ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමුවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමට පටන් ගත්තේ මීට දින කීපයකට පෙර සිටය. පළමුවෙන් ලියවිලි තොගයක් හමුවූයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයකිනි.
ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එම කාර්යාලය වසා දමා බඩු මුට්ටු හිස් කරද්දීය. ඉන්පසු පසුගිය සතියේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසේ ගරාජයෙන් තවත් රහස් ලියවිලි හමුවිය. අලුතින් රහස් ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ගේ නිවස තුළිනි. ඒ, ගරාජයෙන් හමුවුණු ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙද්දීය.
පසුගිය නොවැම්බරයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයෙන් හමුවුණු ලියවිලි අතරේ යුක්රේනය, ඉරානය, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් රහස් ලියවිලි තිබුණු බව නීතිපති මෙරික් ගාලන්ඩ් පවසා තිබුණි. නීතිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි.
විමර්ශන මෙහෙයවන්නේ ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් යැයි නීතිපති මෙරික් ගාලන්ඩ් පවසා තිබේ.
2009 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය.
2017 සිට 2019 තෙක් කාලයේ බයිඩන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ගරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, විශ්ව විද්‍යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ කාර්යාලයක් බයිඩන්ට තිබුණි.
පළමුවෙන් රහස් ලියවිලි හමුවූයේ මෙම කාර්යාලය වසා දැමෙද්දීය. මෙම රහස් ලියවිලි මෙන්ම නිවසේ තිබී හමුවුණු ලියවිලි ද බයිඩන් අතට පත් වී ඇත්තේ ඔහු උප ජනාධිපති ධුරය හොබවද්දීය.
උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙද්දී, බයිඩන් මෙම ලියවිලි ආපසු බාරදීම කළ යුතු නමුත්, ඔහු එසේ කර නැති බවට චෝදනා එල්ල වී ඇත. කාර්යාලයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ.
කෙසේ නමුත් නිවසේ සහ නිවසේ ගරාජයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිවක් පවසා නැත. 80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා වන්නේ ද බයිඩන්ය.
(රොයිටර්)
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බයිඩන්ගේ නිවසේ තිබී තවත් රහස් ලියවිලි එළියට