ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනිය වයෙට් ඩැට් දෛනික කොරෝනා තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිද්දී, මකුළුවකුගෙන් බාධා එල්ල විය.
සුපුරුදු පරිදි මාධ්‍ය හමුව පැවැත්වූයේ එළිමහනේය. 'කොවිඩ් 19' ආසාදිතයන් ගැන දැනුම් දෙද්දී, 'හන්ට්ස්මන්' වර්ගයේ මකුළුවකු සිටිනු දකින්න ලැබෙන්නේ ඇමැතිනිය ඉදිරියේ අසුන්ගෙන සිටින මාධ්‍යවේදීන්ටය.
'හන්ට්ස්මන්' යනු ඔස්ට්‍රේලියාවේ බහුලව දකින්න ලැබෙන ප්‍රමාණයෙන් විශාල මකුළුවෙකි.
'ඇමැතිතුමියනි, ඔන්න ඔබතුමියගේ ඇගේ ලොකු මකුළුවෙක් ඉන්නවා' යැයි මාධ්‍යවේදීන් පවසද්දී, 'අපොයි, කවුරු හරි මකුළුවා අයින් කරන්න. මගේ මුහුණට එන්න දෙන්න එපා.' යැයි ඇමැතිනිය කියයි.
'පේනවා නේද මං කලබල නොවී ඉන්න උත්සාහ ගන්නා හැටි. මම මකුළුවන්ට ප්‍රිය කරන්නේ නැහැ. ඒත් මම කලබල නොවී ඉන්න බලනවා' යැයි ඇමැතිනිය කියයි.
මකුළුවා ඇමැතිනියාගේ ඇඳුමේ එහෙ මෙහෙ යද්දී, ඇමැතිනිගේ සහායට සිටි පිරිස ඇය වට කර ගනිමින් මකුළුවා කොහෙදැයි සොයාන දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතී.
අවසානයේ මකුළුවා ඇමැතිනියගේ සිරුරින් බැස යන්න යයි. 'හරි එයා යන්න ගියා. බලන්නකෝ වැඩේ හැටි. අපට කොරෝනාවලින් කරදර. දැන් හන්ට්ස්මන් මකුළුවන්ගෙනුත් කරදර. වෙච්ච දෙයක්' යැයි අගමැතිනිය සැනසුම් සුසුම් හෙලමින් කියයි.
(වීඩියෝ දසුන් - ද ගාඩියන් ඇසුරිනි)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මකුළුවෙක් කළ හදියක්
jayath Friday, 17 December 2021 11:04 AM
කාලෙකට ඉස්ස්සර අපටත් හිටිය සෞඛ්‍ය ඇමතිනියක් ධම්මික පැනිය ගැහුවට පස්සද කොහෙද දැන් උන්නද මලාද නැහැ පවු ඕනවට වඩා කඩේ යන්න ගියාම ඔහොම තමයි .
Karl Friday, 17 December 2021 12:36 PM
ලංකාවෙ නිව්ස් නැහැ වගේ !...
සෙනෙවිරත්න Friday, 17 December 2021 02:20 PM
මෙහෙ නම් මදුරුවෙකුටවත් කිට්ටු වෙන්න බැහැ...
යෝගා Friday, 17 December 2021 07:13 PM
අපේ මැතිණියලා අඳින්නේ සාරි. මකුළුවන් වෙනුවට එල්ලෙන්නේ කූඩැල්ලන්...
හැරීFriday, 17 December 2021 08:57 PM
සතෙක් රිංග ගත්තොත් හොයන්නත් බෑ,කෙහෙල්මල් සාරියේ
Dasa P Saturday, 18 December 2021 01:04 AM
ඕවා සුළු දේවල් .අපිට වෙලා තියන හදියේ හැටියට
Sandaruwan Saturday, 18 December 2021 02:26 PM
භාෂා පරිවර්තකයා තත්වය හොඳින් විස්තර කරයි