IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු නැවතත් යුද සේවයට

බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු යුද හෙලිකෝප්ටර් නියමුවකු ලෙස නැවතත් සේවයට එක්වීම සඳහා පසුගියදා ඇෆ්ගනිස්තානයට පැමිණි බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. විසිහත් හැවිරිදි හැරී කුමරුගේ ආන්දෝලනාත්මක ඡායාරූප අන්තර්ජාලයේ සහ පුවත්පත්වල පළවීමෙන් අනතුරුව මතුවූ උණුසුම් වාදවිවාද මැද ඔහු මෙසේ යුද සේවය සඳහා ඇෆ්ගනිස්තානයට පැමිණ සිටී. හමුදා සේවයේදී කැප්ටන් වේල්ස් නමින් හැඳින්වෙන හැරී කුමරු දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පිහිටි යුද කඳවුර වෙත පැමිණියේ යුද සේවයෙන් ඉවත්වී සිවු වසරකට පසුවය. යුද සේවයට එක්වූ හැරී කුමරු සෝදිසි මෙහෙයුම් සහ ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම් සඳහා අනියුක්ත කරන බව බැස්ටියන් කඳවුරේ හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි කුමාරවරුන් අතර තෙවැනි ස්ථානයේ පසුවන හැරී කුමරු අවසන් වරට යුද සේවයෙන් ඉවත් වූයේ 2008 වසරේදීය. ඇෆ්ගනිස්තානයට පැමිණි හැරී කුමරු (වමේ), ගුවන් නියමුවකු සමග



අදහස් (0)

බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු නැවතත් යුද සේවයට

අචිනි Tuesday, 11 September 2012 09:37 AM

කාට කාටත් නියම ආදර්ශයක් (ස)

:       0       0

වරුණ Monday, 10 September 2012 01:24 PM

පරණ දේවල් අමතක කරවන්න කරන වැඩක් වගේ...(ස)

:       0       0

කුමාර Wednesday, 12 September 2012 10:24 AM

ආදර්ශයක් ඔබ ලෝකෙටම

:       0       0

ප්‍රනාන්දු Tuesday, 11 September 2012 10:27 AM

මෙයානේද ලඟදි උපන් ඇදුමෙන් ඉඳලා අහුවුණේ.. (ස)

:       0       0

ගැමුණු Tuesday, 11 September 2012 11:21 AM

රජ පවුලේ පුතෙක් වෙලත් හමුදාවෙ ලොක්කෙක් නෙමෙයි නිකම්ම නිකං හෙලිකොප්ටර් නියාමක කෙනෙක් විතරයි..!!(නු)

:       0       0

චන්ද්‍රපාල Wednesday, 12 September 2012 12:11 PM

එතකොට සිරි ලංකාවේ කුමාරවරු? (නි)

:       0       0

බමුණා Tuesday, 11 September 2012 11:23 AM

උපන් ඇදුමෙන් ඉදලා අහුවුණු කතාව මොකද්ද ? (ස)

:       0       0

සිල්වා Monday, 10 September 2012 02:38 PM

මෙහේ ඔහොම දෙයක් වුණා නම් වරුණ මොනවා ලියයිද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 11 September 2012 05:03 PM

කොන්ගෝ වල නම් ඇදුම් අදින්නෙ නැතිලු (නි)

:       0       0

සුභාෂිණි Monday, 10 September 2012 10:44 PM

ඒකටත් එක්ක මෙහේ.... (නි)

:       0       0

ගමගේ Monday, 10 September 2012 10:48 PM

හොදයි හොදයි. (නි)

:       0       0

සමන් පුෂ්ප කුමාර Wednesday, 12 September 2012 02:33 AM

අනේ හොදයි අපිත් අගය කරනවා ඒ වැඩේ

:       0       0

සිල්වා Wednesday, 12 September 2012 04:26 AM

මේ වගේ දේවල් වලටත් රැවටෙනවනේ. (නි)

:       0       0

මධු Tuesday, 11 September 2012 12:32 AM

ලංකාව ගැන බලද්දී, මේ කුමාරවරුන් ගැන හරිම ආඩම්බරයි. ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

තරංග Thursday, 13 September 2012 12:03 PM

ඒකටත් එක්ක අපේ රටේ..... (නි)

:       0       0

සමන් Tuesday, 11 September 2012 02:39 AM

ලංකාවේ වගේ ටික දවසකින් ඔය සිද්ධිය අමතක වෙලා යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site