IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති

පසුගිය වසරේ බහරේන් රජයට විරුද්ධව පැනනැඟුණු විරෝධතා රජයේ හමුදා යොදවා දරුණු ලෙස මර්දනය කිරීමට වසරක් ගතවීම නිමිති කර ගෙන සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් එරට පොලිසිය විසින් පෙරේදා (14) විසුරුවා හරින ලද බව එරට රජය ප‍්‍රකාශ කළේය. පසුගිය වසරේ දරුණු ලෙස විරෝධතා මැඬපැවැත්වූ පර්ල් චතුරස‍්‍රයට පැමිණීමට මනාමා නගර සීමාවෙහි පිහිටි ෂීතේ ගම්මානවල වාසය කරන ජනයා මනාමා නුවරට එක්රැුස් වූ අතර ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් විරෝධතාකරුවෝ පෙට‍්‍රල් බෝම්බ සහ ගල් ප‍්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. සිද්ධියෙන් අනතුරුව විරෝධතාකරුවන් 27 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දහඅටවැනි සියවසේ සිට බහරේන් රාජ්‍යයේ බලය හොබවන කලීෆා රාජවංශයේ වත්මන් පාලකයා වන හමාඞ් බින් ඉසා අල් කලීෆා රජු හට බලයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ මෙසේ වීදි බැස සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි. බටහිර රාජ්‍යයන් අරාබි වසන්තය නමින් හැඳින්වූ මැදපෙරදිග කලාපය හරහා වේගයෙන් පැතිර ගිය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බහරේන් රාජ්‍යයට පැමිණියේ මීට වසරකට ඉහතදීය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් රටතුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ජනයා බහරේන්හි අගනගරය වන මනාමාහි පිහිටි පර්ල් චතුරස‍්‍රයට රැස්ව මසක් තිස්සේ විරෝධතාවල නියැලූණහ. අනතුරුව එරට රජය විරෝධතා උත්සන්නවීමත් සමඟ රජයේ හමුදා යොදා විරෝධතා දරුණු ලෙස මැඬපැවැත්වූ අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මනාමා නුවරට රැස්වූ විරෝධතාකරුවෝ



අදහස් (0)

බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site