IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


බොලීවියාව ෆොසිල ආකරයකි

මධ්‍යම බොලීවියාවේ  පැඩිලා නගරයට ආසන්න ගම්මානයක ඇති දහස් ගණනක් වූ පොසිල තට්ටු විනාශ වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වර්ෂාව හා සුළඟ හේතුවෙන් පස්තට්ටු සෝදායාමෙන් පසු මතුවී ඇති මේ පොසිල තවදුරටත් විනාශයෙන් වළක්වා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයැයි පර්යේෂකයෝ කියති.

මේ ආසන්නයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 70 ක් හඳුනාගෙන ඇත.  හමුවන ෆොසිල අතර වත්මන් අලි ඇතුන්ට බොහෝ සෙයින් සමීප මුතුන් මිත්තන් සේ සැලකෙන මැස්ටොඩොන් හා කැබැල්ලාවට සමීප ඥාතීත්වයක් දක්වන ග්ලැප්ටොඩොන්ට්ස් නමැති සත්වයාගේ පොසිලි රැසක් හමුවී ඇත.

මෙම ස්ථානයට නුදුරින් පිහිටා ඇති ප්‍රථමික විද්‍යාලයේ තාක්ෂණික ගුරුවරයෙක් වන ජුවන් කාලොස් එස්පඩා විසින් මෙතැන් හමුවූ අස්ථිකොටස් එකතු කර මැලියම් මගින් එකලස් කර තිබේ.

ඔහුට පාෂාණිභූත විද්‍යාව පිලිබඳව පළපුරුද්දක් හෝ දැනුමත් නැතත් එකලස් කරණ ලද කොටස්  එරට සංචාරක මණ්ඩලය මගින් කෞතුකාගාරයක තැන්පත් කරනු ලැබ ඇත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ බොලීවියාවේ මෙවැනි ෆොසිල සහිත ස්ථාන රැසක් දක්නට ලැබෙන බවයි. පාශාණීභූත සත්ත්ව අස්ථි සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පර්යේෂණයේ නිරතව සිටි මඩිනා ස්වෝර්ඩ් පවසන්නේ දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලම පොසිල තැනපතුව මේ ප්‍රදේශයෙන් හමුවන බවයි.

මල් සහිත ශාඛ හෙවත් සපුස්ක ශාක ඇතිවූ අදින් වසර ලක්ෂ 650ට පෙර යුගයේ සිට වසර 12,000 දක්වා අවසන් අයිස් යුගය තෙක් වූ ෆොසිල මේ ස්ථානයෙන් හඳුනාගෙන තිබේ.

අනාරක්ෂිතව පැවති මේ ෆොසිලවල වටිනාකම නොදත් දුප්පත් ගැමියන් විසින් මේවා කඩා විකිණීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පර්යේෂකයන් පවසන්නේ ඩයිනෝසරයන්ගේ පාද සළකුණු 6000ට වැඩි ප්‍රමාණයක් මෙතැනින් හමුව ඇති බවයි.

මේ ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කිරීමට විද්‍යාඥයන් උත්සාහයක යෙදී ඇතත් එහි ඇති අනාරක්ෂිත බව ද එවැනි කාර්යයකට ගටළුවක්ව  පවතී.

bolivia 1 bolivia 2 bolivia 3 bolivia 4 bolivia 5



අදහස් (0)

බොලීවියාව ෆොසිල ආකරයකි

රාජුන් Thursday, 02 October 2014 11:26 AM

ලංකාවේ කොහෙවත්ම තාම ෆොසිල හමුවෙලා නැතිද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 41 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 49 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 18 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 21 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 573 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2173 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site