ඉන්දියාවේ මුම්බායි නගරයට 2008 වසරේ දී ඉල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලිසිය සමත් විය. අබු හාමාසා නමැති එම සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඔහු මැදපෙරදිග සිට ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 30 හැවිරිදි අබු හාමාසා පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ සාමාජිකයකි. ඔහු සයීඞ් සබුඞීන් යන නමින් ද පෙනී සිටින බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි. අබු හාමාසා මැදපෙරදිග රටවල හින්දි භාෂා ගුරුවරයකු ලෙස රැකියාව කර ඇතැයි ද ඉන්දීය ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. අබු හාමාසා අල්ලා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශවලට හැකියාව ලැබී ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ ලබා දුන් ඔත්තුවකට අනුවය. අබු හාමාසා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදාය. එහෙත් ඒ ගැන විස්තර මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ ඊයේ (25) ය. 2008 වසරේ මුබ්බායි නුවරට පහර දුන්නේ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන් යැයි ඉන්දීය බුද්ධි අංශ පවසයි. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 10 දෙනෙකු මුම්බායි නුවරට පැමිණි අතර ඔවුන්ගෙන් එක් අයකු ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට ද ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය. 2008 වසරේ නොබැම්බර් මාසයේදී මුම්බායි නුවරට එල්ල වූ එම ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 300 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය දින දෙකක් පුරාවට පැවැතිණි. ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමී සංවිධානය පාකිස්තානයේ ද තහනමට ලක් කර තිබේ. එහෙත් ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා කරන්නේ පාකිස්තාන රජය සහ හමුදාව හොර රහසේ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන්ට මුදල් ආධාර සහ අවි ආයුධ පුහුණුව ලබා දෙන බවටය. ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයේ නිර්මාතෘ වන හෆීස් සයේඞ් අත් අංඩගුවට ගැනීමට උදව් කරන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ඇමෙරිකාව පසුගිය අපේ‍්‍රල් මාසයේදී ප‍්‍රකාශ කළේය. එම අවස්ථාවේදී පාකිස්තාන රජය ඇමෙරිකාවට කීවේ හෆීස් සයේඞ් සම්බන්ධයෙන් ඇමෙරිකාව පිළිගත හැකි ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවය. අල් කයිඩා සහ තලේබාන් සංවිධානවල නායකයන් මෙන් නොව හෆීස් සයේඞ් නිදැල්ලේ ජීවත් වේ. ඔහු කිසිදු බාධාවකින් තොරව මහජන රැුස්වීම්වලට පවා සහභාගී වෙයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුම්බායි ප‍්‍රහාරයේ සැකකරුවෙක් නවදිල්ලි පොලිසියට කොටුවෙයි