පාකිස්තාන දේශපාලනයේ සිටින බලවත්ම පුද්ගලයා එරට හමුදා ප්‍රධානියා බව තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ නායක ඉම්රාන් ඛාන් පවසා ඇත. හමුදා ප්‍රධානියාගේ තීරණ සැවොම අනුගමනය කරන බව ඉම්රාන් ඛාන් පෙන්වා දී තිබේ.
තමන් නැවත බලයට පැමිණීම වැළැක්වීම සඳහා ”දූෂිත මාෆියාවන්ට” එක්ව හමුදා ප්‍රධානියා කටයුතු කරන බවට දෝෂාරෝපණ එල්ල කරමින් ඉම්රාන් ඛාන් තම නිවසේ සිට ආධාරකරුවන් අමතමින් මෙම අදහස් දක්වා තිබේ.
ආනයනය කළ රජය ශ්‍රේෂ්ඨාධිකරණය අංශ වලට බෙදීමට උත්සාහයක් දරන බවත් තම පක්ෂය ඊට විරුද්ධව පෙනී සිටිය යුතු බවත් ඉම්රාන් ඛාන් තම ආධාරකරුවන්ට පවසා ඇත. පකිස්තාන ප්රජාතන්ත්රවාදයේ මෙය තීරණාත්මක අවස්ථාවක් බවත් සැවොම මෙම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ සිටිය යුතු බවත් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලවත්ම පුද්ගලයා හමුදාපති - ඉම්රාන් කියයි