ඇමෙරිකානු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාව සිටි කොන්රඞ් මරේ වරදකරු බව ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක් පෙරේදා (7) තීන්දු කළේය.ජැක්සන්ගේ මරණය සිදුවුණේ වෛද්‍ය මරේගේ නොසැලකිල්ලෙන් බව ජූරි සභාව ද ඒකමතිකව තීරණය කර තිබුණි. අධිකරණය එම තීන්දුව ප‍්‍රකාශ කළේ සති හයක් තිස්සේ පවත්වන ලද නඩු විභාගයකින් පසුවය. වෛද්‍යවරයා එම චෝදනා ප‍්‍රතික්ෂේප කළ අතර, නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 58 වැනි වියෙහි පසුවන මරේ මාංචු දමා සිර මැදිරිය වෙත ගෙන යන ලදී. ඔහුගේ දඬුවම එලැඹෙන නොවැම්බර් 29 වැනිදා කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. වෛද්‍ය මරේට වසර 4 කට නොඅඩු සිර දඬුවමක් හිමිවනු ඇති අතර ඔහුගේ වෛද්‍ය වෘත්තිය ද අහෝසි වනු ඇත.නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මයිකල් ජැක්සන්ගේ පවුලේ අය අධිකරණ ශාලාවට පැමිණ සිටි අතර අධිකරණ ශාලාවෙන් පිටත ජැක්සන්ගේ රසික රසිකාවියෝ දහස් ගණනක් රැස්ව සිටියහ. නඩු තීන්දුව අසා පී‍්‍රතියට පත් වූ ඔවුන් පැවැසුවේ යුක්තිය ඉටු වූ බවය.මයිකල් ජැක්සන්ගේ මරණය සිදුවුණේ සැත්කම්වලදී භාවිතා කරන ප‍්‍රබල නිර්වින්දන ඔසුවක් විෂවීමෙන් බවත් එය වෛද්‍ය මරේගේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බවත් ප‍්‍රකාශ කළ විනිසුරුවරයා වැඩි දුරටත් කියා සිටියේ වෛද්‍ය මරේ නිසා අසහාය කලාකරුවකු ලොවට අහිමි වූ බවය.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මයිකල් ජැක්සන්ගේ මරණය සිදුවුණේ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන්