මියන්මාරයේ පෙරේදා (1) පැවැති අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වූ එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී, ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවන් අමතමින් කියා සිටියේ මියන්මාරයට ‘නව යුගයක්’ උදා වූ බවය.
”ඇත්තෙන්ම මෙය මා ලැබූ ජයග‍්‍රහණයක් නොවෙයි, ජනතාව ලැබූ ජයක්. මෙය මියන්මාරයේ නව යුගයක ආරම්භයක්” යැයි යැංගොන් නුවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට ඊයේ (2) රැස්වී පී‍්‍රතීඝෝෂා පැවැත්වූ ආධාරකරුවන් අමතමින් සූ කී පැවැසුවාය.
66 හැවිරිදි සූ කී මැතිවරණයට ඉදිරිපත් වූයේ කවුමු ඡුන්ද කොට්ඨාසයෙනි. ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසන අන්දමට සියයට 82 ක ඡන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට ඇය සමත් ව සිටින්නීය. ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද එරට පාර්ලිමේන්තුවේ ආසන 44 ක් ජයග‍්‍රහණය කර තිබෙන බව වාර්තා වේ.
කෙසේ නමුත් සූ කී හෝ ඇගේ ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය’ ලැබූ ජය තවමත් නිල වශයෙන් තහවුරු වී නැත. මැතිවරණයේ අවසන් නිල ඡන්ද ප‍්‍රතිපල නිකුත් කිරීමට සතියක් පමණ කාලයක් ගත වනු ඇතැයි මියන්මාර මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
නිල ඡන්ද ප‍්‍රතිපල එළි දැක්වෙන තුරු සන්සුන්ව සාමකාමීව හැසිරෙන්නැයි ඇය ඇගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කළාය. ”මා දන්නවා ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හැමදෙනාම සිටින්නේ ඉමහත් සතුටින්. ඒත් අපේ ඒ සතුට අපට අවාසියක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.” යැයි සූ කී වැඩි දුරටත් අවධාරණය කළාය.
1962 වසරේ සිට මියන්මාරයේ පැවැතියේ හමුදා පාලනයකි. 2010 වසරේ දී මහ මැතිවරණයක් පැවැත්වූ අතර එම මැතිවරණයෙන් බලයට පත් වූයේ හමුදා පාලකයන්ට පක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
එම දේශපාලන කණ්ඩායම් එක් වී සිවිල් රජයක් පිහිටුවූහ. එම අවස්ථාවේදී හමුදා නායකයෝ හමුදා ධුරවලට සමු දී විශ‍්‍රාම ගියහ. සිිවිල් රජයේ නායකත්වයට පත් වූවෝ විශ‍්‍රාමික එම හමුදා ප‍්‍රධානීහුය. එම සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති අතර අතුරු මැතිවරණය පැවැත්වුණේ ද ඒ අනුවය.
අතුරු මැතිවරණයෙන් සූ කී ජය ගත්ත ද මියන්මාර රජයට බලපෑමක් කිරීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සූ කීට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්න ප‍්‍රශ්නාර්ථයක් වී ඇතැයි ද දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.
කෙසේ නමුත් 2015 දී පැවැත් වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වී, මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරදීමට සූ කීට හැකිවේ යැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත.
මියන්මාර සිවිල් රජය අතුරු මැතිවරණය පැවැත්වූයේ, ආසන 664 කින් සමන්විත මියන්මාර පාර්ලිමේන්තුවේ හිස්ව ඇති ආසන 45 වෙනුවෙන් ජනතා නියෝජිතයන් තේරීමට පමණක්ම නොව, ජාත්‍යන්තරයෙන් ඔවුන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී ඇති නිසාය.
පක්ෂ ආධාරකරුවන්ගෙන් සූ කීට සුබ පැතුම්
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මියන්මාරයට නව යුගයක් උදාවුණා:
ප්‍රභාත් Tuesday, 03 April 2012 10:16 AM
කරුණාකර ඡායාරූපයේ මාතෘකාව වෙනස් කරන්න.
චන්දන Tuesday, 03 April 2012 10:44 AM
ලංකාව ගැන පළමුව හිතන්න
සුගත් Tuesday, 03 April 2012 06:19 PM
සුකීගේ හොද මිතුරියක් ලංකාවේ ඉන්නවා. එයාට ගොඩක් සතුටු ඇති.