තලෙයිබාන් සටන්කාමීන් මලාලා දැරියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන රජය දැක් වූ ප්‍රතිචාරය ඉතා තීරණාත්මක සිදුවීමක් බව මලලා බැලීමට බි්රතාන්යයට පැමිණි ඇයගේ පියා පැවැසීය. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පහළොස් හැවිරිදි මලාලා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්යයට රැගෙන ඒමෙන් පසුව ඇගේ සුවදුක් බැලීමට මව, පියා සහ සහෝදරයන් දෙදෙනා පළමු වතාවට බි්රතාන්යයේ බර්මිංහැම්හි පිහිටි ක්වීන් එලිසබෙත් රෝහලට පැමිණ සිටිති. ‘‘මලාලා වැටුණු අවස්ථාවේදී පාකිස්තානය සිට ගත්තා. ඒ සමඟ ලෝකය අවදි වුණා. එය තීරණාත්මක සිදුවීමක්. අප හිතුවාටත් වඩා ඉක්මනින් මලාලා සුවය ලබමින් සිටිනවා. ඇය මගේ දියණිය පමණක් නොව සැමගේම දියණියකි.’’ යැයි ඇයගේ පියා වන සියාඋද්දීන් යුසුෆ්සායි සඳහන් කළේය. ක්වීන් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තම දියණිය නැගිට සිටිනු දුටු අවස්ථාවේදී සිය නෙතඟට කඳුළු නැඟුණු බව සියාඋද්දීන් හැඟුම්බරව පැවැසීය. එම රෝහලේ කාර්ය මණ්ඩලයටත් බි්රතාන්ය හා පාකිස්තාන බලධාරීන්ටත් ඔහු ප්‍රශංසා කළ සියාඋද්දීන් කියා සිටියේ මලාලාට නිසි වේලාවේදී, නිසි ස්ථානයේදී නිසි ප්‍රතිකාර ලැබුණු නිසා සුවය ලැබීමට හැකි වූ බවයි. මලාලාට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව සිය දියණියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වේ යැයි බිය වී අවමංගල්‍යයට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි තම ඥාතියකුට පැවසූ බව සියාඋද්දීන් සිහිපත් කළේය. මලාලා යූසාෆ්සා නමැති එම දැරිය පාසල නිම වී පාසල් බස්රියෙන් ගමන් කරමින් සිටිද්දී තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ ඉකුත් 9 වැනිදාය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ බාළිකා අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර ඒ නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ආදරය දිනා ගැනීමට ද සමත් වූවාය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මලාලා ගැන පාකිස්තානයේ ප්‍රතිචාරය සතුටුදායකයි
චන්ද්‍රසිරි Monday, 29 October 2012 04:06 PM
පවු පැටවු ටික. (නි)
කුමාර Tuesday, 30 October 2012 12:27 PM
දුවේ ඔයා ඉදිරියේදීත් ආරක්ෂා වෙන්න (ස)
හර්ෂණ Monday, 29 October 2012 07:32 PM
මටත් හිරම සතුටුයි දෙවියන් මගේ කන්නලවුවට ඇහුම්කන්දීම ගැන. බුදු සරණයි. දෙවි පිහිටයි. (නි)
Darul Shifa Monday, 29 October 2012 09:00 PM
මාල දෙවියන් ස්තුති කරන්න (අ)
චන්ද්‍රා Monday, 29 October 2012 12:19 PM
මට සතුටුයි. (නි)
රසාරා Saturday, 17 November 2012 12:24 PM
ඔබ වැනි දැරියන් ලෝකයටම සම්පතක්. (නි)
වෙනුර Tuesday, 30 October 2012 07:34 AM
ලෝකයම ඔබ සමග වුවත් ඔය පරෙස්සම් වෙන්න. අන්තවාදීන් නිතරම ඔබ පසුපසයි. (නි)