බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල් ඊයේ (11) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයකු වූ මැක්ඇල්පයින් සාමිවරයා ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ බවට සාවද්‍ය ලෙස චෝදනා කරමින් විකාශය වූ වාර්තාමය වැඩසටහනක් මුල් කරගනිමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විය.
බීබීසී නිව්ස් නයිට් වැඩසටහන පැවැත් වූ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ අයෙක් සිදු කළ ප‍්‍රකාශයක් මේ සිද්ධියට තුඩු දී ඇත. 1970 දී තමා ළමා නිවසක සිටි බව පැවසූ එම පුද්ගලයා බි‍්‍රතාන්‍ය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු එහිදී තමාව අපයෝජනයට ලක් කළ බව සඳහන් කළේය.
ඉකුත් සතිය වනතෙක් එම දේශපාලනඥයා කවරෙක්දැයි බීබීසි ආයතනය නොදැන සිටි අතර අන්තර්ජාලය හරහා එම පුද්ගලයා බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඇලිස්ටෙයාර් මැක් ඇල්පයින් සාමිවරයා බවට තොරතුරු පළ විය.
සිද්ධිය සැල වූ වහාම ඇල්පයින් සාමිවරයා මේ චෝදනාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටියේය. සාමිවරයාගේ ප‍්‍රතිචාරයෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡුාවට සහභාගී වූ පුද්ගලයා සිය ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේ සිද්ධියට සාමිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමිනි.
එම වැඩසටහන මූලධර්මවලට විරුද්ධ අයුරින් නිර්මාණය කළ එකක් බව සඳහන් කළ ධූරයෙන් සමුගත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය ආයතනයේ ප‍්‍රධාන කර්තෘවරයා වශයෙන් විකාශය වන සියලූම වැඩසටහන්වල වගකීම තමා සතු බව පැවැසීය. මෙවැනි වැඩසටහන් තුළින් බීබීසී ආයතනයේ විශ්වසනීයත්වය පළුදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මැක්ඇල්පයින් සාමිවරයාගේ නීතීඥයන් කියා සිටියේ සිය සාමිවරයා අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ සෑම මාධ්‍ය ආයතයකටම එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව පනස් හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් එන්ට්විස්ල් බීබීසී ආයතයේ අඩුම කාලයක් සේවය කළ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ඉතිහාසයට එක් විය.
බීබීසි ආයතනයේ සංගීත සහ ශ‍්‍රව්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මේ දක්වා කටයුතු කළ ටිම් ඬේවි හිස් වූ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව සිටී.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බීබීසී ප‍්‍රධානියාත් ඉල්ලා අස්වෙයි
කමල් Monday, 12 November 2012 10:56 AM
මෙහේ ඔය දේ වුණා නම් මම කීයටවත් අස්වෙන්නෙ නැහැ කියලා පුටුවේ සුපර් ග්ලූ ගාගෙන ඉදගෙන හිටීවි. (නි)
පාලිත Monday, 12 November 2012 11:11 AM
අයියෝ සල්ලි
ගයාන් Monday, 12 November 2012 12:45 PM
ලංකාවේ ගොඩක් මාධ්‍ය වලට ලොකු ආදර්ශයක් (ස)
නාපාවල කටාර් Tuesday, 13 November 2012 08:19 PM
ගයාන් ළමා දුෂකයන්ටද නියම මහත්තුරු කියන්නේ .අපේ රටේ අය ඊට වැඩිය හොඳා , . තමා විසින්ම වෙඩි තියාගෙන මැරෙනවා .එහෙනම් අපේ අය මහත්තුරුන්ගේත් මහත්තුරු .(නු)
සෙනෙරත් Monday, 12 November 2012 02:13 AM
බී. බී. සී එකේ කොහොමත් තියෙන්නේ මේ වගේ වැඩනේ (ස)
මුතුකුඩ Monday, 12 November 2012 02:12 AM
අන්තිමට මොනවා හරි කියලා ඔක්කොම අය අස්වෙන්නයි බලන්නේ. (නි)
ගයාන් Monday, 12 November 2012 01:53 PM
නියම මහත්වරු කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි. (නි)
සිල්වා Monday, 12 November 2012 03:02 AM
අපේ ලංකාවේ ඇති බොරු රූපවාහිනී නාලිකා වලට කොපමණ විරුද්ධ වූ අය සිටියත්, ඉල්ලා අස් වූ අයෙක් නම් නොමැත. (නි)