ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේය.
එම චෝදනා සම්බන්ධයෙන්, ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී, නඩු විභාගය පැවැත්විණි. ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම 54 හැවිරිදි හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව, ව්‍යාපාරිකයකු සහ නීතීඥවරයකු ද වන හන්ටර් බයිඩන්ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතී. දඬුවම් නියම කිරීම දෙසැම්බර් 16 වැනි දින සිදුකිරීමට නියමිත බව පැවැසිණි.
ජූරි සභිකයන් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වුණු චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් නිසා, දඬුවම් නියම කිරීමේ දී ඒ් ගැන විශේෂ සැලකිල්ලක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිද්දී, ඒ බව සඟවා, ගිනි අවියක් මිලදී ගැනීමේ සිද්ධියකට ද හන්ටර් බයිඩන් වරදකරු විය. ඇමෙරිකා ජනාධිපතිවරයකුගේ දරුවකු මේ අයුරින් අධිකරණයක් හමුවේ වරදකරු වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා
ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා ස
තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.
අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බයිඩන් පුතා වරදකරු වෙයි
රංජිත් Friday, 06 September 2024 08:13 PM
හයියෝ, බයිඩන්, අපේ ජනාධිපතිලගේ පුත්තු ඔය වගේ වැඩද කරේ..? ඒත් මයිලකටවත් අත තියන්න දුන්නේ නෑ.. ලංකාවෙන් ඉගෙන ගනිල්ලා...
Nandalal de Silva - France Saturday, 07 September 2024 12:02 AM
අපේ ජනාධිපති පුත්තු නම් කට අරින හැම විටකම කියන්නේ...."අපි අපෙ අප්පච්චී වගේම රටේ සම්පත් වලින් සත පහක්වත් හොරෙන් අරගෙන පිටරට බැංකුවල තැන්පත් කරලා නෑ" අපට පිටරට පොදි ගහපු වත්කම් නෑ !!! එහෙම නම් කොහොමද අප්පච්චි රටෙ ලොකුම ධනවතා වුයේ, දරුවන් පවා මිලියන් පතියන් වුණේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ ආනුභාවයෙන්ද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි...!!!
sam Saturday, 07 September 2024 06:38 AM
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...
Nimal Saturday, 07 September 2024 08:10 AM
අපේ ජනපති පුත්තු හරියට හිරේ ගියා නම්, අවුරුදු 1000ක් වත් ඇතුළට දාන්න වෙයි...
Bunny Preena Saturday, 07 September 2024 09:43 AM
කොපිකළ හැකිය. සමකළ නොහැකිය.