ඇමරිකා ජාතික ඩැරිල් සී ලොව වාසනාවන්තම පුද්ගලයායැයි කීමේ වරදක් නැත.ඒ පැයට සැතපුම් 110 ක වේගයෙන් ගමන් කළ දුම්රියක හැපී වුවද ජීවත් වීමේ වරම ඔහු හිමිකරගෙන ඇති බැවිනි.
චිකාගෝ නුවර දුම්රිය මාර්ගයක ඇවිදිමින් සිට ඇති ඩැරිල් දුම්රියේ ගැටී ඇත්තේ ඔහුගේම නොසැළකිලිමත් බව නිසාය. ඉස් බනුවක් පැළැද ගීත අසමින් ගිය ඔහුට පසුපසින් පැමිණෙමින් තිබූ දුම්රියේ ශබ්දය ඇසී නොමැත.දුම්රියේ කොන්දොස්තරවරයා සදහන් කරන ආකාරයට දුම්රියේ නළාව කිහිපවරක් නාද කළත් අයින් වී ඇත්තේ ඩැරිල් නම් නොවේ.වංගුවක් හෙයින් වේගයද එක්වර අඩු කිරීමට නොහැකි වූ තැන දුම්රිය මාර්ගයේ සිටි පුද්ගලයා දුම්රියේ ගැටෙනවා බලා සිටිනවා හැර වෙන කළ හැක්කක් නොතිබූ බව කොන්දොස්තරවරයා පොලිසිය හමුවේ කියා ඇත.
දුම්රියේ ගැටී අඩි 20 ක් පමණ දුරකට විසිව ඇති ඩැරිල් පතිත වී ඇත්තේ විරුද්ධ පැත්තේ රේල් පාර මතය.වහ වහා රෝහල් ගතකෙරුණු ඩැරිල්ව
සැත්කම් කිහිපයකටම භාජනය කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත.දැන් ඩැරිල් සිටිනුයේ සුවය ලබමින්ය.
වේගයෙන් ගමන් කළ දුම්රියක ගැටී දිවිබේරාගත් පුද්ගලයෙකු ගැන තමන් මේ අසන ප‍්‍රථම වතාව බව පොලිසිය කියයි.තවද දුම්රිය මාර්ගයන්හි ඇවිදීමට යාමේදී හොද අවධානයෙන් සිටිය යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.ඒ සියලූ දෙනා ඩැරිල් සී තරම් වාසනාවන්තයන් නොවන බැවිනි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මරු ජයගත් වාසනාව
රිෂාර්ඩ් Wednesday, 21 August 2013 12:45 PM
කට්ටිය පටලවා ගෙන මේක දෙවියන්ගේ කැමැත්තට {කර්මයේ ලියපු හැටියට} කියලා අපි කියන්නේ. හැබැයි සමහර දේවල් දාන මාන වලින් ප්‍රර්ථනාවෙන් වෙනස් කල හැකිය කියා පවසා තිබේ.එත් ඒවාට ක්‍රම සහ විධි තිබේ. (ස)
පරාක්‍රම Wednesday, 21 August 2013 02:32 AM
නසාර්ගේ දෙවියන්ගේ කැමැත්ත මාරයිනේ. (නි)
ලාල් Wednesday, 21 August 2013 03:38 AM
දෙවියන්ට ඔය අනතුර වළක්වන්න බැරිවුනේ මොකද කියන්නකෝ (නි)
සුජීව Tuesday, 20 August 2013 04:56 PM
දෙවියන් විසින් ඔහුව බේරා ඇත, සත්‍යය වශයෙන් පුදුම සිද්ධියක්. ජීවිතය ජය ගැනීමට ඔහුට වාසනාවක් ඇත. ඔහුට නිරෝගී සුවය! (නි)
ඉෂාර Wednesday, 21 August 2013 08:18 AM
ඒ කියන්නේ දොස්තරලා ලෙඩා බේරුවේ දෙවියෝ කැමති නිසාද? (නි)
ශානුක ප්‍රියන්ත Wednesday, 21 August 2013 09:36 AM
නසාර්, බැරිද ඒ අනුව සිරියාවේ සහ ඊජ්ප්තුවේ යුද්ධයෙන් නැතිවෙන ජිවිතත් බේරගන්න. (අ)
නසාර් Tuesday, 20 August 2013 06:49 PM
දෙවියන්ගේ කැමැත්ත (නි)
හසරැල් Wednesday, 21 August 2013 09:37 AM
සමහරු හිතන්නේ අපි හැමදේම දන්නවා කියල, සහ ඒ අය අනිත් අයගේ විශ්වාස වලට ගරහනවා. මනුස්සයක් මෙහෙම අනතුරකට පත්වෙලා පණපිටින් ඉන්න ගොඩක් දේවල් එක පිළිවෙලට වෙන්න ඕනේ. එහෙම වෙන්නේ ආවට ගියාට හේතුවක් නැතුව වෙන්න බෑ. පොඩ්ඩක් හිතන්න. (අ)
ගයානා Tuesday, 20 August 2013 06:56 PM
මේ වගේ අය හැමතැනම ඉන්නවා (නි)
මංජුල අබු ඩාබි සිට Wednesday, 21 August 2013 09:45 AM
මේක දෙවියන්ගේ කැමැත්ත නෙමෙයි. මම අහල තියෙන්නේ පෙර කරන ලද කුසලාකුසල කර්මය අනුව මිනිසෙකුගේ ආයු කාලය තීරණය වෙනවා කියලා. ඔහු ගෙනා ආයුෂ විඳලා තමයි ඔහුට මීළඟ බාවයට යන්න වෙන්නේ. (w)
මංජුල අබු ඩාබි සිට Wednesday, 21 August 2013 09:48 AM
අසේල, එතකොට ඔය ෆොටෝ එකේ තියෙන්නේ ලංකාවේ දුම්රිය පාරක්ද? ඒකනිසා වෙන්න ඇති දෙපැත්තේ වැටවල නැත්තේ. (අ)
සිල්වා Wednesday, 21 August 2013 11:00 AM
වැඩේ කියන්නේ කොන්දොස්තර කෝච්චිය එලවපු එකනේ. (ස)
විමල් Tuesday, 20 August 2013 08:35 PM
අධික වේගය නිසා සුලන් පහර හා දුම්රිය අතර ගණ වායු තරලයක් ඇතිවෙනවා. ඒ නිසා ගැටීම වැළකී විසිවෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
කින් බෙනට් Tuesday, 20 August 2013 08:36 PM
පැයට කිලෝ මීටර් 160 කටත් වැඩි වේගෙන් කෝච්චියකට හැප්පිලත් විසිවෙලා තියෙන්නේ අඩි 20 යි කියන්නේ මෙයත් කෝච්චියක් ද දන්නේ නැහැ (නි)
නුවන් Wednesday, 21 August 2013 11:20 AM
අනේ නසාර්,සුජිත්, වාසනාවට වෙන හැමදේම දෙවියන් නිසා කිව්වම හරිද? දෙවියන්ගේ කැමත්තටද රටේ මෙච්චර අපරාධ වෙන්නේ? ලිඳ ඇතුලේ ඉන්න මැඩියෝ වගේ වෙන්නෙපා..(ස)
ජයා Tuesday, 20 August 2013 09:40 PM
ලංකාවෙත් දියතලාවේ හරි ඒ පැත්තෙත් මතකද දමිල කාන්තාවක් දුම්රියේ හැපිලා බේරුන හැටි. ඒ පොලීසියට අර වීඩියෝ එක අරින්න. (නි)
අසේල Tuesday, 20 August 2013 10:43 PM
පුදුමය කියන්නේ මේ රටවල දුම්රිය මාර්ග වලට කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැරි වෙන්න කම්බි වැටවල් ගහල නේ තියෙන්නේ. රේල් ගේට්ටුවක් දකින්නේ කලාතුරකින්. චිකාගෝ නුවර වගේ තැන් වල ගේට්ටු ළඟ ළඟ තියෙනවා එහෙත් පිස්සෙක් ඇරෙන්න කව්රුත් රේල් පාරේ ඇවිදින්නේ නැහැ (නි)