ගෙල දිගු කැර ගැනීමට කියා තඹ වලින් සැදු වළලූ 11 ක් ගෙල පැළදගෙන සිටින්නියකි ඇමරිකා ජාතික සිඩ්නි ස්මිත්.
තමාට පාසැල් සමයේ සිටම ගෙල දිගු කර ගැනීමේ වුවමනාවක් තිබූ බවත් පසුව කෙන්යාවේ ගෝත්‍රයක කාන්තාවන් තඹ වළලූ ගෙලට පළදාගෙන එය දිගින් වැඩි කිරීමට උත්සාහ කරන බව දැනගත් තමාද එසේ තඹ වළලූ යොදාගෙන ගෙලේ දිග වැඩි කරගැනීමට උත්සාහ කරන බව ඇය කියන්නීය.
මෙනිසාම ඇයගේ ගෙළ තිබුණු ප්‍රමාණයෙන් අගල් 11 ක් පමණ දිගුවී ඇත.
අන් අය ඇය හදුන්වනුයේ ‘‘ජිරාෆ් කත‘‘ ලෙසය.
ඉදිරියේදී 12 වැනි වළල්ලකුත් ගෙල පැළදාගෙන සිය ගෙල තවත් දිගුකිරීමට ඇය සැළසුම් කර ඇත්තීය.
වෛද්‍යවරුන් නම් පවසන්නේ මෙය ඉතා අනතුරුදායක කි්රයාවක් බවයි.වුවමනාවට වඩා බෙල්ල ඇදීමට ලක්වීමෙන් ස්නායු වලට හානි වනු ඇතැයි ඔවුහු පවසති.දිගින් වැඩි වී ඇතැයි කියා සිඞ්නිගේ ගෙලෙහි සිදුව ඇත්තේ සම තඹ වළලූ නිසා ඉහළට ඇදී තිබීම පමණක් බවත්,ඇය වළලූ ගැලවූ දිනෙක ඇයගේ ගෙල සාමාන්‍ය ප්‍රමාණයටම යළිත් පැමිණෙනු ඇති බවත් ඔවුහු කියති
්
.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙල්ල සමඟ භයානක සෙල්ලමක්
ෂාන් Saturday, 22 March 2014 01:11 AM
තායිලන්තයේ ගමක මේ වගේ අය ගොඩක් ඉන්නවා.ලොන් නෙක් කාරයින් කියලා ගූගල් එකේ සර්ච් කරන්න. මේ අය බුරුම අනාථයෝ කැලේ මැදින් පැනල එනකොට කොටියෝ බෙල්ලෙන් අල්ලලා අරගෙන යන නිසා බෙල්ලට වළලු දමන්න පුරුදු උනා. දැන් සංචාරකයන්ට පෙන්නන්න ගම සංරක්ෂණය කරලා තියනවා.(නදී)
ලංකාසිරි Tuesday, 25 March 2014 05:42 PM
යම් කර්මයක් පළදීමට තිබේ නම් එය කෙසේ හෝ ගෙවිය යුතුයි. (නි)
ශාන්ති Saturday, 22 March 2014 01:13 AM
කියල වැඩක් නැහැ නිරෝසන්.(නදී)
අසෝකා Saturday, 22 March 2014 01:37 AM
මිනිසා කියන දෙපා සතා තමන්ට ලැබුණු දේට කිසිදු සැලකිල්ලක් නොදක්වා, නොලැබුණු දේම ලබාගන්නට උත්සාහ කිරීම නිසා තමයි සියලු විනාශයන් සිද්දවෙන්නේ! (නදී)
රමාදි Monday, 31 March 2014 04:09 PM
පිස්සු විකාර. (නදී)
කලණි Saturday, 22 March 2014 04:11 AM
දොස්තරලා කියන දේත් අහන්නේ නැත්නම් ඕන එකක් කරගන්න.(නදී)
සම්පත් තුෂාර Tuesday, 25 March 2014 09:08 AM
රම්සි වළලු කීයක් ඕනිද ඔයාගේ වැඩේට.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 22 March 2014 07:44 PM
මාත් දැකල තියනවා අප්‍රිකානු ගෝත්‍රික කාන්තාවෝ මෙලෙස බෙල්ලේ වළලු පැළද සිටිනවා.(නදී)
කරු Monday, 24 March 2014 04:40 AM
අපොයි ඕක මොකක්ද? බුරුම රටේ ඔහොම අය ඉන්නවානේ. (දී)
අහිංසා Sunday, 23 March 2014 12:55 PM
ලස්සන කෙල්ල .(නදී)
දුමින්ද සිල්වා Saturday, 22 March 2014 08:51 AM
මමත් ක්‍රමයක් හොය හොයා හිටියේ. මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න ඕනේ.(නදී)
මලී Saturday, 22 March 2014 08:54 AM
ගැහැණිය කියන්නේ හරිම සංකීරණ සත්වයෙක්. වෙලාවකට හිතාගන්න බැහැ කොහොමද ජීවත් වෙන්නේ කියලා.(නදී)
ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 01:52 PM
ඉතින් බෙල්ලෙන් එල්ලලා තිබ්බා නම් හරිනේ? (නදී)
ශෂිකා Wednesday, 26 March 2014 02:24 PM
ගැණු ප්‍රසිද්ද වෙන්න කරන දේවල් හැබැට.(දිල්)
පියල් Monday, 24 March 2014 09:20 PM
මානසික ලෙඩද මන්දා මේවා (දී)
ප්‍රදීප් Monday, 24 March 2014 09:00 AM
එතකොට ලංකාවේ කාන්තාවන් කොටට අදින්නේ ඇයි? (නදී)
විද්‍යා Sunday, 30 March 2014 02:39 AM
නෝනෝ බලාගෙන ගෙදර මනුස්සය එක්කඊ නැදම්ම එක්කඊ අහලපහල මිනිස්සු සමගඊ හොඳින් ඉන්න . වැරදුනොත් බෙල්ලෙන්ම අල්ලාගනී . දිගට තියන හින්ද (අ)
චන්දි Friday, 28 March 2014 12:55 PM
මටත් හිතෙනවා එකක් පැලදගන්න මගෙත් බෙල්ල කොටයි.(නදී)
රම්සි Sunday, 23 March 2014 08:36 PM
මමත් ට්‍රයි කරලා බලන්න යන්නේ, හැබැයි බෙල්ලට නෙමේ. (නදී)
නිරෝෂන් Friday, 21 March 2014 06:12 PM
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
සුකිරි Sunday, 23 March 2014 03:09 AM
නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි දිගු බෙල්ලක් ඇති ගැහැනුන් ගේ ලස්සන දැකීම අප්‍රිකානු සංස්කෘතික ලක්ෂණයක්. ඒ සඳහා වළලු දමනවා. ගැහැනුන්ට කුඩා සුරතල් පාද තිබීම චීන සංස්කෘතික ලක්ෂණයක් ඒ සඳහා කුඩා අවදියේ සිට මමියක් මෙන් පාද රෙදි වලින් ඔතා තබයි.අපේ දිගු වරලසක් ඇති කාන්තාව වගේ. (දී)
රම්සි Thursday, 27 March 2014 09:14 PM
සම්පත් මල්ලි, මගේ ඉලක්කය අඩුම වශයෙන් දුසිම් දෙකක්. (නි)
niran Saturday, 22 March 2014 02:30 PM
මේක ප්‍රවෘතියක් පොත් පත් නොබලන්න අයට අප්‍රිකානු රට්ටක 80% ගැහැනුන් මේ විදිහට තමාගේ බෙල්ල වැට්ටේ කම්බි දගර පලද සිටින්නාව (අ)
ජෝයි Sunday, 23 March 2014 03:10 AM
මේ විතරක් නොවේ. ඉතා විශාල මුද්දක් කට ඇතුලට දාගෙන ඉන්නවා අප්‍රිකානු ගැහැණු.ඒ පුළුල් තොල් ඇති කර ගැනුමට. (දී)
ශීලා Sunday, 23 March 2014 03:10 AM
මේක අපේ උන්දලා වද කහ සුදිය බොනවා වගේ වැඩක්.(නදී)
නෙතුමි Friday, 21 March 2014 08:50 PM
උපතින් ලැබෙන ශරීරය නොයෙක් ආකාරයෙන් වෙනස් කරන්න ගිහින් අන්තිමේදී ලොකු විපත් කරගෙනයි නවතින්නේ මේ ගොල්ලෝ.(නදී)