබාවේ කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කිරීමෙන් පසු ඇමෙරිකා කියුබා සබඳතා මුළුමනින්ම බිඳ වැටුණි. ඇමෙරිකාව කියුබාවට එරෙහි ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවූයේ 1960 වසරේදීය. කියුබාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නේ නම් සම්බාධක වහා ඉවත් කරන බව ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත. කස්ත්‍රෝ පාප්තුමන් හමුවෙමින්



අදහස් (0)

බෙනඩික් පාප්තුමා ෆිදෙල් කස්ත්‍රෝ හමුවේ

ප්‍රසන්ත ධම්මික Friday, 30 March 2012 06:34 PM

ඇමරිකාවට බම්බුගහගන්න කියන්න. පහුගිය අවුරුදු පනහට වැඩිය අපි හිටියේ ඇමරිකාවේ හොදිකාලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site