ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින්, එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට (13) ධවල මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති බයිඩන් හමුවන්නේ, බයිඩන් කළ ඇරැයුමකට අනුවය. වත්මන් ජනාධිපති බයිඩන් සහ ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබුණේ පසුගිය සති අන්තයේය. හමුව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර වේලාවෙන් උදෑසන 11 ට පැවැත්වෙයි.
බයිඩන් සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡාවට ලක් වනු ඇත්තේ කුමක්දැයි ධවල මන්දිරය දැනුම් දීමක් කර නැත. කෙසේ නමුත් දෙදෙනාගේ මූලික අවධානයට ලක් වනු ඇත්තේ, සාමකාමී බලහුවමාරුව සිදුවන ආකාරය ගැනය.
නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙන්නේ ලබන 2025 වසරේ ජනවාරියේය. ඇමෙරිකන් මහ මැතිවරණය අතරතුරේ දී ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවිය.
මේ වනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතර බලය දින ගැනීමට සමත් වී සිටින්නේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බයිඩන් ට්‍රම්ප් හමුවක් ධවල මන්දිරයේ