IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


බයිඩන් ට්‍රම්ප් හමුවක් ධවල මන්දිරයේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින්, එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට (13) ධවල මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති බයිඩන් හමුවන්නේ, බයිඩන් කළ ඇරැයුමකට අනුවය. වත්මන් ජනාධිපති බයිඩන් සහ ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබුණේ පසුගිය සති අන්තයේය. හමුව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර වේලාවෙන් උදෑසන 11 ට පැවැත්වෙයි.

බයිඩන් සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡාවට ලක් වනු ඇත්තේ කුමක්දැයි ධවල මන්දිරය දැනුම් දීමක් කර නැත. කෙසේ නමුත් දෙදෙනාගේ මූලික අවධානයට ලක් වනු ඇත්තේ, සාමකාමී බලහුවමාරුව සිදුවන ආකාරය ගැනය.

නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙන්නේ ලබන 2025 වසරේ ජනවාරියේය. ඇමෙරිකන් මහ මැතිවරණය අතරතුරේ දී ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවිය.

මේ වනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතර බලය දින ගැනීමට සමත් වී සිටින්නේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ය.



අදහස් (0)

බයිඩන් ට්‍රම්ප් හමුවක් ධවල මන්දිරයේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ට්‍රම්ප්-බයිඩන් හමුවෙති
2024 නොවැම්බර් මස 14 4 0

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට
2024 නොවැම්බර් මස 14 26 0

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,


ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ්
2024 නොවැම්බර් මස 14 54 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර


ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ
2024 නොවැම්බර් මස 14 75 0

ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි


ඊශ්‍රායල ඇමෙරිකන් තානාපති මයික් හකබී
2024 නොවැම්බර් මස 13 190 0

ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ලෙස ආකන්සාස් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන මයික් හකබී පත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍ර


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 742 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 541 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1639 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site