IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බොස්ටන් ප‍්‍රහාරකයන්ගේ මාපියන් හමුවෙන්න ඇමෙරිකා නියෝජිතයෝ රුසියාවට

ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ චෙච්නියානු ජාතික සොහොයුරන්ගේ මාපියන් හමුවී කතාබහ කිරීමට ඇමෙරිකානු නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (24) රුසියාවට අයත් ඩැජෙස්ටාන් බලා පිටත්ව ගියහ.
නියෝජිත පිරිස අතර ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයෝද සිටිති. ඔවුන්ට රුසියානු රජයේත් ආරක්ෂක අංශවලත් සහාය හිමි වන බව ද පැවැසෙයි.
බෝස්ටන් ප‍්‍රහාරයට 26 හැවිරිදි ටැමරන්ලන් සර්නෝව් පසුගියදා පොලිස් වෙඩි පහරින් මියගිය අතර ඔහුගේ බාල සොයුරු 19 හැවිරිදි සොහාර් සර්නෝව් මේ වනවිට රෝහල් ගත කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බවත් වෙඩි වැදී සිටින ඔහුට කතා කිරීමට නොහැකි බවත් පැවැසෙයි. ඇමෙරිකා ආරක්ෂක අංශ ඔහුට නඩු පැවැරීමට ද කටයුතු කර ඇත.  
ඩැජෙස්ටාන්හි ජීවත් වන සර්නෝව් සොහොයුරන්ගේ පියා අන්සෝර් සර්නෝව් සහ මව සුබිදා සර්නෝව් රුසියානු මාධ්‍ය හරහා පවසා ඇත්තේ තම පුතුන් දෙදෙනා ‘ත‍්‍රස්තවාදීන්’ නොවන බවත් බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත්ය. එපමණක් නොව ඇමෙරිකාවේ ජීවත් වන තම පුතුන් දෙදෙනා නිරන්තරයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශවල අඩන්තේට්ටම්වලට ලක් වුණු බවත්, බොස්ටන් ප‍්‍රහාරයට ඔවුන් ආරක්ෂක අංශ විසින් පටලවා ඇති බවත් අන්සෝර් සහ සුබිදා චෝදනා කර ඇත.



අදහස් (0)

බොස්ටන් ප‍්‍රහාරකයන්ගේ මාපියන් හමුවෙන්න ඇමෙරිකා නියෝජිතයෝ රුසියාවට

සුගත් Thursday, 25 April 2013 10:53 AM

මමත් සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ වැඩ අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතැනදී ඇමෙරිකාව කරන වැඩේට සහයෝගය දෙනවා. ඔය ත්‍රස්තවාදීන් නිසා කාටවත් නිදහසේ ජීවත් වෙන්න බැහැ. (නි)

:       0       0

තුවාන් Thursday, 25 April 2013 11:27 AM

හරි දැන් ත්‍රස්තවාදය කව්ද ඇති කරේ කියන්න බලන්න කට්ටිය. වැඩි වැඩියෙන් ඇමරිකාවෙන් ආදර්ශය ගන්න ත්‍රස්තවාදය පරද්දන්න. (නදී)

:       0       0

නිර්ෂාඩි Thursday, 25 April 2013 11:35 AM

මේකේ රහස දහම ප්‍රචලිත වීම පමණි ඇමෙරිකාව දන්නවා ඒක. ලංකාවෙත් ඕක නේ කරන්ඩ ගියේ ඇමරිකාව යුරෝපය හරහා ආදර්ශය අරන්.(නදී)

:       0       0

සිල්වා - පැරීසිය Thursday, 25 April 2013 11:42 AM

මහේශ්වරන්, ඔබලා ගැන කියලා වැඩක් නැහැ. දමිල ජනයා සුදු මිනිසුන්ට කත් අදින්නේ ඒ තුලින් තමන්ගේ යටි අරමුණු ඉටුකර ගන්නයි. ඔබලා සැමදා සුද්දා පසුපස යන බලු රෑණක් වැනිය. මොකද? මම දන්නා බොහෝ යුරෝපයේ සිටින මහේශ්වරන්ලා ලංකාවට පැමිණ නිදහසේ තම නෑයන් සමග නිවඩුව ගතකර, පසුව ජිනීවා ගොස් තම මව් බිමට එරෙහිව විරෝධතා පවත්වති. නුඹලා එහෙමයි.(නදී)

:       0       0

චූලා Thursday, 25 April 2013 05:19 PM

රට දියුණු කිරීමේ අභිමථාර්තයෙන් හොරකම්,දුෂණ,වංචා අතහැර අපිත් ඇමරිකාවට එකුවෙමු.රට දියුණු කරමු. (නි)

:       0       0

සිල්වා-පැරීසිය Thursday, 25 April 2013 11:57 AM

මේ දෙදෙනාට ශිෂ්‍යත්ව දුන්නේ ඇමරිකාවමයි. මොවුන් නූගත් අය නෙවෙයි. රුසියාව අස්ථාවර කරන්න මෙම සහෝදරයන් යොදා ගත්තා නම් අද ඔවුහු ඇමරිකාවට දෙවිවරු.  උගතුන් තම රට පාවා නොදෙති. එයට මෙය හොද නිදසුනකි.(නදී)

:       0       0

මහේෂ් Thursday, 25 April 2013 12:19 PM

අනේ සිල්වා, අපි සුද්දෝ පස්සේ නොයා ඔයාලා සලකනවායැ.මොකෝ අපට ඡන්දෙට ඉල්ලන්න පුලුවන්ද ලංකාවේ. අකමක් නැහැ සිංහල අයටත් එහෙම නම් ඉතින්...? (නි)

:       0       0

සිල්වා - පැරිස් Thursday, 25 April 2013 04:28 AM

කිසිදු සාක්ෂියක් නොමැතිව මරා දැමු ඒ සහෝදරයන් නිවැරදි විය හැකියි. හරියට ජේ.වී.පී භීශණ සමයේ තම නිවාස තුල වාමාංශික සඟරාවක් තිබී ආරක්ශක අංශවලට අසුවීමත් එකල නිවෙස් තුල සිටි නිදොස් තරුණයන්ටද තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය . මම දකිනේ, මෙම සහෝදර මරණ දෙකද ඒ හා සමාන කියායි.මොකද?මේ අයත් වාමාංශික රටකින් පැමිණ සිසුවන් නිසා. පේනවානේ ඇමරිකාවේ  මාධ්‍ය,තරුණ සහ මානව අයිතී පිලිබදව ඇති පට්ට පල් බොරු නිදහසේ තරම. හියුමන් රයට් වොච්ලා නිහඩ ඇයි?(නදී)

:       0       0

මුරුගන් Thursday, 25 April 2013 12:21 PM

උගතුන් රට පවා නොදෙනවා නම් රුසියාවෙන් කැල්ලක් කඩා ගන්න හදන්නේ ඇයි? (නි).

:       0       0

ලසන්ත Thursday, 25 April 2013 12:36 PM

ඉර්ශාඩ් ,ඔහේ අදහන දහම නෙමෙයි අල්කයිඩා අය දන්නේ. මැදපෙරදිග මධ්‍යස්ත මුස්ලිම් රටවලටත් ප්‍රශ්න දානවා.පාකිස්තානේ වගේ රටවලටත් ප්‍රශ්න දානවා. (නි)

:       0       0

සුපුන් Thursday, 25 April 2013 12:38 PM

මේවට බලයට පොරකන රුසියාව,ඇමරිකාව,සෝවියට් දේසේ ඇතුළු හැම රටක්ම වගකියන්න ඕනෑ. ඇෆ්ගනිස්තානේ කාලයක් සෝවියට් කාරයෝ අල්ලගෙන හිටියා.දැන් ඇමරිකාව. (නි)

:       0       0

සුධීර Thursday, 25 April 2013 12:39 PM

මමත් දන්න විදියට මැදපෙරදිග හැම රටකටම අල්කයිඩා තර්ජන තියනවා.ඉතින් ඇමරිකාව ඉබේම මේ සල්ලිකාර රටවල බොඩි ගාඩ්ලා වෙලා.ඇත්තටම ඇමරිකාවයි එහි තාක්ෂණයයි නැත්නම් අල්කයිඩාව මෙලහකට රටවල් ගානක් අල්ලාගෙන. (නි)

:       0       0

නන්දන Thursday, 25 April 2013 12:41 PM

රුසියාව ඇෆ්ගනිස්තානේ අල්ලා ගත්තේ නැත්නම් බින්ලාඩන් කෙනෙක් ඇමරිකාවට හදන්න අවශ්‍ය නැහැ. දෙගොල්ල හන්දම වුණේ ලෝකේ රටවල් පිල් දෙකකට බෙදිලා යුධ අවි විකිණීම. (නි)

:       0       0

පාර්වතී Thursday, 25 April 2013 12:46 PM

මේක දැන් ඉන්දුනීසියාව,පිලිපිනේ,යුරෝපේ,ඉන්දියාවේ,වගේ රටවල පමණක් නෙමෙයි, ලෝකෙට කිසිම බලපෑමක් නොකරන අහිංසකම රටවල් වන ඕස්ට්‍රේලියාව,ලුක්සුම්බග්,සුඩාන්,පොලන්තේ,පැපුවා නිවු ගිනියා වගේ රටවලටත් පැතිරිලා. (නි)

:       0       0

චූළා Thursday, 25 April 2013 12:47 PM

බහු සංස්කෘතවාදේ,බහු ආගම්වාදේ අල්කයිඩාකාරයෝ සහ මුස්ලිම් අය පිලිගන්න අකමැති නම් ලෝකේ හිට්ලර් වගේ කෙනෙක් බිහිවේවි. (නි)

:       0       0

නිමල් Thursday, 25 April 2013 12:52 PM

ඇමරිකාවට අකමැති වුණත් අල්කයිඩා එකට සහය දෙන්න අපට බැහැනේ.ඇමරිකාවට අකමැති වුණත් ලිබරල්වාදේට අකමැති වෙන අය අඩුයි. හිටියත් ආගම්වාදේට වඩා ලිබරල් වාදේ හොදයි.ඉතින් අපිට බැන බැන හෝ හිටගන්න වෙන්නේ ඇමරිකාව එක්ක... (නි)

:       0       0

සමිපත් Thursday, 25 April 2013 07:17 PM

තුවාන්, ත්‍රස්තවාදීන් ඇති කලේ කවුරුවත් නෙවෙයි ඔයාලා. (නදී)

:       0       0

රූපා Thursday, 25 April 2013 01:06 PM

ධනවාදී සමාජයේ රටවල් අල්ලාගැනීමට වඩා ඇමරිකාව පෙනිහිටින්නේ වෙළදාමේ සිමාව පුළුල් කිරීමටයි. මුස්ලිම් ආගමික ප්‍රතිපත්ති වෙළදාමට සිමා ඇති කරනවා. (නි)

:       0       0

චූලා Thursday, 25 April 2013 01:08 PM

හොරකම්, වංචා,නැතුව මහත්මා දේශපාලනේ කරමින් ඇමරිකාවට කඩේ ගිය හැම රටක්ම ගොඩ.උදාහරණ දකුණු කොරියාව,ජපානේ, සිංගප්පුරුව මැලේසියාව.රුසියාවට කඩේ ගිය රටවල් අනාත වෙලා. (නි)

:       0       0

මධු Thursday, 25 April 2013 01:12 PM

දැන් දරුවෝ දෙන්නම එතකොට බබාලා? ඇමරිකාව අහු වෙයි ඕවට.. (නි)

:       0       0

දේව් Thursday, 25 April 2013 01:19 PM

ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහිව නැගීහිටින එක අපි පැසසිය යුතු දෙයක්.මල්ලි කියනවා නම් අයියත් එක්ක බෝම්බ අත්හදා බැලුවා කියලා තවත් ඉතින් සාක්ෂි මොකටද .දෙමව්පියන් දරුවන් තනි නොකර මීට වඩා හොයලා බැලුවා නම් මේ වගේ දේවල් සිදුවෙන්නේ නැහැ. (නි)

:       0       0

මහේෂ්වරන් Thursday, 25 April 2013 08:28 AM

ද සිල්වා,සඳරුවන්,මොනවද ඔයාලා මේ දොඩවන්නේ? තමන්ගේ කුහක ඇමරිකන් විරෝධයට මොකක් හරි ගලක් ගහන්නේ නැතුව හිතලා තර්ක කරන්න. (නි)

:       0       0

නන්දන Thursday, 25 April 2013 08:34 AM

පොඩි පුතා කියනවා අපි තමා කලේ කියලා, ඒත් අම්මා කියනවාලු වෙන්න බැහැ කියලා. (නි)

:       0       0

රනිල් Thursday, 25 April 2013 08:03 PM

‍මේ කුඩා දරුවන් දෙදෙනෙකුට ඇමරිකාව තියෙන බයක්. අනාගතයේ ඇමරිකාව තුළ විශාල ප්‍රහාරයක් ඇතිවීමට තුඩු දෙන්නාවූ අනාවැකියක් පමණි. ලොකයක්ම හොල්ලන පොලිස්කාරයා.(නදී)

:       0       0

සේන Thursday, 25 April 2013 08:36 AM

මේ වගේ ත්‍රස්තවාදීන්ට පන්න පන්නා පහරදෙන්න වටිනවා. යුරෝපයටත් ප්‍රජාතන්ත්‍රවාදේ පැත්තක තියන්න කාලේ හරි. පිලිකා පුච්චනවා වගේ ත්‍රස්තවාදේත් පුච්චලා ඉවර කරන්න. (නි)

:       0       0

නිර්මල Thursday, 25 April 2013 08:37 AM

මේ වගේ අයගේ වැඩ නිසා වෙන්නේ එහේ යන්න ඉන්න අපේ අයට තවත් නීති තද වෙන එක විතරයි. (නි)

:       0       0

පද්මා Thursday, 25 April 2013 08:39 AM

එලව එලවා ගහන්න වටින්නේ.අපේ රටෙත් කොහේ හෝ හරි පත්තු වෙනකන් නොඉද නරකද ආරක්ෂක අංශ වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා ඇහැ ගහගෙන හිටියොත් හොදයි. මේක දැන් ලෝකේ හැම තැනම. (නි)

:       0       0

ජීවන් Thursday, 25 April 2013 08:42 AM

අපේ ඇමරිකන් විරෝධියෝ නම් නගන්නේ අල් කයිඩා එකේ තර්කය. දැන හෝ නොදැන හිට ගන්නේ අන්තවාදී අල් කයිඩා එකත් එක්ක. පිස්සුද මන්දා මේ මිනිස්සුන්ට? (නි)

:       0       0

සුධීර Thursday, 25 April 2013 08:44 AM

පුහු වීරයෝ වෙන්න විලාසිතාවට වගේ ඇමරිකන් විරෝධී අදහස් දාන උදවිය කරන්නේ අල් කයිඩා එකට දැන හෝ නොදැන සහය දීම. කරුණාකර ඒක කරන්න එපා. අපි ඔක්කොටම ඇමරිකන් ප්‍රති පත්ති ගැන විවේචන තිබුනත් යකාත් එක්ක හරි නිදා ගන්න වෙන වෙලාවල් එනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 226 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 89 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 105 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 452 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 853 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 134 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site