IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බී.ටී.එස්. ධවල මන්දිරයේ

ලෝක ප්‍රසිද්ධ, ‘බී.ටී.එස්.’ කොරියානු සංගීත කණ්ඩායම ධවල මන්දිරයට පැමිණියේය. ‘බී.ටී.එස්.’ යනු ලොව තරුණ තරුණියන්ගේ විශේෂයෙන් තරුණියන්ගේ ආදරයට පාත්‍ර වුණු තරුණ හුරුපුහුටි කඩවසම් ගායකයන් කණ්ඩායමකි.

‘බී.ටී.එස්.’ කණ්ඩායම ධවල මන්දිරයට පැමිණියේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී, ඇමෙරිකාවේ ආසියාතික ඇමරිකානුවන් ඉලක්ක කර ගනිමින් සිදුවන ‘වෛරී අපරාධ’ වැඩිවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට ප්‍රථම ධවල මන්දිරයේදී  ‘බී.ටී.එස්‘ සංගීත කණ්ඩායම මාධ්‍ය හමුවකට සහභාගී විය. මැයි 31 වැනිදාට යෙදුණු ආසියාතික ඇමරිකානු සහ පැසිෆික් දූපත් වාසීන්ගේ උරුමය පිළිබඳ මාසයේ අවසාන දිනය සැමරීම වෙනුවෙන් ‘බී.ටී.එස්‘ කණ්ඩායම ධවල මන්දිරයට පැමිණි බව  ද පැවැසිණි.

‘ඔබ දන්නවා බී.ටී.එස්. යනු ග්‍රැමී සම්මාන වෙනුවෙන් නිර්දේශිත ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්. මිනිසුන්ගේ සිත්වල ධනාත්මක චින්තනය ඇති කිරීමටත්  මිනිසුන් එකිනෙකාට ගරුකරන සමාජයක්  ඇති කිරීමටත් මිනිසුන් වෙත එම පණිවිඩය රැගෙන යමින් තරුණ තානාපතිවරුන් විදිහට මහඟු සේවාවක් ඔවුන් සිදුකරනවා’ යැයි මාධ්‍ය හමුව ආරම්භ කළ අවස්ථාවේදී, බී.ටී.එස් කණ්ඩායම ධවල මන්දිරයට පිළිගෙන මාධ්‍ය හමුවේ ඔවුන් හඳුන්වා දෙමින් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරීන් ජීන් පියෙර් පැවැසුවාය.

‘අද අප අවේ ආසියාතික ඇමරිකානු සහ පැසිෆික් දූපත් ප්‍රජාව සමග ඔවුන්ගේ මාසයේ අවසන් දවස සමරන්න.මෑත කාලයේ ආසියාතික ඇමෙරිකානුවන්ට සිදුවන වෛරී අපරාධ ඇතුළුව ඇමෙරිකාවේ වෛරී අපරාධ වැඩිවීමක් දක්නට ලැබෙනවා අපි මේක නවත්වන්න ඕනේ ඒකට සහාය දෙන්න අපගේ මේ ගමනේ අරමුණ’ යැයි බී.ටී.එස්. සංගීත කණ්ඩායම මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ධවල මන්දිරයට ඔවුන් පැමිණීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිණි.

(රොයිටර්)



අදහස් (2)

බී.ටී.එස්. ධවල මන්දිරයේ

pakeer Wednesday, 01 June 2022 02:44 PM

වැඩේ කියන්නේ මේ ඔක්කොම එකවගේ මුහුණු තියෙන්නේ..!

:       3       8

A G Imallka sanjeewani Saturday, 04 June 2022 02:14 PM

බී.ටී. එස්ලාගේ සිතුවිලි සහ ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඉතාමත් හොඳයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 672 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 528 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site