IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මැන්ඩෙලාට අසාධ්‍යයි

රෝහල් ගතවී සිටින දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා අසාධ්‍ය තත්ත්වයක පසුවන බව එරට ජනාධිපති ජාකොබ් සුමා නිවේදනය කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට බෙහෙවින්ම පිරිහී ඇතත් එය යහපත් තත්ත්වයට පත් කිරීම සඳහා වෛද්‍යවරුන් දැඩි පරිශ‍්‍රමයක නිරත වෙමින් සිටින බවද දකුණු අපි‍්‍රකා ජනාධිපතිවරයා කියා සිටී.
රෝහල්ගතව සිටින 94 හැවිරිදි මැන්ඩෙලාගේ සුවදුක් විමසීමට දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජාකොබ් සුමා සහ එරට පාලක අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නියෝජ්‍ය නායක සිරිල් රමෝපාෂා පෙරේදා (24) ඔහු ප‍්‍රතිකාර ගන්නා රෝහලට ගිය බවද අප‍්‍රිකා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව බීබීසී ලෝක පුවත් සේවය කියයි.
ගතවූ පැය 24ක කාලය තුළ 94 හැවිරිදි නෙල්සන් මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් පිරිහී ඇති බව මෙහිදී වෛද්‍යවරුන් එරට ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කර තිබේ.
පෙනහලූ ආසාදනයක් හේතුවෙන් නෙල්සන් මැන්ඩෙලා ඉකුත් 8 වැනිදා පි‍්‍රටෝරියා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර ගත වූ මාස හයක් ඇතුළත ඔහු රෝහල්ගත කළ සිවුවැනි අවස්ථාව මෙය වේ.
මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමත් සමඟ මිලියන 53ක් පමණ වන දකුණු අප‍්‍රිකානු වැසියන් දැඩි කම්පනයට පත්ව සිටින බවද වාර්තා වේ.
මේ අතර නෙල්සන් මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඇමෙරිකා ධවල මන්දිරයේ දී අවධානය යොමුව ඇති අතර ඇමෙරිකා ජාතික ආරක්‍ෂක කවුන්සලයේ ප‍්‍රකාශිකා කෙටිලින් හේචන් ප‍්‍රකාශ කළේ මේ සතිය අවසානයේ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා දකුණු අපි‍්‍රකාවේ සංචාරය කිරීමට නියමිත බවත් එහිදී ඔහු මැන්ඩෙලාගේ සුවදුක් විමසීමට ද නියමිත බවය.
දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලා එදා මෙදා තුර ලෝකයේ පහළ වූ විශිෂ්ටතම නායකයකු ලෙස සැලකේ.
දකුණු අප‍්‍රිකාවේ වර්ගභේදවාදය තුරන් කිරීමටත් 1941 වසරේ දී එරට සුදු ජාතික පාලනය අවසන් කරමින් සාමකාමීව දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මැන්ඩෙලා අති සුවිශේෂ කාර්යයක් ඉටු කළේය.

දකුණු අපි‍්‍රකානු වැසියන් දෙදෙනකු මැන්ඩලා ගැන සඳහන්ව තිබෙන පුවත්පත් වාර්තා කියවමින්

 



අදහස් (0)

මැන්ඩෙලාට අසාධ්‍යයි

රිස්වාන් ඩුබායි Wednesday, 26 June 2013 02:57 PM

මම කැමතිම මිනිසෙක්. ඔබට ඉක්මනින් සුවය ලැබේවා !(නදී)

:       0       0

පෙරේරා Wednesday, 26 June 2013 07:52 PM

සඳරුවන්, මම දන්නේ නැහැ ඔයා කොහේද ඉන්නේ කියල, නමුත් ඔයාගේ දහම් දැනුම ඉතාම ඉහළයි ඒවගේම හුඟක් සතුටුවෙනවා.(අ)

:       0       0

සඳරුවන් Wednesday, 26 June 2013 04:28 PM

ගල් කුහරයක හිටියත්, අහසේ පැලක් බැඳගෙන හිටියත්, මුහුද මැද හිටියත් මරණින් ගැලවෙන්න බැහැ.ඒකයි සසර දුකක් බව බුදුරජාණන් වහන්සේ වදාළේ. (නි)

:       0       0

ප්‍රියංක Friday, 28 June 2013 11:14 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! ඔබ ලෝකයේ පහල වුන සැබෑම මිනිසෙකි (නි)

:       0       0

ගමගේ Wednesday, 26 June 2013 11:27 PM

මට නම් ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා මහා සෙනවි සරත් පොන්සේකාකා මැතිතුමායි.  ඔබ දෙපලම මට නොව මාගේ මාතෲභූමියට දැඩි සේ ආදරය කලාය එ නිසාම දග ගෙයි ලෑහ. තේරුවන් සරනයි.(නදී)

:       0       0

සදරුවන් Thursday, 27 June 2013 11:38 PM

කුඩා දරුවෝද, වියපත් මහලු අයද, නූගත් බාලයින්ද, බොහෝ සෙයින් උගත් පණ්ඩිතයන්ද ආදී සියල්ලෝම මරුවාගේ වසඟයට යන්නාහ. මාරයාට පරාද වන්නාහ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 26 June 2013 05:12 PM

අදටත් දකුණු අප්‍රිකාව කියන්නේ කොටින්ගේ ක්ෂේම බූමියක්.. (නි)

:       0       0

අතපත්තු Thursday, 27 June 2013 01:33 AM

ශ්‍රේෂ්ට නායකයාණනි ,ඔබට තවත් කාලයක් අප අතර සිටීමට ,නිරෝගී සුවය ලැබේවා!(නදී)

:       0       0

ඉන්දික ක්‍රිශාන්ත Wednesday, 26 June 2013 02:11 PM

කාටත් මරණය පොදු වුවත් මේ අසහාය නායකත්වයට නිරෝගී සුව පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 380 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 129 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 128 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 862 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 137 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site