ෆේස්බුක් සමාගමේ හිමිකාරීත්වය දරන ‘මෙටා’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක (යූරෝ බිලියන 1.2) දඩයක් නියම වී තිබේ.
මෙම දඩය නියම කර ඇත්තේ යුරෝපා සංගමයේ පෞද්ගලිකත්ව නියාමකයා වන ඇමෙරිකා එක්සත් ජනපදයට දත්ත මාරු කිරීම නැවැත්වීම සඳහා මාස පහක කාලයක් ද ලබා දී ඇත. පරිශීලක තොරතුරු පරිහරණය කිරීමට අදාළව මෙටා සමාගමට මෙම දඩය නියම වී තිබේ.
යුරෝපා අධිකරණය දත්ත මාරු කිරීම/පැවැරීමට අදාළව 2020 වසරේ කළ නියෝගයක් ඉක්මවා මෙටා සමාගම කටයුතු කිරීම හේතුවෙන් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා මෙම දඩය පනවා ඇත. අදාළ නියෝගය මගින් යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර දත්ත මාරු කිරීමේ ගිවිසුම අවලංගු කර තිබේ. යුරෝපා සංගමය මීට පෙර පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීම, කඩ කිරීම හෝ ඊට අදාළ චෝදනාවලට අදාළව ඇමසන් සමාගමට 2021 වසරේ දී යූරෝ මිලියන 746ක දඩයක් පැනවීය. ලක්සම්බර්ග් වෙතින් අදාළ දඩය නියම විණි.
කෙසේ නමුත් මෙවර මෙටා සමාගමට පැනවූ දඩය මේ අනුව වාර්තා ගත දඩයක් බවට පත්ව තිබේ. මීට පෙර පෞද්ගලිකත්වය කඩ කිරීම සම්බන්ධයෙන් කිසිදු සමාගමකට මෙතරම් ඉහළ දඩයක් පනවා නොමැත.
මෙටා සමාගමට අයත් ෆේස්බුක් සමාජ ජාලයේ දත්ත ගබඩා සහ ඒ සම්බන්ධයෙන් වන කතාබහ සහ අර්බුද ඇති වූයේ මීට දශකයකට පෙර ය. ඇමෙරිකා එක්සත් ජනපදය පෞද්ගලික දත්ත එක්රැස් කිරීමට එරෙහිව මැක්ස් ෂ්‍රෙම්ස් නෛතික ක්‍රියාමාර්ග ගැනීමත් සමඟ ය. ඔහු එම ක්‍රියාමාර්ග ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කාර්යාංශයේ (එන්.එස්.ඒ - NSA) කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ එඩ්වඩ් ස්නෝඩන් ඉතාමත් රහසිගත තොරතුරු රැසක් අනාවරණය කිරීමත් සමඟ ය. මැක්ස් ෂ්‍රෙම්ස් ඔස්ට්‍රියානු ජාතිකයකු වන අතර ඔහු පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ක්‍රියාකාරියකු මෙන්ම නීතිඥයකු ද වේ. හෙතෙම, ෆේස්බුක් සමාගමේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම්වලට එරෙහිව අඛණ්ඩව ක්‍රියාමාර්ග ගත්තෙකි.
මෙම නියෝගයට අදාළව අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මෙම පනවා ඇති දඩය අයුක්ති සහගත සහ අනවශ්‍ය එකක් යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙටා සමාගම සඳහන් කළේ ය. අධිකරණය විසින් පනවා ඇති අත්හිටුවීමේ නියෝගවලින් ද ඉවත් ව සිටින බව මෙටා සමාගම නිවේදනය කළේ ය.
දත්ත මාරු කිරීම් අත්හිටුවීමට පෙර යුරෝපා සංගම් පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිතව ඇමෙරිකා එක්සත් ජනපදයට මාරු කිරීම සඳහා නව ගිවිසුමකට එළැඹෙන බව ද මෙටා සමාගම සඳහන් කළේ ය.
(රොයිටර්)
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මෙටා’ සමාගමට දඩ