තෙවැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමට ජනවරමක් හිමිවූ නවාස් ෂරීෆ්ට ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් සහ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් සුබ පැතුම් පිරිනැමුණි.
ෂරීෆ්ගේ නව රජය සමඟ ඉතා සමීපව මෙන්ම සහයෝගයෙන්ද කටයුතු කිරීමට වොෂින්ටනය සූදානම් බව ජනපති ඔබාමාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.
පාකිස්තානය සහ පාකිස්තාන වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇමෙරිකාව මින් ඉදිරියටත් පාකිස්තාන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ජනපති ඔබාමා වැඩිදුරටත් පවසා ඇත.
ඇෆ්ගන් සංග්‍රාමයේදී පාකිස්තානයේ සහාය ඇමෙරිකාවට අවශ්‍ය වෙයි.
ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය. ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව පාකිස්තාන රජය මුදල් ලබා දීමක් ද සිදු කරයි.
2014 වසරේ දී ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කිරීමට ඇමෙරිකාව තීරණය කර සිටියත්, පාකිස්තානය දිගටම තම මිතුරා ලෙස තබා ගැනීමට ඇමෙරිකාව අපේක්ෂා කරයි.
පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, ෂරීෆ්ගේ නව රජය සටන්කාමීන්ට එරෙහිව කි‍්‍රයා කරනු ඇතැයි යන්න තම විශ්වාසය යැයි ද ඇමෙරිකාව පවසයි.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං, නවාස් ෂරීෆ්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉන්දු පාකිස්තාන සබඳතා අලූත් කර ගැනීමටත්, දෙරට අතරේ හොඳහිත වර්ධනය කර ගැනීමටත් තමන් විශ්වාස කරන බවය.
1999 වසරේ දී හමුදා කුමන්ත්රණයකින් බලය අහිමි වෙද්දී තමන් ඉන්දියාවත් සමඟ පැවැත් වූ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන් ද අපේක්ෂා කරන බව ෂරීෆ් ද පවසා ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්මෝහන් - ඔබාමා නවාස් ෂරීෆ්ට සුබ පතති
සේරම් පැරිස් Monday, 13 May 2013 09:59 PM
මන් මෝහන් දැන් ඔබාමාගේ කතා වලට හොඳට මෝහනය වෙලා ඉන්නවා වගෙයි මට පෙනෙන්නේ. (නි)