යුරෝපයේ වැඩියෙන්ම ඖෂධ ගන්නා වැසියන් සිටිනා රටවල් අතර බ්‍රිතාන්‍යය පෙරමුණට පත්ව ඇත. සෑම අටදෙනෙකුගෙන් එක් අයෙක් ම තම ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩුකර ගැනිමට පෙති පාවිචිචි කරති. එක් අයෙක් මේ සඳහා දිනකට පැන්ස 10 ක් වැයකරයි. වෙද්‍යවරුන් ප්‍රකාශ මිනිසුන්ගේ ස්ථූලතාව වැඩිවීම මීට හේතුවක් බවයි.
මෙම ඖෂධ ගැනීම හේතුවෙන් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග තත්වයන් වළක්වාලයි. ලක්ෂ 80ක පමණ පිරිසක් මේ ඖෂධ භාවිතා කරන බව ද වාර්තාවේ. අදින් වසර 10ට පෙර මෙලෙස ඖෂධ භාවිතා කළ බ්‍රිතාන්‍ය වැසියන් ප්‍රමාණය ලක්ෂ 50කි.
වෛද්‍යවරු පවසන්නේ මේ රෝගීන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පෙළඹවීමෙන් ඖෂධ භාවිතය අඩුකළ යුතු බවයි. කොලෙස්ටරෝල් නැසීම සඳහා වැඩිම ඖෂධ ප්‍රමාණයක් ගන්නා යුරෝපයේ රටවල් අතර ද බ්‍රිතාන්‍යය දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ දත්තවලට අනුව මෙම ඖෂධ ගන්නා කාර්මික රටවල් 23 අතරින් පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඕස්ට්‍රියාවයි.
කොලෙස්ටරෝල් නැතිකිරීමේ ඖෂධ ලබාගැනීම හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ නිසා ඕස්ට්‍රියාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන්ට හොඳ ආදායම් මාර්ග මතුවී ඇතැයි ද එම වාර්තාව පෙන්වාදෙයි. එවැනි ඖෂධ ගන්නා සෑම පස් දෙනකුගෙන් ම එක් අයෙක් අතුරු අබාධවලට ලක්ව සිටියි.
මාංෂපේශි වේදනාව,මතක ශක්තිය පිලිබඳ ගැටළු, ඇසේ සුද ඒම සහ දියවැඩියා තත්ත්වයට ඔවුහු ගොදුරැවෙති. එක් අධ්‍යනයකට අනුව යුරෝපයේ ස්ථූලතාවයෙන් වැඩිම ජාතිය බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෝය. එහි වැඩිහිටියන්ගෙන් සියයට 24.8 ක් තරබාරැ අය වෙති.
ජාතික තරබාරැ සංසදයේ ටැමි ෆරයි පවසන්නේ වෙද්යවරැන් මෙම ඖෂධ එකවරම නියමකරණු ලබන්නේ රෝගීන්ගේ පුරුදු වෙනස් කරනවාට වඩා ඖෂධ නියම කිරීම පහසුවීම හේතුවෙන් බවයි. නමුත් ජීවන ක්‍රමය පිලිබඳ උපදෙස් වඩා දිරිගන්වන මාවතකට යොමුවිය යුතු බව ද ෆරයි මහතා පෙන්වාදෙයි. එම ක්‍රමය වියදමි සහිත ක්‍රමයක් ද නොවේ. ඖෂධ ගැනීමේදී අතුරැ ආබාධ පවති. ඖෂධ වල ප්‍රතිඵලය ක්ෂණික හා සාර්ථකයයි පෙනෙන හෙයින් වෛද්‍යවරු බෙහෙත් වට්ටෝරුව ලියා දෙති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙහෙත් නිසා රෝගී වෙයි ?