නවදිල්ලියේ සිද්ධියෙන් පසුව ඉන්දියාවේ පළවන හින්දු පත්‍රය වාර්තා කරන ආකාරයට චතිස්ගාර් ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකකරුවන් 12කට එරෙහිව උසාවියේ ගොනුකර ඇති නඩුවක වසර හයක් තිස්සේම විභාග වෙමින් පවතී. කනගාටුවට හේතුව වන්නේ කුලහීන දැරියකට කරන ලද මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සිවිල් ආරක්ෂක භටයකුට චතිස්ගාර් ප්‍රාන්තයේ පොලිස් සේවයේ නිත්‍ය තනතුරකට උසස් කිරීමය.
2011 වසරේ සමස්ත ඉන්දියාවම අවදිකළ ප්‍රබල ව්‍යාපාරයක් වූයේ දූෂණයට එරෙහිව අනාහසාරේ සහ ඔහුගේ අනුගාමිකයින් නවදිල්ලියේ ජනතා මන්තර් පිටියේ ආරම්භ කළ උද්ඝෝෂණයයි. දෙවැනි නිදහස් සටන ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපාරයට ඉන්දියානු ජන සමාජයේ සෑම ස්ථරයකින්ම සහයෝගය පළවිය. පසුගිය දෙසැම්බර් මස 16 වැනිදා නවදිල්ලියේ බස් රථයක් තුළ තරුණයින් හය දෙනකු විසින් දූෂණය කිරීමෙන් පසු සිංගප්පූරුවේ රෝහලක දී මියගිය 23 හැවිරිදි ශිෂ්‍යාව නිමිති කරගෙන නවදිල්ලියේත්, ඉන්දියාවේත් සෙසු නගරවලත් හටගත් උද්ඝෝෂණ ව්‍යාපාරයද බොහෝ අතින් අනාහසාරේ දියත් කළ උද්ඝෝෂණයට සමානය. විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ මෙම උද්ඝෝෂණයට තරුණ තරුණියන් ඇතුළු ශිෂ්‍යයන් දහස් ගණනින් ඒකරාශි වීමය. සංවිධානයකින් හෝ එකතුවකින් මෙහෙයවනු නොලැබූ ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ස්ත්‍රී දූෂකයන්ට වහාම දඬුවම් පමුණුවනු යන්නයි. සිය විරෝධය පළ කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරන ලෙස ඉල්ලා ඉන්දියානු අගමැති කාර්යාලයට හා ජනාධිපති කාර්යාලයට පෙළපාලියකින් යෑමට සූදානම් වූ උද්ඝෝෂකයන් පළවා හැරීමට කඳුළු ගෑස් මෙන්ම ලැති ප්‍රහාර එල්ල කිරීමටද නවදිල්ලි පොලිසියට සිදුවිය. අග නගරයේ සුරක්ෂිතම ප්‍රදේශයේ පවතින නොසන්සුන්තාව නිසා නිල සංචාරයකට පැමිණි රුසියානු ජනාධිපති පුටින් සමග ඉන්දියානු අගමැති මන් මෝහන් සිංග් සාකච්ඡුා පැවැත්වූයේ වෙනත් ස්ථානයකය.
ස්ත්‍රීන් මෙම සුළු ජන කොටස්වල අයිතිවාසිකම් ගැන ප්‍රියමනාප ආකල්පයක් නොපවතින ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ හා ස්ත්රීන්ට කෙරෙන වෙනත් අතවර දිනපතාම පාහේ වාර්තාවන නමුත් වෛද්‍ය ශිෂ්‍යාවක් වන මෙම තරුණියගේ සිද්ධිය මේ දිනවල දැඩි ශීතලෙන් පෙළෙන නවදිල්ලි නගරය උණුසුම් කිරීමට හේතු වූයේ ඇයිද? යන්න බොහෝ දෙනාගේ සාකච්ඡුාවට ලක්ව ඇති මාතෘකාවකි. සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට කාර්මික රටක් බවට පත්වීමට කඩිනම් ගමනක යෙදෙන ඉන්දියාවේ විවිධ සමාජ කොටස් එම ප්රවාහයෙන් බැහැර කෙරෙන ආර්ථික හා දේශපාලන ප්රවණතා නිසා ඉන්දියානු ජන සමාජය තුළ පෙර නොවූ විරු විභේදන උග්‍ර වෙමින් පවතී. පරමාදර්ශී බවෙන් මිදුන ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමය තුළ මුදලට හා බලයට ප්රමුඛ ස්ථානයක් හිමි වන අතර තරුණයන්ට හා සුළු ජන කොටස්වලට එහි තැකීමක් නැත. දෙසැම්බර් 16 වැනිදා එම ශිෂ්‍යාව දූෂණය කළේ මුඩුක්කු ප්‍රදේශයක ජීවත්වන වරප්‍රසාද රහිත ජන කොටසක තරුණයන් හය දෙනකු විසින් බවත් එය ධනය හා බලය අයථා ලෙස යොදන සමාජ ක්රමයේ ප්රතිඵලයකි. අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමටත් නීතිය ඉටු කිරීමටත් ඉන්දියාව පුරා තරුණ තරුණියන් වීදි බැස්සේ සිද්ධිය කළවුන්ට පමණක් නොව එවැනි සිදුවීම්වලට ඉඩ සැලසෙන ඒවා දෙස උදාසීනව බලා සිටින සමාජ ක්‍රමයටද විරෝධය පෑම සඳහාය. මෙම සිද්ධියට අදාල පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදීමෙන් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ යැයි ඉන්දියාවේ තරුණ පරපුර නොසිතන බව පෙනේ. ඔවුන් වීදි බසින්නේ එම නිසාය.
ඉන්දියානු ජන සමාජයේ පිළිකාවක් වූ දූෂණ හා වංචා මෙන්ම ස්ත්‍රී දූෂණය ද කවුරුත් ප්‍රසිද්ධියේ හෙළා දකින එහෙත් ස්ථිරසාර විසඳුමක් ලබාදීමට පසුබට වන සමාජ ව්‍යාධියකි. ඉන්දියන් ජාතික අපරාධ වාර්තා කාර්යාංශය ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියාව තුළ සෑම විනාඩි 20කටම ස්ත්‍රී දූෂණයක් සිදු වේ. එම ආයතනයේම සංඛ්‍යා ලේඛන අනුව 2010 වසරේදී ස්ත්‍රී දූෂණ 22141ක් වාර්තා වුවද 2011 දී එය 24,206 දක්වා ඉහළ ගියේය. සමහර නිරීක්ෂකයන් විසින් ස්ත්‍රී දූෂණ අග නගරය ලෙස හඳුන්වන නවදිල්ලියේ 2009 වසරේදී ස්ත්‍රී දූෂණ 469ක් වාර්තා වූ අතර 2010 දී එය 507කි. 2011 වසරේදී වාර්තාවූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 572කි. මෙම වසරේදී එවැනි අපරාධ 635ක් වූ අතර ඒ පිළිබඳව පුද්ගලයන් 745ක් අත්අඩංගුවට ගත් නමුත් දඬුවම් ලබාදී ඇත්තේ එක් පුද්ගලයකුට පමණි. ඉහතින් සඳහන් කළ කාර්යාංශයේ වාර්තා අනුව ස්ත්රීන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන්ගෙන් දඬුවම් ලබා ඇත්තේ සියයට 26ක් පමණි.
මීටත් වඩා නරක තත්ත්වය වන්නේ එවැනි සිදුවීම් නොසලකා හැරීම හෝ ඒවා අනුමත කරන නැතිනම් ඉවසන ආකාරයෙන් දේශපාලනය හා පරිපාලනමය ක්‍රියාත්මක වීමය. නවදිල්ලියේ සිද්ධියෙන් පසුව ඉන්දියාවේ පළවන හින්දු පත්‍රය වාර්තා කරන ආකාරයට චතිස්ගාර් ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකකරුවන් 12කට එරෙහිව උසාවියේ ගොනුකර ඇති නඩුවක වසර හයක් තිස්සේම විභාග වෙමින් පවතී. කනගාටුවට හේතුව වන්නේ කුලහීන දැරියකට කරන ලද මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සිවිල් ආරක්ෂක භටයකුට චතිස්ගාර් ප්‍රාන්තයේ පොලිස් සේවයේ නිත්‍ය තනතුරකට උසස් කිරීමය. එම සිද්ධියේ අනෙක් සැකකරුවන්ට ද ප්‍රාන්ත රජයේ රැකියා ලබාදී ඇත්තේ ඔවුන් එම ප්‍රාන්තයේ නක්සලයිට් සටන් කණ්ඩායමට එරෙහිව සටන් කරන නිසාය. මේ දිනවල පළවූ තවත් වාර්තාවක් අනුව හරියානා ප්‍රාන්තයේ දූෂණයට ලක් වූ තරුණියක් සිය දිවි නසාගෙන ඇත්තේ යුක්තිය ඉටු නොවීම නිසාය. මෙවැනි සිදුවීම් නිමක් නැති තරම්ය.
අනෙක් වැදගත් කාරණය වන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවැනි සිද්ධීන් නොවැදගත් හෝ සාමාන්‍ය දේ ලෙස සිතීමය. මියගිය වෛද්‍ය ශිෂ්‍යාවගේ උපන්ගම වූ උත්තර් ප්‍රදේශයේ පාලන බලය හිමිකර ගෙන සිටින සමාජවාදී පක්ෂය පසුගිය ප්‍රාන්ත ඡුන්ද විමසීමේදී ඉදිරිපත් කළ ආරක්ෂක ලැයිස්තුවෙන් බහුතරයක් ස්ත්‍රී දූෂණ හෝ වෙනත් බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත්ව ඇති හෝ ඒවාට වැරදිකරුවන් වූ අයයි. පසුගියදා ගුජරාටයේ පැවති ප්‍රාන්ත සභා ඡුන්ද විමසීමේදී ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් තුනෙන් එකක් ස්ත්‍රී දූෂණවලින්ද චෝදනා ලැබූ අයයි. සමස්තයක් වශයෙන් ප්‍රාන්ත සභා ඡුන්ද විමසීමෙන් ජයගත් අපේක්ෂකයන්ගෙන් හතරෙන් තුනක්ම කෝටිපතින්ය. ඉන්දියාවේ වත්මන් ලෝක් සභාව මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට ස්ත්‍රී දූෂණ පිළිබඳ චෝදනා ඉදිරිපත්ව ඇත. එම නිසා යුක්තිය හා සාධාරණත්වය පතා තරුණ ජනතාව වීදි බැස උද්ඝෝෂණ කිරීම පුදුමයට කරුණක් නොවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටු කිරීමටත් නීතිය හා සාමය පවත්වා ගැනීමට ඇති ආයතන පිළිබඳව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නතර කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති ප්‍රමිලා ෂන්කර් සඳහන් කරන ආකාරයට පසුගිය වසර කීපය තුළ ස්ත්‍රී දූෂණ සියයට 800කින් වැඩි වුවද පරිපාලකයින් ඒ ගැන නිසි උනන්දුවක් දක්වන්නේ නැත.
නිදහස් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ආචාර්ය අමාබඞ්කාර් සක්‍රිය පහත් කොට සැළකෙන සමාජ චාරිත්‍ර තහනම් කිරීමට හා ස්ත්‍රී අයිතිවාසිකම් සුරැකීමට ප්‍රතිපාදන සැලසුම් කළද ඒවා අතහැර දැමීමට සිදුවිය. දූරදර්ශී නායකයකු මෙන්ම එවකට අගමැති වූ ජවහර්ලාල් නේරු අමාබඞ්කාර්ගේ යොජනාවලට අනුමැතිය ලබාදුන් නමුත් හින්දු පූජකවරුන්ගේ දැඩි විරෝධය නිසා ඒවා අතහැර දැමීමට සිදුවිය. මින් කලකිරීමට පත් ආචාර්ය අමාබඞ්කාර් ප්රජාතන්ත්රවාදය ඉන්දියාවේ පොළව මතුපිට ඇති සිහින් ආස්තරයකයි කීවේය. හින්දු ආගමික නායකයින් හා දේශපාලන පක්ෂ දක්වන උදාසීනභාවය නිසා ස්ත්රීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියානු නීති කොමිසම මීට වසර දහයකට පෙර ඉදිරිපත් කළ නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නැත. ඊට අමතරව 2009 දී ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් යෝජනා කළ මඟ පෙන්වීම් කිසිදු ප්‍රාන්ත රජයකින් ක්‍රියාවට නගන්නේ නැත. බටහිර බෙංගාලයේ මමතා බැනර්ජිගේ රජයට ස්ත්‍රී අයිතීන් සම්බන්ධයෙන් ප්‍රාන්ත මානව අයිතිවාසිකම් කොමිසම පසුගිය අපේ‍්‍රල් මාසය ඉදිරිපත් කළ නිර්දේශ ගැන මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
දූෂණ හා වංචා පිළිබඳ චෝදනා ඉදිරියේ දුර්මුඛ වි සිටින මන් මෝහන් සිංග් රජය මෙම සිද්ධියේදී සුපුරුදු ආකාරයෙන් විශ්‍රාමලත් අගවිනිසුරුවරයකු වූ වර්මාගේ නායකත්වයෙන් කොමිටියක් පත් කළේය. විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු සැසියක් කැඳවන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. ඊට පිළිතුරු වශයෙන් කිසියම් යෝජනාවක් ඇත්නම් වර්මා කොමිටියට ඉදිරිපත් කරන්නැයි රජය කියයි. ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබාදීමට කෙරෙන ඉල්ලීම් ද නිතර දක්නට ලැබේ. එහෙත් සෝඩා බෝතලයක් කැඩූ විට මෙන් ඉස්මතු වෙන මෙම උනන්දුව සිද්ධියේ උණුසුම් පහව යනවිට යටපත් වේදැයි තරුණ ජනතාව තුළ සාධාරණ සැකයක් පවතී. ඔවුන් වීදි බසින්නේ මෙම ප්‍රශ්නයට කඩිනම් හා සාධාරණ විසඳුම් ලබා ගැනීම සඳහාය. බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට නීති කොමිසමෙන් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමතරව ලෝක සභාවට ඉදිරිපත් කර ඇති ස්ත්රීන්ට වෙන්කර තැබීමේ පනත (Women's Reservation Bill) සම්මත කරන්නේ නම් පවතින බොහෝ ගැටලූවලට විසඳුම් ලබාගත හැකිය. තවත් කමිටු පත්කිරීම ප්රශ්නය කල් දැමීමට හා යටපත් කිරීමට ගන්නා උත්සාහයකි.
වෛද්‍ය ශිෂ්‍යාව දූෂණයට ලක්වීමෙන් මියයාම නිසා හටගත් ආකස්මික විරෝධතා ව්‍යාපාරය අනාහසාරේගේ දූෂණ විරෝධී ව්‍යාපාරය මෙන්ම තවත් දින කීපයකින් ස්වභාවික මරණයට පත්වනු ඇත. ස්ත්‍රිය පහත්ය. ඇයට හිමි තැන කුස්සිය වැනි පුහු මතවාද මුල් බැසගත් සමාජ ක්‍රමයක් ප්රතිශෝධනයට ලක් කිරීමට අවශ්‍ය සමාජ පෙළ ගැස්ම යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඊට අවශ්‍ය මතවාද පෙළ ගැස්ම හා බුද්ධිමය නායකත්වය ජන සමාජයේ ප්රබුද්ධ කොටස්වලින් ලබාදිය යුතුය. අවාසනාවකට මෙන් එවැනි අවකාශයක් ලිහිල්කරණයට ලක්වූ ආර්ථික හා දේශපාලන පද්ධතීන්ගෙන් ලැබෙන්නේ නැත. ඒ අනෙක් සියලූම දේ මෙන් සමාජ ගුණධර්ම ද වෙළඳ පොලෙන් මිලක් තීරණය වන තෙක් භාණ්ඩයක් හෝ සේවයක් වන බැවිනි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භාරත මාතාවනි, දියණියන්ට ඇයි මේ කෙනෙහිලි?
හසිත් Sunday, 06 January 2013 08:25 PM
අපේ ජනතාවට හොඳ පූර්වාදර්ශයක් (ස)
අශේන් Saturday, 05 January 2013 09:54 PM
ඉන්දියානු සමාජ ක්‍රමය දැඩි සංකීර්ණයි (දී)
සමන් Sunday, 06 January 2013 01:22 PM
ඒ රටේ තියෙන සමාජ ක්‍රමය තමයි මේකට වග කියන්න ඕනේ (දී)
වජිර Friday, 04 January 2013 01:51 PM
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියානු සමාජ ක්රමයේ (දී)
නාලක Monday, 07 January 2013 09:05 AM
ලංකාවේ මීට වැඩිය ලොකු රෙකෝඩ් තියෙනවා. ඒත් දඩුවම් ලැබෙන්නෙ බල පුලුවන්කාරකමක් නැති අයට විතරයි. (නි)
පෙරේරා Saturday, 05 January 2013 03:12 PM
ලංකාවේ ඉපදුණු එක ගැන මම දැන් සතුටු වෙනවා. (නි)
සුභා Friday, 04 January 2013 11:31 PM
මෙවන් අපරාධ කියක් නම් උනාද (දී)
චන්දිමා Saturday, 05 January 2013 12:16 AM
මෙයයි ඉන්දියාවේ යථාර්තය (ස)
සේනානායක Friday, 04 January 2013 04:30 PM
ඉන්දියාවට මේ දවස් වල ටිකක් හොද මදි (දී)