IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මිනිසකුට ඌරු හදවතක්

ජාන වෙනස් කළ ඌරකුගෙන් ලබා ගත් හදවතක්, සාර්ථකව මනුෂ්‍යයකුට බද්ධ කළ බව ඇමෙරිකන් වෛද්‍යවරු පවසති. ඌරු හදවතක් මනුෂ්‍ය සිරුරකට බද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.

හදවත් බද්ධය සිදු කර ඇත්තේ බොල්ටිමෝර් නුවර මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ මැදිහත් වීමෙනි. ඌරු හදවත බද්ධ කර ඇත්තේ බොල්ටිමෝර් නුවර, ඩේවිඩ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයකුටය.

හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා පැය 7 ක කාලයක් ගත වුණු බවත්, මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති. සැත්කම සිදු කළේ ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත්ගේ මැදිහත් වීමෙනි.

ඩේවිඩ් බෙනට් (දකුණේ) සැත්කමින් පසු ...

ඩේවිඩ් බෙනට් ට හදවත බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇත්තේ මීට දින 3 කට පෙරය. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළේ සැත්කම සාර්ථක වූ බව සහතික වීමෙන් පසු අද (11) ය. සැත්කම සඳහා ඇමෙරිකන් වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගත් බව ද මේරිලන්ඩ් වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

ඩේවිඩ් බෙනට් දරුණු හදවත් රෝගියක වූ අතර, හදවතක් බද්ධයක් නොකළොත් ඔහුට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් පැවැතිණි. ඊට අමතරව, ඔහුට මනුෂ්‍ය හදවතක් බද්ධ කිරීමට පවා කළ නොහැකි විය. හේතුව ඔහුට සියයට 100 ක් ගැලපෙන හදවතක් සොයා ගැනීම අසීරු වූ බැවිනි.

වෛද්‍ය පර්යේෂකයන් ඌරු සිරුරේ ජාන වෙනස්කම් කරමින් බෙනට්ට ගැලපෙන ආකාරයේ හදවතක් නිර්මාණය කළ අතර, පසුව එය ඔහුට බද්ධ කළේය.

‘වෛද්‍යවරුන් මට පැහැදිලි කළා. එක්කෝ මා හදවත් බද්ධයකට යොමු විය යුතුයි නැතිනම් මා මරණය තෝරා ගත යුතුයි’ යැයි සැත්කම සාර්ථක වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටිමින් බෙනට් පැහැදිලි කර තිබේ.

මෙම හදවත් සැත්කම වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ‘මනුෂ්‍යයන්ට අවශ්‍ය ඉන්ද්‍රීයයන් හිඟයට මෙය සාර්ථක විසඳුමක්’ වනු ඇතැයි මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි. මේ වනවිට ඉන්ද්‍රියයන් බද්ධ කර ගැනීමේ පොරොත්තු ලේඛනයේ සිටින ඇමෙරිකානුවන් ගණණ ලක්ෂයකට වැඩිය. ඔවුන් වැඩි දෙනා හදවත් සහ වකුගඩු රෝගීන් බව පැවැසෙයි. එසේ පොරොත්තු ලේඛනවල සිටින බොහෝ දෙනා මියයන්නේ ඔවුන්ටගැලපෙන ඉන්ද්‍රියයන් නිසි වේලාවට නොලැබීමෙනි.

සතුන් තුළ (විශේෂයෙන් ඌරන් තුළ) අවශ්‍ය පරිදි සාර්ථකය ඉන්ද්‍රියයන් නිර්මාණය කිරීම දිනෙන් දින වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සාර්ථක වෙමින් පවතී. ජාන වෙනස් කළ සතුන් තුළ, මිනිසුන්ට බද්ධ කිරීම සඳහා ඉන්ද්‍රියයන් නිර්මාණය හැඳින්වෙන්නේ ‘සීනෝ-ට්‍රාන්ස්-ප්ලාන්ට්ටේෂන්’ යනුවෙනි.

මේ වනවිටත් පර්යේෂණාගාරවල ඌරන් යොදා ගනිමින් අවශ්‍ය පරිදි ඉන්ද්‍රියයන් නිර්මාණය කෙරෙන අතර ඒවා මනුෂ්‍ය සිරුරුවලට බද්ධ කළ අවස්ථා ද අසන්න ලැබේ. කෙසේ නමුත්, ඌරකුගේ හදවතක් මනුෂ්‍යයකුට බද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.

හදවත්, වකුගඩු ආදී ඉන්ද්‍රියන් බද්ධ කිරීමේ දී, එම ඉන්ද්‍රියන් බද්ධ කරන පුද්ගලයාට හොඳින් ගැලපීම ඉතාමත් වැදගත්ය.තාක්ෂණයේ දියුණුවත් සමඟ සියයට සියයක් ගැලපෙන ආකාරයෙන් ඉන්ද්‍රියයන් ඌරන්ගේ සිරුරුවල වර්ධනය කර ගැනීමට වෛද්‍ය පර්යේෂකයෝ සමත් වී සිටිති. මෙම පර්යේෂණ සිදු කරන්නේ පර්යේෂණාගාරවල වෙනම බෝ කරන ඌරන් යොදා ගනිමිනි.

පසුගිය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ, නිව්යෝක් නුවර වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක්, මොළය මියගිය පුද්ගලයකුගේ සිරුරකට ඌරකුගේ සිරුරක් තුළ නිපදවූ වකුගඩුවක් බද්ධ කරමින් එය සාර්ථකව ක්‍රියාකරනවාදැයි බැලීය. එය සැත්කම සිදු කළේ එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ගේ සහ ඇමෙරිකන් වෛද්‍ය සභාවේ විශේෂ අවසරයක් යටතේය. එම සැත්කම ද සාර්ථක වූ බව පැවැසිණි.

(බීබීසී)



අදහස් (21)

මිනිසකුට ඌරු හදවතක්

මීහරකා Tuesday, 11 January 2022 12:57 PM

වෛද්‍ය ක්‍රිස්ටියන් බනාර්ඩ් තමයි මුලින්ම මනුෂ්‍යයෙකුට මිනිස් හදවතක් බද්ද කලේ මේක ඒ කෙම දිගුවක් . නමුත් වැඩිය ප්‍රසිද්ද නැති උනාට ලෝකේ අවයව බද්ද සාර්ථකව - සහ අසාර්ථකව කෙරුනා ඇමෙරිකාවේදී කලකට ඉස්ස්සර මිනිහෙකුට මීහරකකුගේ මොලයක් සාර්ථකව බද්ද කරලා තියනවා මිනිහ ඉන්නේ කොහෙද කියල ඇමෙරිකාව විතරයි දන්නේ නමුත් එයා මේ මිහිපිට කොහෙහරි මීහරක් චින්තනය සහිතව ඉන්නවා කියලයි කියන්නේ

:       139       80

RuhunuTuesday, 11 January 2022 02:23 PM

ඒ නිසා තමයි ඔඑ රටම විනාශ වෙලා තියෙන්නේ

:       12       2

anaTuesday, 11 January 2022 02:24 PM

ක්‍රිස්ටියන් බර්නාඩ් බද්ධ කළේ කෘතිම හදවතක්.

:       1       11

lankasriTuesday, 11 January 2022 09:28 PM

මොලය කියන්නෙ ස්නායු පද්ධතියෙ මුලාරම්බයයි. එය හරියට රුධිර වාහිනී වල මුලාරම්බය හදවත වැනියි. (සිතුවිලි වලට අනුව මොලය ක්‍රියාකාරී වේ) බුදුදහමට අනුව නම් අපි 'හිතන්නෙ' මොලයෙන් නොවෙ. හදවත ඇසුරු කරගෙන ලේ ධාතුව සමග සම්බන්ධව පවත්නා වස්තු දසක කලපයේ ඇති වී නැති වී යන සිත පිහිටා ඇතිබව සදහන්. මෙය තවම විද්‍යාත්මකව සොයාගෙන තැත්තේ එය එතරම්ම ගැබුරු බුදු වරයෙකුට පමනක්ම ගෝචර වන කරුනක් බැවින් නිසවෙන් බව මගෙ හැගීමයි. ඉහත කරුනු වලට අදාලව සලකන කල්හී මීහරක් මොලයක් බද්ද කල කතාව සත්‍යක් යැයි උපකල්පනය කර කියතොත් එම මනුස්සයා මීකරක් සිතුම් පැතුම් ඇති අයෙක් විය නොහැකියි මන්ද ඔහු සිතන්නෙ මොලයෙන් නොවන බවින්. ඔහුගේ සිතුවිලි මිනිස් සිතුවිලිම විය යුතු බවයි .මගෙ අදහස.

:       2       3

BamunuarachchiWednesday, 12 January 2022 07:59 AM

මෙතන ඔය කමෙන්ට් එක දමන්නේ ඒ මොලේ බද්ද කල කෙනාද කියලා දන්නේ ඇමරිකාව විතරද?

:       4       25

BamunuarachchiWednesday, 12 January 2022 08:00 AM

මොලේ ගැන දැනගෙන නම දාගත්තාදැයි කියා හිතෙනවා

:       3       13

kamalWednesday, 12 January 2022 12:00 PM

ඔය කියන මනුස්සයා දැන් අවුරුද්දකට විතර කලින් ලංකාවට ආවා නේද 69 ලක්ෂේක ආශීර්වාද මැද්දේ.?

:       2       1

sujeewaWednesday, 12 January 2022 01:03 PM

ana, lankasri, Bamunuarachchi තුන් දෙනාගේම ප්‍රකාශ නිවැරදි බැවින් ඒම තිදෙනාගේම අදහස් විශ්ලේෂණය කිරීමෙන් මටද වැටහෙන්නේ ඒ මීහරකා මේ මීහරකාම බවයි.

:       5       27

kamal Tuesday, 11 January 2022 01:11 PM

මෙයාට දම්මික පනිය පොවනකම් ඇඳෙන් බහින්න වෙන්නේ නැහැ

:       38       18

Nimal Fernando Tuesday, 11 January 2022 01:17 PM

අනර්ඝයි ,සුභපැතුම්

:       1       44

Gamini Tuesday, 11 January 2022 03:10 PM

ෆයිරූස්, මොහොමඩ් කොහෙද ඔයාලා? මේක ඔයාලාට ඇහුණද?

:       1       25

BamunuarachchiThursday, 13 January 2022 07:34 AM

මෙගොල්ලන්ගෙන් නොවෙන හොඳක් ඌරගෙන් ලෝකෙට සිද්දවෙනවානම් ඌරා කොච්චර හොඳ සතෙක්ද?

:       0       0

සුවාරිස් Tuesday, 11 January 2022 04:53 PM

මේ ක්‍රමය සාර්ථක වෙලා අර කට්ටියෙ කෙනෙකුගේ අවශ්‍යතාව සදහා බද්ධ කරන්න වුනොත් මොකද කරන්නෙ මැරෙයිද නැත්නම් අප්‍රිය හදවතක් බද්ධ කරගෙන ජීවත් වෙයිද අපි බලා සිටිමු

:       2       3

සුධිර Tuesday, 11 January 2022 08:25 PM

ඉතා අනර්ඝයි. එහෙත් මැදපෙරදිග රටවල සහ තවත් රටවල බද්ධ කිරීමක් කිසිදා නොවනු ඇත...

:       0       4

wimal Tuesday, 11 January 2022 09:51 PM

බොහොම හොඳ වැඩක් තමයි කරලා තියෙන්නේ.

:       0       2

Demuni Uduwara Wednesday, 12 January 2022 02:26 AM

අපේ සමහර පාලකයන්ගේ කෑදරකම නිසා ඌරු හදවතක් බද්ධ කරපු එක ගැන මට සැකයි !

:       0       2

Jay Wednesday, 12 January 2022 02:50 AM

මෙන්න මේ වගේ වැදගත් නිව්ස් තමයි ඕනේ.

:       0       2

Bamunuarachchi Wednesday, 12 January 2022 08:01 AM

දෙවියනි, ඔබ කොහේද?

:       2       15

BamunuarachchiFriday, 14 January 2022 04:20 PM

වැරදුනේ කොහෙද කියලා හොයනවා. හැබැයි ඇමරිකන් කාරයෝ මේක කරලා තිබෙන්නේ ඔරොප්පුවට. ඕක අහවල් කෙනෙකුටම දැම්මානම් තමයි තවත් හොඳ.

:       0       1

Rohana Wednesday, 12 January 2022 10:53 AM

හදවත් මෙන්ම සතුන්ගේ වකුගඩුත් මිනිසුන්ට සාර්ථකව බද්ධකල හැකිදැයි අත්හදා බලන්නේනම් වෛද්‍ය විද්‍යාවේ දියුණුව තුලින් වකුගඩු රෝගය තුරන් කර මිනිස් ආයු ප්‍රමාණය වැඩිකරගත හැකිය.

:       0       4

BamunuarachchiWednesday, 12 January 2022 07:03 PM

වකුගඩු රෝගයට හේතුව නොවෙයිද තුරන් කල යුත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

දකුණු කොරියානු හිටපු ජනපති අධිකරණයට
2025 අප්‍රේල් මස 24 19 0

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ


ඇපල් - මෙටා සමාගම්වලට දඩයක්
2025 අප්‍රේල් මස 24 56 0

යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්


තුර්කිය භූමිකම්පා මාලාවකින් කැලඹේ
2025 අප්‍රේල් මස 24 70 0

තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 2051 1

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 2134 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


මෝදි ආපසු එයි
2025 අප්‍රේල් මස 23 207 1

දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 713 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site