IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන්

ජේම්ස් කැමරන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ‘ටෲලයිස්’, ‘ඒලියස්න්’, ‘ටර්මිනේටර්’, ‘ටයිටැනික්’ සහ ‘ඇබිස්’ පමණක් නොව මීට වසර කිහිපයකට පෙර සිනමා ලොවේ පෙරැළියක් සිදු කළ, ති‍්‍රමාණ තාක්ෂණයෙන් නිර්මාණය වූ ‘අවතාර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ද ඔහුය. ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙකි. ඔහු ලේඛකයෙකි. තිර රචකයෙකි, නව නිපැයුම්කරුවෙකි. එපමණක් නොව ඔහු දක්ෂ කිමිදුම්කරුවකු මෙන්ම ගවේෂකයෙක් ද වෙයි. විචාරකයන් ඔහු හඳුන්වන්නේ අර්ධ විද්‍යාඥයකු/අර්ධ කලාකරුවකු වශයෙනි. කැමරන්, ‘ටයිටැනික්’ සහ ‘ඇබිස්’ යන චිත‍්‍රපට රූගත කළේ මූදු පතුළට ගමන් කරමින්ය. ඔහු කුඩා සබ්මැරීනයක (කුමුදුවක) නැගී ‘ටයිටැනික්’ චිත‍්‍රපට නිර්මාණය කිරීම සඳහා ටයිටැනික් නැව ගිලී ඇති මුහුදු පතුළට ගියේය. ඔහු පෙරේදා (25) තවත් අපූරු වික‍්‍රමයක් කළේය. ඒ, ඔහු තනිවම කුඩා කුමුදුවක නැගී ලොව ගැඹුරුම මුහුදු  පතුළට ගොස් ආපසු පැමිණීමය. කැනඩාවේ ඉපදී, නවසීලන්තයෙත්, ඇමරිකාවේ කැලිෆෝනියාවෙත්, ස්ථිර පදිංචිය ඇති කැමරන් (57) කිමිදුණේ පැසිපික් සාගරයේ මරියානා අගාධය පතුළටය. මරියානා අගාධය කිලෝ මීටර් 10.91 ක් ගැඹුරය. එය ලෝකයේ උසම කන්ද ලෙස සැලකෙන හිමාලය නැතහොත් එවරස්ට් කන්දේ උසටද වඩා ගැඹුරින් වැඩිය. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මරියානා අගාධය පතුළට ගොස් නොතිබීම ද සුවිශේෂී සිදුවීමකි. කැමරන්, මරියානා අගාධයට ගෙන යෑමට විශේෂ කිමිදුම් යානයක් ද නිර්මාණය කෙරුණි. ගැඹුරු මුහුදු පත්ලේ පැය හයක විතර කාලයක් රූ ගත කිරීම්වල යෙදී සිටීමට ද ඔහු අමතක නොකළේය. ඔහු ගමන් කළ කුඩා කුමුදුව නම් කර තිබුණේ ‘ඞීප්සී චැලෙන්ජර්’ නැතිනම් ‘ගැඹුරු මුහුදේ අභියෝගය’ යනුවෙනි. කැමරන්ගේ එම මෙහෙයුමට ලෝ සුපතළ ‘නැෂනල් ජියෝග‍්‍රැෆි’ ආයතය ද හවුල් විය. ඔවුන් පැවැසුවේ කිමිදුම ආරම්භ කිරීමෙන් පසු, කැමරන් පෙරේදා උදෑසන 7.52 ක වනවිට අඩි 35,756 ක් ගැඹුරු පතුළට ළඟා වූ බවය. කැමරන් ළඟා වූ එම ස්ථානය හැඳින්වෙන්නේ චැලෙන්ජර් ඞීප් ලෙසිනි. එම ස්ථානයට එම නම ලැබුණේ 1960 දී සිදු කළ ගවේෂණ චාරිකාවෙන් පසුවය. එම ගවේෂණය ලෝක වාර්තාවක් ද විය. එම වාර්තාව පිහිටුවූයේ ජාක්ස් පිකාර්ඞ් හා ඩොන් වොල්ෂ්  යන දෙදෙනායි. ඔවුන් මූදු පතුළට ගියේ ‘බැතිස්කැප් ට්රීස්ට්’ නම් විශේෂයෙන් තැනූ කුමුදුවකිනි. ඔවුනට ඒ ගමන යෑමට පැය 5 ක් ගත විය. ඔවුහු මිනිත්තු 20 ක් සාගර පත්ළේ රැඳී සිටියහ. එහෙත් තාක්ෂණයේ දියුණුවේ පිහිටෙන් අගාධ පතුළට යෑමට ජේම්ස් කැමරන්ගේ කුමුදුවට ගත වුණේ පැය දෙකක් පමණි. කැමරන්ගේ කුමුදුවෙහි ඇතුළත වායුගෝලය සකසා ඇත්තේ කැමරන්ට පහසුවෙන් සිටිය හැකි පරිදිය. දිය යට අධිපීඩනය ඇතුළට නොදැනෙන ලෙසටය. එම නිසා කැමරන්ගේ කන්වලට ආරක්ෂක ආවරණ දැමීමට අවශ්‍ය නොවිණි. ඔහු ඉන්නා කුටිය ගෝලාකාරව තනා තිබුණේ ද සාගර පතුළට යද්දී මුහුණ දීමට සිදුවන අධිපීඩනයට ඔරොත්තු දෙන ආකාරයටය.



අදහස් (0)

මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 962 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2716 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 702 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site