IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මුලින් වකුගඩුව දෙයි ඉන්පසු හදවතත් දෙයි

වකුගඩුවක් පරිත්‍යාග කර රෝගියෙකුගේ දිවි ගලවා එම රෝගියා සමගම විවාහ වූ කාන්තාවක් ගැන ඇමරිකාවේ ඉන්දියානා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔහු නමින් කයිල් ෆ්‍රෝලෙයික්හ් ය.තරුණ වියේදීම වකුගඩු අකර්මන්‍ය වීම නිසා ඔහු සිටියේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත්හැර දමාය.

කයිල්ට චෙස්ලා ක්ලෙයර් කම් යුවතිය හමුවන්නේ මේ අතරතුරදීය.තම වකුගඩුවක් පරිත්‍යාග කර කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණක් තිබූ ඇයව කයිල්ටම හමුවිම දෛවෝපසහගතය.

චෙස්ලා හා කයිල් සැත්කමට පෙර පරීක්ෂණ කටයුතු කිරීම සදහා රෝහලට යෑම් ඊම් කරන්නට ගන්නේ එකටමය.මේ හමුවීම් වෙන්වීම් මැද ඔවුන් දෙදෙන ආදරවන්තයින් බවට පත්වන්නේ ඔවුන්ටත් නොදැනීමය.

චෙස්ලාගේ දෙමව්පියන් මේ සම්බන්ධය ගැන කිසිදු මනාපයක් දැක්වූයේ නැත.ඔවුන්ගේ අදහස වූයේ සැත්කම අසාර්ථක වී චෙස්ලාගේ ජීවිතය අනතුරේ වැටෙනු ඇති බවයි.

නමුත් චෙස්ලා දිරි ගෙන සැත්කමට මුහුණ දුනි.ඇය පිරිනැමූ වකුගඩුව කයිල්ට බද්ධ කිරීමට කටයුතු කළ වෛද්‍යවරුන් පිරිස එය සාර්ථකව නිම කළේ කයිල්ට ජීවිතය ගැන නව බලාපොරොත්තු ගෙන දෙමිනි.

ජීවිතය ගෙන යන්නට ගැලපෙන්නේ චෙස්ලාම හැර වෙන කවුරුද?කයිල් හා චෙස්ලා දෙදෙන අවසානයේ විවාපත් වන්නේ පෙර සැත්කම අසාර්ථක වනු ඇතැයි කී චෙස්ලාගේ දෙමව්පියන්ගේද ආසිරි මැදය.

කයිල් හා චෙස්ලා සදහන් කරන්නේ තමන් අතර පවතින බැදීම වෙන කිසිවෙක් අතර හදුනාගත හැක්කක් නොවන බවයි.

හොදින් විවාහ ජීවිතය ගත කිරීම තම අරමුණ බව කියන නව යුවළ දෙදෙනා අතර පවතින අවබෝධය නිසා එය අපහසු කරුණක් නොවනු ඇතැයි කියයි.

 



අදහස් (0)

මුලින් වකුගඩුව දෙයි ඉන්පසු හදවතත් දෙයි

උපුල් Monday, 28 October 2013 10:18 PM

වාසනාවන්! (නි)

:       0       0

ජ. තිසර Sunday, 27 October 2013 08:41 PM

අනෙකෙකු දුකට තම ජීවිතෙ පූජකර.. දිවි බේරා ගත්තෙ වකුගඩු බද්ධ කර.. ආදර දයා කරුණා සිත් ඇති නිතර.. පින්වත් කුමරියකි ඔබ අද අප අතර (නි)

:       0       0

මංජුලා හේමමාලි Monday, 28 October 2013 04:11 PM

ඔබ දෙපලට නිරෝගි සුව අත් වේවා !! (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Monday, 28 October 2013 04:34 PM

ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැබේවා !! ඉතාමත් ප්‍රීතිමත් විවාහයක් ගත කිරිමට ශක්තිය ලැබේවා !! ඇත්තටම එවැනි දෙයක් අහන්න ලැබීමත් සතුටක් තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. (ස)

:       0       0

රූපවතී Sunday, 27 October 2013 09:35 PM

ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවයෙන් දිවිය පුරාවටම සතුට වාසනාව සමගින් ඔබේ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ට වීමට අපෙන් සුබ පැතුම් ...! (නි)

:       0       0

ජයන්පති Tuesday, 29 October 2013 01:16 AM

පොළවේ ගල්පර අතර මැණික් කොතරම් දුර්ලභද? වනයේ ගස්කොළන් අතර සදුන් ගස් කොතරම් දුර්ලභද?මේ ලොව වෙසෙන විවිධාකාර මිනිසුන් අතර නෑගනියනි ඔබ කෙතරම් අගනේද? මනුසත්බවින් ඉතා උසස් නැගනියේ, ඔබට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

සරත් Monday, 28 October 2013 12:52 PM

ඔබ නම් මිහිපිට දෙව්ලියකි. සුභ මංගලම්! (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Sunday, 27 October 2013 10:51 PM

ඔබ දෙදෙනාටම නිරෝගි සුවය ලැබේවා! ඔබ දෙදෙනා ලබනා දු පුතුන්ද මහා මිනිස් ගුණයෙන් යුතු වනවා නිසැකයි (නි)

:       0       0

අමර් Sunday, 27 October 2013 03:56 PM

ඔවුන් දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා! දිර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

නිසාර් Monday, 28 October 2013 01:41 PM

උතුම් මනුස්සකමක් (නි)

:       0       0

සමන් Sunday, 27 October 2013 04:02 PM

ලංකාවෙනම් යාලු වෙලා හිටියත් ඔහොම අසනීපයක් කියල දැන ගත්තා නම් එදාම අතහැරලා (නි)

:       0       0

කුමුදු Monday, 28 October 2013 02:54 AM

කුරුදුවත්ත,නෙතට කඳුලක් ගෙන දුන් ඔබගේ අදහසට මමද ඔබ සමග වෙමි. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 27 October 2013 04:23 PM

බොහෝ බටහිර රටවල පවතින ආණ්ඩු වල හැසිරීම කෙසේ වුණත් , එම රටවල වෙසෙන බහුතර මිනිසුන් මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් බව මගේ අත්දැකීමයි. අරාබි රටවල මිනිසුන් මීට හාත්පසින් වෙනස් වෙති. (නි)

:       0       0

කමල් Monday, 28 October 2013 06:23 PM

කියන්න හිතෙන දේ හරියට නොලියැවුණොත් අසාධාරණ නිසා නොලියමි. (නි)

:       0       0

නිහාල් Monday, 28 October 2013 02:08 PM

සුජාත දියණියක් (නි)

:       0       0

සෙනරත් Sunday, 27 October 2013 04:51 PM

සසර පෙර පැවති බැඳීමක් නිසා සිදු වූ සිදුවීමක් විය යුතුය. දෙදෙනාටම මංගල ආසිරි පතමු. (නි)

:       0       0

අමරසිංහ Sunday, 27 October 2013 05:19 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සම් Monday, 28 October 2013 02:26 PM

ප්‍රදීප් , ඔබ හරියටම හරි. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 05:32 PM

ඔබ යන මාවත සුභ මල් පිබිදේවා! (නි)

:       0       0

සුගත් Sunday, 27 October 2013 05:33 PM

උතුම් පරිත්‍යාගයක් .... (නි)

:       0       0

රංග Monday, 28 October 2013 07:38 PM

ආගමයි මිනිස්කමයි පටලවා ගන්න නරකයි (නි)

:       0       0

ෆ්‍රී Monday, 28 October 2013 08:32 AM

දෙදෙනාටම ආයු බෝ වේවා! සුබ දසුන් (නි)

:       0       0

හෂානි Tuesday, 29 October 2013 08:58 AM

මිනිසත්කම තුරන් වි යන කලක මෙම යුවතිය මුලු මහත් කාන්තා පරපුරටම ආදර්ශයකි.මුදලට, බලයට, පිට ඔපයට වසග වූ ලොවක ආදරයේ සැබෑ අරුත ලොවටම පසක් කරදූන් මෙම නව යුවතිපතින් දෙපලට අප සැමගේ හදපිරි උත්තමාචාරය පිරිනමන්නෙමු. (ස)

:       0       0

සදුනි Sunday, 27 October 2013 06:50 PM

පෙර සසරේ ප්‍රාර්ථනා නිසාම සසර පුරා ගමන් කරන දෙන්නෙක්. (නි)

:       0       0

පැංචි Sunday, 27 October 2013 06:52 PM

නව යුවලට සුබ මංගලම්! (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 27 October 2013 06:56 PM

මේ ළගදී නිමා වූ සිහින විලක් ටෙලි නාට්‍යයේත් මේ වගේ දෙයක් තිබුනා. බලනකොට ඒ එක ටෙලියක් පමණක්ම නෙමෙයි.. (නි)

:       0       0

සම්පත් Tuesday, 29 October 2013 09:18 AM

දිර්ඝායු වේවා!මේක උතුම්ම දාන පාරමිතාවක්. උසස් මනසක් හිමිකෙනෙක්. මෙතන ආදරය උපදින්නේ පසුවයි. මුලින් උපදින්නේ කරුණාවයි, දයාවයි, මනුස්සකමයි, රාගයෙන් තොර ආදරයයි. උතුම් පරිත්‍යාගයක් (නි)

:       0       0

රත්ගමයා Monday, 28 October 2013 08:39 PM

කියන්නට වදන් නැත, ආදරය යනු කිමැයි කියා... (නි)

:       0       0

කුරුඳුවත්ත Sunday, 27 October 2013 07:09 PM

සාදු !!! සාදු !!! සාදු !!! හදවතින්ම සුපින්වත් දියණියට ගරුකොට වැඳ නමස්කාර කරමි. (නි)

:       0       0

ලාල් - නුවර Monday, 28 October 2013 09:59 AM

පරිත්‍යාගය කොතරම් උතුම්ද.කයිල් ඇයව හොඳින් රැක බලා ගන්න. (ස)

:       0       0

චන්දි Sunday, 27 October 2013 07:54 PM

ඇත්තටම අගය කළයුතු දෙයක්. කුරුදුවත්තගේ අදහස හරි අගෙයි (නි)

:       0       0

ගජ මෑන් Sunday, 27 October 2013 07:57 PM

දෙදෙනාටම නිරෝගී සුව, දීර්ඝායුෂ වේවා! (නි)

:       0       0

ශාලික Monday, 28 October 2013 10:21 AM

කෙල්ලෝ කියන්නේ මේ යට තමා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 151 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 291 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 68 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site