ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස පළමු ධුර කාලය හොබවද්දී ඔහුගේ සගයා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ මයික් පෙන්ස් සහ ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. ඒ වසර 4 කට පසු වීම විශේෂත්වයකි.
හමුව පැවැත්වූයේ ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා අභාවප්‍රාප්ත ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර්ගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදීය.
2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ විට, ඔහු ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේය. එහිදී පෙන්ස් ප්‍රතිවාදීන් සමඟ එක් වී ට්‍රම්ප්ට එරෙහිව ගියේය. මෙම සිද්ධිය මුල්කොට ගනිමින් ට්‍රම්ප් සහ පෙන්ස් අතරේ ඒදිරිවාදිකම් පැවතිණි.
කෙසේ නමුත්, ජිමී කාටර්ගේ අවමංගල්‍යය පැවැති අවස්ථාවේදී මයික් පෙන්ස්, ට්‍රම්ප් වෙත පැමිණ යළි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුවේය. දෙදෙනා අතරේ සුහඳ කතාබහක් ඇති වූයේ ඉන් අනතුරුවය.
(එන්.ඩී.ටීවී.)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මයික් පෙන්ස් අවුරුදු 4 කට පස්සේ ට්‍රම්ප් හමුවෙලා