රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව දින දෙකක් පුරාවට පැවැත්වෙයි.
බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී, බටහිර රටවලින් එල්ල වන ආර්ථික සහ වෙළෙඳ අභියෝග හමුවේ පිහිටුවාගත් සංවිධානයකි.
මෙම 2024 වසර වෙද්දී, ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, සේදි අරාබිය සහ ඉතියෝපියාව ද සාමාජිකත්වය හිමි රටවල් ලෙස බ්‍රික්ස්හවුලට එක් වී සිටී.
හදිසි අනතුරකින් තුවාල ලබා සිටින බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හැර, සෙසු සෑම රටකම රාජ්‍ය නායකයෝ, විදේශ අමාත්‍යවරු සහ නියෝජිතයෝ කසාන් නගරයට පැමිණියහ.
ඔවුන් සියලු දෙනා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසිනි.
සල්මාන් කුමරු වෙනුවට සමුළුවට සහභාගී වන්නේ සෞදි විදේශ අමාත්‍යවරයාය. සෞදිය ලොව විශාලතම තෙල් අපනයනකරුවාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සමුළුවට එක් වන අතර මෝදි රුසියාවට ගියේත්, සමුළුව අතරතුරේ රුසියන් ජනාධිපති පුටින් හමුවන්නේත් මාස කීපයක් ඇතුළත දෙවැනි වරට වීම විශේෂත්වයකි.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඊට මැදිහත් වී සාම වැඩසටහනක් ඉදිරිපත් කිරීමට මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය සූදානම් වෙයි.
එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා වනු ඇතැයි ද පැවැසෙයි. අග්‍රාමාත්‍ය මෝදි පුටින් සමඟ පමණක් නොව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ද යහපත් සබඳතා පවත්වයි.
(ඒ.එෆ්.පී.)
දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපති ජෝර්ජි සිනෝවීව් කැඳවා දොස් නැගුවේය. දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපතිවරයාට දොස් නැගුවේ, යුක්රේන යුද්ධයේ
ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද කීපයක වැසියන්ට වේලාසනින් ඡන්දය ලබා දීමට අවස්ථාව හිමිවෙයි.
රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු
මෙය ඊජිප්තුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඊජිප්තුවට මැලේරියාව තුරන් කිරීමට හැකි වූයේ වසර 100 ක මහන්සියක ප්‍රතිඵලයක
78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බ්‍රික්ස් සමුළුව ඇරැඹේ