IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මලයාසියා යානය චීන බොක්කේද?දියාගෝගාර්ෂියාවේද?

අතුරුදන් වී මුහුදට කඩා වැටුණැයි අනුමාන කෙරෙන මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය පිළිබඳ නව හෝඩුවාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකා ගුවන් නියමුවෙක් ඊයේ (29) සමත් විය.

නිව්යෝක් ජනපදයේ ටොනවන්ඩාහි පදිංචි මයිකල් හෝබෙල් නම් මෙම ගුවන් නියමුවා, මලයාසියා යානය සොයා ගෙන ඇතැයි පැවැසෙන්නේ ටොම්නොඩ් වෙබ් අඩවියේ ආධාරයෙනි.

යානය අතුරුදන් වූ පසු, ඒ අවට කලාපයේ චන්ද්‍රිකා ඇසුරින් ගත් ඡායාරූප අන්තර් ජාලයේ පළ විය. ලොව වෙසෙන  ඕනෑම කෙනකුට ලක්ෂ ගණනක් වූ එම චන්ද්‍රිකා දසුන් පරීක්ෂා කර යානය සෙවීමට අවස්ථාවක් උදා විය.

යානය මුහුදු පතුළේ ඇති බව මයිකල් හෝබෙල් දැක ඇත්තේ එවැනි එක් ඡායාරූපයක් පරීක්ෂා කරද්දීය.

ඔහු ඒ බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට සහ ජාතික ගමනා ගමන මණ්ඩලයේ පරීක්ෂකයන්ට දන්වා ඇත. බලධාරීන් පවසන්නේ 60 හැවිරිදි මයිකල් හෝබෙල් ලබා දුන් නව හෝඩුවාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.

එම ඡායාරූප අනුව, ඉකුත් මාර්තු 8 වැනිදා ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරද්දී අතුරුදන් වුණු යානය, කඩා වැටී ඇතැයි පැවසෙන්නේ තායිලන්ත බොක්ක ආශි‍්‍රතව දකුණු චීන මුහුදටය. මේවනවිට යානය සොයා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන්නේ ඉන්දීය සාගරයේ දකුණු දෙසිනි.

එම සෝදිසි මෙහෙයුම් 50 වැනි දිනට ළං වෙමින් පවතින නමුත් යානයේ කිසිදු කොටසක් මෙතෙක් හමුවී නැත.

239 දෙනකු සමඟ යානය අතුරුදන් වුණු අවස්ථාවේදී මුලින්ම එය සොයා සෝදිසි මෙහෙයුම් සිදු කැරුණේද ද දකුණු චීන මුහුදේදීය. නමුත් යානයේ මඟ වෙනස් වුණු බව තහවුරු වී සෝදිසි මෙහෙයුම් වෙනත් අතකට යොමු විය.

ඇමෙරිකාව,  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් රැුසක් යානය සොයා මෙහෙයුම් ඇරැඹීය.

කෙසේ නමුත් මේ වනවිට පෙනී ගොස් ඇත්තේ, එම්.එච්. 370 යානය, දකුණු දිග සාගරයට කඩා වැටී නැති බව යැයි මලයාසියාවේ  ‘නිව් ස්ටේ‍්‍රට් ටයිම්ස්’ පුවත්පත ඉකුත් දා වාර්තා කර තිබුණි.

යානය ඉන්දියන් සාගරයේ පිහිටි දියාගෝ ගාසියා නමැති කුඩා ¥පතට පැහැරගෙන ගියා කියන කතාවේ සත්‍යයක් තිබිය හැකිදැයි එම පුවත්පත විමසා සිටියේය. පුවත්පත පෙන්වා දී තිබුණේ යානය සොයා මෙහෙයුම් සිදු කරන සෝදිසි කණ්ඩායම් පවා දැන් විශ්වාස කරන්නේ යානය එහි රැගෙන යන්න ඇති බවය.

යානයේ කළු පෙට්ටියෙන් සංඥා ලැබුණැයි පවසමින්, පසුගිය දින කිහිපයේ දී ‘බ්ලූෆින්’ නමැති කුඩා කුමුඳුව (සබ්මැරීනය) යොදා ගනිමින් ද මූදු පතුළ ගවේෂණය කළත් කිසිවක් හමු නොවිණි. යානය මූදට කඩා වැටුණේ නම් කිසියම් හෝ සාක්කියක්, යානයේ කැබැල්ලක්වත් හමුවිය යුතු යැයි ද මලයාසියා  පුවත්පත කියයි.

එය ඉන්දියන් සාගරයට කඩා නොවැටුණු බවත්, ආරක්ෂිතව දුපතට ගොඩ බෑමට හැකිවන්න ඇති බවත් සෝදිසි මෙහෙයුම්වල නියැළෙන පිරිස් විශ්වාස කරන බව ද එම  පුවත්පත පවසයි.

යානය දියාගෝ ගාසියා දුපතට ගෙන යන්න ඇත්තේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත. සැක කෙරෙන්නේ ඇමෙරිකාව ඒ පසුපස සිටින බවය.

කලක් මුරුසි  දුපතට අයිත් දියේගෝ ගාසියා අද බි‍්‍රතාන්‍ය පාලනයට යටත් පාදයක හැඩය ගත් ඉන්දියන් සාගරය මැද (ශී‍්‍ර ලංකාවට දකුණු දෙසින්) පිහිටි කොරල්පරවලින් සුසැදි දුපතක්. මෙහි ජනගහනය 4,239 කි.

නිව්යෝක් නුවර -  ටොනවන්ඩාහිදීය(පරිවර්තනය තුෂාර සිල්වා)

 

 

 



අදහස් (0)

මලයාසියා යානය චීන බොක්කේද?දියාගෝගාර්ෂියාවේද?

චමින්ද Wednesday, 30 April 2014 09:17 AM

ඕක ඇමරිකාව පැහැර ගත්තා (දී)

:       0       0

හර්ෂණ Wednesday, 30 April 2014 04:50 PM

ඕක තියෙන්නේ ඔය තැන් දෙකෙන් එකකවත් නෙමෙයි මම හිතන්නේ (නි)

:       0       0

නදීරා Thursday, 01 May 2014 06:07 AM

මේ කියන කතා දැක්කම යානය කඩාවැටී නොමැති බවකුයි පෙනෙන්නට තියෙන්නේ (නි)

:       0       0

මොහම්මඩ් Wednesday, 30 April 2014 11:16 AM

කාටවත් හරියට මේ ප්ලේන් එකට මොකද වුණේ කියල හොයාගන්න බෙැහැනෙ. (ස)

:       0       0

අවිශ්ක Tuesday, 06 May 2014 02:25 AM

ඒ යානයේ හිටි මිනිස්සු එතකොට (දී)

:       0       0

කුමාරි Tuesday, 29 April 2014 08:22 PM

අනේ කොහේ හරි කමක් නැහැ. ගමන් ගත් මගීන් සුවෙන් සිටිනම් ලොකු වාසනාවක්. (දී)

:       0       0

රත්න Thursday, 01 May 2014 08:42 AM

අපි ඉතින් මොනවා කියන්නද? (නි)

:       0       0

චානක Tuesday, 29 April 2014 08:43 PM

ඔය යානයට මොකද උනේ කියලා අපි දන්නවා (දී)

:       0       0

සේරම් Friday, 02 May 2014 05:11 PM

අර ලංකාවේ එක්කෙනාගෙන් අහන්නකෝ. (නි)

:       0       0

චමින්ද Thursday, 01 May 2014 11:10 AM

ඕක තෙල් ඉවරවෙලා කොහේ හරි නතර කරගෙන ඇති. හැමදාම කියනවා ඇති වෙන්න තෙල් ගහගෙන යමන් කියල. කෝ අහව්වද අහව්වද අහව්වද ?? (ස)

:       0       0

චමින්ද Thursday, 01 May 2014 10:28 AM

මේක උපක්‍රමයක්. ඔවුන් දන්නවා ඔය යානයට වුණ දේ (නි)

:       0       0

ගුණේ Tuesday, 29 April 2014 11:49 PM

මාතෘකාවට අදාල උත්තරය මට දැනෙන ලෙසට දියාගෝ ගාර්ෂියා වේ. (නි)

:       0       0

හේෂාන් මානවඩු වෙරෝනා Wednesday, 30 April 2014 10:35 PM

ඕක තියෙන්නේ වෙන තැනක (නි)

:       0       0

සසිනි Sunday, 04 May 2014 10:29 PM

ටිකක් ඉන්න හොඳ සාස්තරයක් කියන්නම් තව ටික දවසකින්. (ස)

:       0       0

රම්සි Saturday, 03 May 2014 10:39 PM

මම කියන්නම් සිද්දිය. යානය දියාගෝ ගර්ෂිය පැත්තට ගමන් කලා. ඇමෙරිකන් හමුදාව එය වෙඩි තබා විනාශකලා. මතකනේ 9/11 සිද්දියේ 4 වෙනි යානයට උන වැඩේ? (ස)

:       0       0

ලක්විදු Saturday, 03 May 2014 09:54 PM

ලංකාවට එවපු භූමිතෙල් ගහල ගිහින් එන්ජිම හිර උනාද මන්ද? (ස)

:       0       0

රමසි Saturday, 03 May 2014 10:41 PM

කෝ අර රූපවාහිනි නාලිකා ඉස්සරහට ඇවිත් කෙපර බාන සාස්තරකාරයෝ ටික (ස)

:       0       0

ජග Wednesday, 30 April 2014 06:49 AM

අහන්නකො ලංකාවෙ ජ්‍යෝතිෂවේදීන්ගෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 249 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 202 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 582 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site