ගෙදර දොර වියදම් පියවා ගැනීමට කාන්තාවන් තනිව වෙසෙන නිවෙස් වල වැඩකටයුතු සදහා උදවු දීමට තම සැමියා කුලියට දෙන කාන්තාවක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
නමින් රෙනේට් කොග්ලර් නම් වන ඇය පවසන්නේ තම සැමියා කුලියට දෙන්නේ ගෙදර දොර වැඩකටයුතු කරවා ගැනීමට පමණක් බවයි.
තමන් තනිකඩව සිටි අවදියේදී ගෘහභාණ්ඩ ඇදීමට, ගෙවත්ත පිරිසිදු කිරීමට, බඩු එසවීමට දැඩි ලෙස වෙහෙස වීමට සිදුවූයේ යැයිද තම සැමියා වන ඇන්ඩ්‍රයාස් හා විවාහ වූ පසු බර වැඩ සියල්ලක්ම පාහේ ඔහු භාර ගැනීමෙන් තමන්ගේ වැඩකටයුතුත් පහසු වූ බවද රෙනේට් කියන්නීය.
රෙනේට් තම සැමියා වන ඇන්ඩ්‍රියාස් කුලියට දෙන්නේ පැයකට පවුම් 20 කට බව සදහන් වේ. ඔහු වෙනුවෙන් ඉහළ ඉල්ලූමක් ඇති බවත් ඇය පවසන්නීය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිරිය සැමියා කුලියට දෙයි
මාටින් Wednesday, 29 January 2014 02:56 PM
ලංකාවේ ගොඩක් අය ඕස්ට්‍රේලියාවේ ගිහින් කරන්නේ ඔය වගේ වැඩ තමයි. . මිට අමතරව තණකොළ කපන එක, වතුර අදින එක, ගෙවල් සුද්ධ කරන එක වගේ වැඩත් අපි කරනවා. පැයට ඩොලර් 20-25 ට. ඒ හින්දා මේක පුදුම වෙන්න තරම් නිවුස් එකක් නෙවෙයි. මෙහෙ ඒක ලජ්ජා වෙන්න කාරණයකුත් නෙවෙයි. හැබැයි මේක මම කිව්වට ගොඩක් මෙහෙ අය කියන්න අකමැති ප්‍රසිද්ධ රහසක්. (නදී)
රයිගම Wednesday, 29 January 2014 03:05 PM
චිහ්....අපිට හිටියේ නෑනේ ඔහොම ආදර බර බිරින්දෑ කෙනෙක්...! (නදී)
ප්‍රේමකුමාර Wednesday, 29 January 2014 03:22 PM
මමත් ආසයි මේ වගේ රස්සාවකට.(නදී)
ධම්ම Wednesday, 29 January 2014 03:51 PM
මෙය සැමියා හැටියට තියාගෙන ඉන්නේ බුරුවෙක් වෙන්න ඇති. එහෙම දේවල්නේ ඔය රටවල වෙන්නේ. (අ)
කුලාංග Wednesday, 05 February 2014 05:06 PM
මේ තත්වය ලෝකේ නව ප්රවනතාවයක් වෙලා (දී)
ජයතිලක Thursday, 30 January 2014 11:56 AM
මේ රටවල් වල කිසිම පන්ති භේදයක් නැහැ කිසි කෙනෙක් අතර.සියල්ලෝම එකම මට්ටමේ ඉන්නේ.ලංකාවේ වගේ කුලී වැඩ කරන කෙනාට එක සැලකිමකුත්,දොස්තරට,ඉංජිනේරුවාට තව සැලකිමකුත් මෙහෙ නැහැ.අගමැතිතුමාට පමණයි ගරු ඇමතීමක් කර කතා කරන්නේ.(දිල්)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 01 February 2014 09:01 AM
කට්ටිය මොනවා කිව්වත් ,මාටින්ගේ සහ හේලිගේ කතා තමයි හරි. කුලියට දීමක් නෙවේ වැඩට යැවීමක් සිදුවන්නේ ,මේක සාමාන්‍ය දෙයක්නේ. (දී)
සහාන් Wednesday, 29 January 2014 04:53 PM
මෙහෙ ගෙවන්නේ ඩොලර් වලින් පවුම් වලින් නොවේ (අ)
රන්ජිත් Friday, 31 January 2014 11:11 AM
මොනවා උනත් ඒ මනුස්සය පව් (අ)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 February 2014 01:18 PM
ඒ කියන්නේ. බිරිඳයි වැඩට යවන්නේ පුරුෂයාව. පැය ගාන ගැන මුදල ගැන බිරිද දන්නවා. සල්ලි බිරිඳට. (නදී)
රකිත Monday, 03 February 2014 09:54 AM
සිය නිවසේ බර ඉසිලීම පසෙක තබා වෙනත් ගෙවල්වල බර නොමිලේ උසුලන සැමියන් අප රටේද නැත්තා නොවේ. (දී)
සෙලිනා Friday, 31 January 2014 12:21 PM
ගොඩක් හොද කියමනක් මාටින් සොයුරා කියල තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දුන්නට ස්තුතියි. ඇත්තටම ඉතාලි , ඕස්ට්‍රේලියා වගේ රටවල සේවය කරන අය හැසිරෙන්නේ උසස් රැකියා කරන ලෙස , ඇත්තටම මාටින්ලා වගේ අය අද සමාජයේ ගොඩක් අඩුයි. මේ සැමියා කරන රැකියාව ලැජ්ජාවට කරුණක් නොවේ.(නදී)
ෂපීක් Wednesday, 29 January 2014 05:53 PM
අනේ පව් අසරණයා (අ)
දීපා Monday, 03 February 2014 10:19 AM
මේ වගේ දේවල් ගැන හිතලා බොරුවට කාලය නාස්ති කරන්න වෙලාවක් අපිට නැහැ (දී)
සුනිල් අබේරත්න Wednesday, 29 January 2014 06:43 PM
මෙතන මානව හිමිකම් කඩවෙලා නැද්ද ?... (අ)
නාලක Wednesday, 29 January 2014 07:04 PM
ගෙදර වැඩ විතරද කරන්නේ? (නදී)
නුවන් Wednesday, 29 January 2014 07:15 PM
මේකට ඉතින් අපි සිංහලෙන් කියන්නේ කුලීවැඩ කරනවා කියලනේ.(නදී)
ප්‍රභාෂ් Monday, 03 February 2014 10:47 AM
ආදායම වගේම වියදමත් එහෙ සැර ඇති බව හැමොම දන්නවා කියා සිතමි (දී)
රධ්කා Monday, 03 February 2014 10:48 AM
කොහොම උනත් කාගේ කාගේත් වැඩ ටක කෙරෙනවානම් එච්චරයි (දී)
ශාන්ති Wednesday, 29 January 2014 08:01 PM
ජිවත් වෙන්න විදිහක් නැතිවමද ඔය වැඩේ කරන්නේ, කුලී වැඩක් නම් කමක් නැහැ. හැබයි බලාගෙන අන්තිමට ඔයාටම පසු තැවෙන්න වෙයි (අ)
යසස් Saturday, 01 February 2014 11:39 AM
සල්ලි හම්බෙනවා කියලා මෙවන් තිරිසන් වැඩ කරනවාද (දී)
පීරිස් Wednesday, 29 January 2014 08:22 PM
මේකත් දැන් සාමාන්‍ය දෙයක් වෙයිද? (නි)
රංග. Wednesday, 29 January 2014 08:52 PM
මාර රැකියාව නේද? (නදී)
චමින්ද Saturday, 01 February 2014 12:40 PM
ලංකාවේ මෙන් බිරිදට ස්වාමියාට වත් ,සුවාමියාට බිරිදටවත් පාලනය කිරීමටවත්, එකිනෙකාට නීති පැනවීමටවත් මේ රටවල් වල බැහැ (දී)
වෙනුර ලියනගේ Wednesday, 29 January 2014 10:14 PM
කතාවෙන් පෙන්නේ ගෙදර ගෘහ මූලිකයා බිරිද කියල .. ඕස්ට්‍රේලියාවෙ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ ඇත්තේම නැහැ.(අ)
සමීර Wednesday, 05 February 2014 10:39 AM
අනේ හොඳා....සැමියාට තියෙන්නේ කුලියට නැතුව සින්නක්කරේටම යන්න, වෙන ගැහැණු නැතුව ඇ..(අ)
ළයන් Tuesday, 04 February 2014 10:48 AM
අපරාදේ කියන්න බැහැ ලංකාවේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. හැබැයි කුලී ගෙවන්නේ නැහැ (දී)
කලන Thursday, 30 January 2014 02:57 AM
අනේ අපේ රටට නම් මේවා ගැලපෙන්නේ නැහැ (දී)
ෂෙරිෆ් Friday, 31 January 2014 07:55 PM
අනේ අපේ අයගේ අදහස් දැක්කම හිනායනවා, අපේ රටේ බහුතර පිරිමින් කරන්නේ ඔයකියන කතාවේ අනිත් පැත්ත, සැමියා බිරිය කුලියට දීම, දවසකට සිය ගණන් අපේ ශ්‍රී ලාංකික තරුණියන් සහ කාන්තවන් අරාබිකරයට යනවා ගෘහ සේවයට. (අ)
චන්දි Wednesday, 29 January 2014 12:42 PM
ලංකාවේ ඔහොම කලොත්, දෙවෙනි දවසේ මහත්තයා තාම ගෙදර ආවේ නැහැ කියල පොලිසියේ සටහනක් කරන්න වෙනවා ෂුවර් එකටම. (නදී)
දයා අලහාකෝන් Wednesday, 29 January 2014 12:46 PM
අපේ රටේ සිදුවන්නේ මේකේ අනිත් පැත්ත නේද? (නදී)
හේලි Thursday, 30 January 2014 08:02 AM
මෙතන අසාමාන්‍ය දෙයක් මම දකින්නේ නැහැ .ලංකාවෙත් දිළිඳු පවුල් වල අය කම්කරු සේවයට යනවා. බිරිඳ දරුමල්ලන් බලාගෙන ගෙදර දොරේ වැඩ කරනවා. මෙතන තියෙන විසේෂත්වය හැටියට පෙනෙන්නේ,සැමියාට වැඩ සොයා ගැනීම සඳහා බිරිඳ කාර්යක්ෂම ලෙස දායක වීම පමණයි.(නදී)
නුවන් Wednesday, 29 January 2014 01:31 PM
ඕස්ට්‍රේලියාවේ මුදල් ඩොලර් වෙන්න ඕනේ. (අ)
ගලන්මාල් Thursday, 30 January 2014 09:28 AM
ඔස්ට්‍රලියාවේ පවුම් කොහෙද? (දී)