IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මන්මෝහන් සිංග් රජය නැවතත් අර්බුදයක

2g නමින් හැඳින්වෙන ගුවන් විදුලි වර්ණාවලී පිළිබඳ අර්බුදයේ උණුසුම පහවී යෑමටත් පෙර ඉන්දියානු අගමැති ආචාර්ය මන් මෝහන් සිංග් රජය නැවතත් එවැනිම අර්බුදයකට මුහුණ දී සිටී. ඒ පසුගිය සතියේ සිකුරාදා ඉන්දියාවේ විගණකාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් ගල් අඟුරු කැණීමට බිම් කොටස් වෙන්කර දීමේදී සිදු කර ඇතැයි කියන දුෂණ හෝ වංචා පිළිබඳව කරන ලද හෙළිදරව්වයි. 2g ගුවන් විදුලි වර්ණාවලි වෙන්කරදීමේදී විවෘත කි‍්‍රයාමාර්ගයක් අනුගමනය නොකිරීමෙන් රජයට සිදුව ඇතැයි සඳහන් පාඩුවට වඩා විශාල පාඩුවක් සිදුව ඇතැයි කියන මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මෙතෙක් අවංකභාවය ගැන නමක් දිනා සිටි අගමැති මන්මෝහන් සිංග්ටමය. 2g ගනුදෙනුවේදී අගමැතිවරයාගේ උපදෙස් නොතකා එවකට ගුවන් විදුලි සන්දේශන කටයුතු භාර ඇමතිවරයා වූ රාජා ක‍්‍රියා කළ ආකාරයටම මෙවර ගල් අගුරු අංශය භාරව සිටි ලේකම්වරයාගේ යෝජනා නොසලකා ක‍්‍රියා කර ඇත්තේ එවකට එම අංශයට භාරව සිටි අගමැති මන්මෝහන් සිංග්ය. කෝල්ගේට් නමින් දැනටමත් මහජන අවධානයට ලක්ව ඇති මෙම ගනු දෙනුව නිසා ඉන්දියානු විගණකාධිපති සඳහන් කරන ආකාරයට සිදුව ඇති පාඩුව ඉන්දියානු රුපියල් කෝටි ලක්‍ෂ 3.06 කි. ඉන්දියානු නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම කෝල්ගේට් සිද්ධිය දිග හැරෙන්නේද 2ට  සිද්ධිය දිග හැරුණු ආකාරයටමය. ගුවන් විදුලි වර්ණාවලි වෙන්දේසි කළේ නම් පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවීමට සිදු වන්නේ යැයි තර්ක කළ ආකාරයටම ගල් අඟුරු කැණීම් අයිතිය වෙන්දේසි කළේ නම් බලශක්තිය සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වන්නේ යැයි අගමැති කාර්යාලයෙන් දන්වා තිබිණ. එහෙත් මෙවැනි හේතු යුක්ති කිරීම් ප‍්‍රතික්ෂේප කරන භාරතීය ජනතා පක්‍ෂය ඇතුළු විපක්‍ෂය සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක් කරන තෙක් ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන බව අවධාරණය කරති. විපක්ෂයේ විරෝධතාව නිසා පසුගිය සඳුදා ලෝක් සභාවේ හා රාජ්‍ය සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වූ කතානායකවරයා රැස්වීම අත්හිටුවීමට තීරණය කළේය. ගුවන් විදුලි වර්ණාවලි සිද්ධියේදී මෙන්ම මෙවරද සමහර විට මාස ගණනාවක් ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ වැඩ කටයුතු කිරීමට ඉඩක් නොලැබෙනු ඇත. පසුගිය දශකයකට අධික කාලයක් තිස්සේ ශීඝ‍්‍ර සංවර්ධනයක් අත්කර ගත් ඉන්දියාව ලොව විශාලතම ආර්ථික දහය අතරට එක් වුවද එම ක‍්‍රියාවලිය බරපතල අසාධාරණකම්වලට හා විෂමතාවට ලක් වූ බවද මෙම සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. ලිහිල්කරන ලද ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ පුළුල් වූ නිෂ්පාදනයේ හා සේවාවන්ගේ වැඩි පලප‍්‍රයෝජන අත් වූයේ සමාජයේ වරප‍්‍රසාද හිමි සුළුතර කොටසකටය. සමාජ ක‍්‍රියාකාරිනියක් වන අරුන්දතී රෝයි මෙය හැඳින්වූයේ හොල්මන් ධනවාදයක් ලෙසිනි. ඇත්තෙන්ම සංවර්ධනයේ නාමයෙන් සිදුව ඇත්තේ රටේ ස්වභාවික සම්පත් දැවැන්ත ආකාරයෙන් සූරාකෑම ය. එම නිසා ඉන්දියාව ගල්අඟුරු, යපස් වැනි අමුද්‍රව්‍ය අපනයනය අතින් ප‍්‍රමුඛස්ථානයට පත්විය. එම ක‍්‍රියාදාමයේදී වැඩියෙන්ම පීඩාවට පත්වූයේ ගම්බද හා ස්වභාවික සම්පත්වලින් පොහොසත් වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජීවත් වූ ගෝත‍්‍රික ජනතාවය. ඇතැම් ප‍්‍රදේශවල මෙම ජන කොටසේ විරෝධය පළ වූයේ නක්සලයිට් ත‍්‍රස්තවාදය නමිනි. එම නිසා අගමැති මන්මෝහන් සිංග් ත‍්‍රස්තවාදය නිදහස් ඉන්දියාව මුහුණ දී ඇති බරපතළම අර්බුදය ලෙස හැඳින්වූයේය. නක්සලයිට් කැරලිකාරිත්වය පවතින සමාජ විෂමතාවේ එක් ප‍්‍රකාශනයක් පමණි. විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුම්ද බොහෝ නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම අසම ආර්ථික වර්ධනයේ ප‍්‍රතිඵලයකි. මෑතකදී ඇසෑමයේ හටගත් වාර්ගික ගැටුම් ඊට එක් නිදසුනක් පමණි. සති තුනක් තිස්සේ පැවති මෙම ගැටුම් නිසා 80 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වූ අතර 400,000 සංඛ්‍යාවක් අවතැන් වී සිටිති. එමෙන්ම මෙම ගැටුම ඇසෑමයට පමණක් සීමා වූයේ නැත. ඇසෑමයේ මුස්ලිම් ජනතාවට සිදුව ඇති හානියට විරෝධය පළ කිරීමට මුම්බායි නගරයේ පැවැත් වූ විරෝධතාවක් අවසන් වූයේද මහත් ප‍්‍රචණ්කාරිත්වයෙනි. ඊටත් වඩා බරපතළ තත්ත්වයක් වූයේ ඉන්දියාවේ සෙසු ප‍්‍රාන්තවල ජීවත්වන ඇසෑමය නිජබිම් කරගත් බොඩෝ වාර්ගිකයින් දහස් ගණනින් උන්හිටිතැන් අතහැර නැවතත් ඇසෑමයට යෑමට තීරණය කිරීමය. කර්ණාටක, තමිල්නාඩු සහ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තවල වෙසෙන බොඩෝ වාර්ගිකයින් හදිසියේ බියපත්ව ආපසු ඇසෑමයට යෑමට උත්සාහ කළ නිසා එම ප‍්‍රාන්තවල ප‍්‍රවාහන කටයුතු අඩාල වන තත්ත්වයක් උදාවිය. පසුව තත්ත්වය සන්සුන් වුවද එවැනි වාර්ගික හෝ ආගමික ගැටුම් කුමන මොහොතක හෝ ඇතිවීමේ අනතුර පහව නැත. ඉන්දියානු රජය සැලසුම් සහගතව හෝ නොමැතිව මෙම තත්ත්වයට මුහුණ දීමට සූදානම් වන්නේ සිය සන්නද්ධ ශක්තිය වැඩිකර ගැනීමෙනි. මේ නිසා අද ඉන්දියාව අවි ආයුධ ආනයන කරන රටවල් අතුරෙන් මුල්තැනට පත්ව සිටී. නවීනතම අවි ආයුධ මිලදී ගැනීමටත් නිෂ්පාදනය කිරීමටත් ලොව ප‍්‍රධාන යුද අවි නිෂ්පාදකයින් සමග ගිවිසුම් පවත්වාගනී. රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා යැයි පැවසෙන මෙම ගනුදෙනුවලින් වඩාත් තර වන්නේ දුෂණ හා වංචා සහ සමාජ අසහනයයි. කෝල්ගේට් හා ඇසෑම් සිද්ධි ඊට තවත් එක් නිදසුනක් පමණී.

සටහන:- මහින්ද හත්තක
අගමැති මන් මෝහන් සිංග් ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය පෙන්නුම් කෙරෙන නගර සැලසුම් මුබ්බායි නුවර පැවැත්වුණු භාරතීය ජනතා පක්ෂයේ විරෝධතාවක් ඇසෑම් නුවරට යෑම සඳහා කොල්කටා නැවතුම්පොළේ රැඳී සිටි පිරිස



අදහස් (0)

මන්මෝහන් සිංග් රජය නැවතත් අර්බුදයක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 85 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 78 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 90 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2808 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5636 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 192 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site