
රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා ඇත්තේ, මෙම පවුම් මිලියන 50 යුක්රේනයට ලබා දීම සිදු කරන්නේ යුක්රේනයේ සංවර්ධන කටයුතු සඳහා බවය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ යුක්රේනයට මුදල් ආධාර ලබා දෙන බව නිවේදනය කළේ ලිතුවේනියාවේ පැවැත්වෙන ‘නේටෝ’ සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. මුදල් ආධාරවලට අමතරව යුදමය ආධාර යුක්රේනයට ලබා දීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟවී තිබේ.
මේ අතර ‘නේටෝ’ මහ සමුළුව ලිතුවේනියාවේ පැවැත්වෙද්දී රුසියන් හමුදා, යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වැඩි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට පවුම් මිලියන 50 ක ආධාර