ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘බි‍්‍රක්ස්’ සමුළුව ඊයේ (29) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට පැමිණි චීන ජනපති හූ ජින්තාවෝට ටිබෙට් ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
සමුළුවට සහභාගීවීමට, චීන ජනපති ඉන්දියාවට පැමිණීමට එරෙහිව විරෝධය පළ කළෝ ටිබෙටයෙන් පිටුවහල්වී ඉන්දියාවේ වාසය කරන ටිබෙට් ජාතිකයෝය. චීනය, ටිබෙට් රට බලයෙන් අත්පත් කරගෙන සිටින බවට ඔවුහු චෝදනා කරති.
චීන ජනපතිගේ ඉන්දීය සංචාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඔවුන් නවදිල්ලි නුවර විරෝධතා ආරම්භ කළේ පසුගිය 27 වැනිදාය.
නවදිල්ලි පොලිස් නිලධාරීන් එදින එම පිරිස් විසුරුවා හැරීමට කටයුතු කළ අතර සියයකට වැඩි පිරිසක් පොලිස් අත් අඩංගුවට ද පත් වූහ.
එම අවස්ථාවේදී එක් ටිබෙට් විරෝධතාකරුවෙක් සිරුරට ගිනිතබා ගෙන ද විරෝධය දැක්වීය. බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ 27 හැවිරිදි ජම්පෙල් යේෂී නමැති එම විරෝධතාකරු කඩිනමින් රෝහල් ගත කළ අතර, ඔහු පෙරේදා (28) රාති‍්‍රයේ ජීවිතක්ෂයට පත්විය.
නවදිල්ලි රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළේ ඔහුගේ සිරුරේ සියයට 98 ක් පිළිස්සී තිබූ බවය.
මෙම සමුළුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු අතර විරෝධතාකරුවන්ගෙන් ඊට කිසිදු බාධාවක් සිදු නොවුණු බව නවදිල්ලි පොලිසිය පවසයි.
චීන ජනපති හූ ජින්තාවෝ අමතරව සමුළුවට සහභාගීවන සෙසු රාජ්‍ය නායකයන් වන්නේ බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසොෆ්, රුසියා ජනපති දිමිත‍්‍රි මෙඞ්වදේව් සහ දකුණු අපි‍්‍රකා ජනපති ජේකොබ් සූමාය.
‘බි‍්‍රක්ස්’ යනු සමුළුවට සහභාගී වන බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අපි‍්‍රිකාව යන රටවල ඉංගී‍්‍රසි නම්වල මුල් අකුරු එක් කිරීමෙන් සැදුණු වදනකි.
නවදිල්ලි නුවරට පැමිණි රාජ්‍ය නායකයන් ඉතා හරසරින් පිළි ගනු ලැබුවේ ඉන්දීය අගමැති මන්මෝහන් සිං විසිනි. ඊයේ ඇරැඹුණේ බි‍්‍රක්ස් සමුළුවේ සිවුවැනි සැසිවාරයයි.
එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රට රටවල යටිතල පහසුකම් දියුණු කිරීම, ආර්ථික කටයුතු ඉහළ නැංවීම, වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ‘බි‍්‍රක්ස් බැංකුව’ නමින් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ද මෙවර සමුළුවේ ප‍්‍රධාන අරමුණ විය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘බි‍්‍රක්ස්’ සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට ටිබෙට් විරෝධතා