මුවන් නිසා වන රියඅනතුරු වැළැක්වීමට ජපානයේ වනජීවි නිළධාරීන් භාවිතා කරන්නේ අපූරු ක‍්‍රමයකි.
සිංහයන්ගේ ගෙරවුම් හඬත් වෘකයාගේ සුළු දියත් ඒ සදහා යොදා ගැනේ.
වන සීමාවේ එම ගෙරවුම් හඩ වාදනය කරන විටද වෘතයින්ගේ මුතා තැන තැන ඉසීමෙන්ද මුවන් පැත්ත පළාතේවත් නොඑන බව ජපාන වනජීවී නිළධාරීන් කියති.
වනාන්තර ඔස්සේ වැටී ඇති මාර්ග වලට වනාන්තර වල සිටිනා මුවන් පැනීම ජපානයේ නිරතුරුව සිදුවන්නකි.මේ නිසා සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව බොහෝය.වැටවල් ගසා තිබුණද ශීත සමයේදී වැටෙන හිම එම වැට මත රැදීම නිසා හිම වල බරට වැට කඩා වැටෙන බවත් එනිසා වැට වලිනුත් වැඩි ප‍්‍රයෝජනයක් නොමැති බවත් ජපාන වනජීවී නිළධරයෝ කියති.
මේ ක‍්‍රමය නිසා මුවන් නිසා සිදුවන අනතුරු අඩුකරගැනීමට හැකිව ඇති බව ඔවුන් පවසයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුවන් එළවන ක්‍රමයක් ජපානයේ
චාමික Wednesday, 26 June 2013 03:02 PM
ජපන් ජාතිකයන් මිනිසුන්ගේ පමණක් නොව සතා සීපාවුන්ගේ පවා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැදීසිටින සැබෑ මිනිසුන් කොටසක්.(නදී)
උදය Wednesday, 26 June 2013 08:11 PM
අලි එලවන්න අරයාගේ කතාවක් පටි ගත කරලා දාන්න (අ)
සමිත Wednesday, 26 June 2013 08:56 PM
ඕව පිස්සු වැඩ අපේ පරවල කොච්චර බල්ලෝ මැරෙනවද ආණ්ඩුව ගන්නවත් ගන්නේ නැ මැරෙන සතුන්ට මැරෙන දීල ඒ සල්ලි වලින් වෙන වැඩක් කර ගත්තනම් ඉවරිනේ අපේ රටේ වගේ. (අ)
විරාජ් Wednesday, 26 June 2013 09:01 PM
ජපානේ වදුරෝ වගේ පැන පැන යන සතුන්ට මහපාර මාරුවෙන්න පාර උඩින් පාලමක් දලා තියනවා.ලෝකයේ හොදම මිනිස්සු ඉනේ ජපානේ.(අ)
අමිල Wednesday, 26 June 2013 04:41 PM
පතොක්, බිම්තඹර වගේ දේවල් වලට අලි කැමති නැහැ. ඒත් ඒවා වගා කළාට වැඩක් නැහැ. අපේ මිනිස්සුන්ගේ ඉඩම් වල මාඉම් වලට කකුල් තියෙන හින්දා (නි)
කපිල Wednesday, 26 June 2013 04:47 PM
චාමික, මොනවද දන්නේ ජපන්නු ගැන? එයාලා තමයි වැඩියෙන්ම ඩොල්ෆින්ලා මරන්නේ (නි)
රනේෂ් Wednesday, 26 June 2013 01:26 PM
මරු ක්‍රමයක්. අපේ අලි පන්නන්නත් මේ වගේ ක්‍රමයක් හොයාගමු. (නි)
සමන් රොහාන් රණසිංහ, Wednesday, 26 June 2013 04:59 PM
ඒ වුනාට ජපනාට, ඇමරිකන් හමුදාව තවම ජපානයෙන් පන්න ගන්න ජපනට බැරි වුනා. (නි)
ඉෂාර Wednesday, 26 June 2013 04:59 PM
අප්පෝ..... ! බාල වැඩනෙ ඕවා. අපේ රටේ වුනා නම් පාර දෙපැත්තෙන් සන්නද්ධ රථ දෙකක් යවනවා, (නි)
ගාමිණී-සිරි Wednesday, 26 June 2013 01:36 PM
අපේ රටේ අකාලයේ මිය යන අලි , ඇත් පරපුර වෙනුවෙනුත් මෙවැනි ප්‍රතිකර්මයක් ,උපදේශයක් ගැනීම ඉතාමත් වටිනා දෙයක් ! (නි)
පෙරේරා Wednesday, 26 June 2013 05:11 PM
අපේ රටේ මුවන් ඔය විදියට පාර පැන්නොත් ,දෙවියන්ගේම පිහිට තමයි. හොඳ වෙලාවට මුවන් ඉන්නේ ජපානේ. (නි)
ශාන් Wednesday, 26 June 2013 01:59 PM
අපේ රටේ සිටින අලින් ආහාරයට නොගන්නා ගස් වර්ගයක් හා ඔවුන්ගේ ශරීරයේ තැවරෙන විට උන්ට අපහසුතාවක් දැනෙන ගස් වර්ගයක් අලින් සිටින ප්‍රදේශ හා ගම්මාන අතර වගා කලානම් අලින් ගමට හා පාරට ඒම වලක්වා ගත හැකිය (නි)
පහන් Wednesday, 26 June 2013 06:00 PM
චාමික, නොදන්නා දේ කියවන්න එපා. ජපානය තමයි වැඩිම තල්මසුන් දඩයම් කරන්නේ.නවසීලන්තය ඒ වෙනුවෙන් ජපනත් එක්ක මරාගන්නවා. ජපන් ගොවියන් තාමත් කුකුල්ලු කොටවනවා. පැරදුනහම එතනම මරලා කනවා .මම ඇහැටම දැකලා තියනවා.ජපානය තමයි ඕසෝන් ස්ථරයෙන් 80% හිල්කරන්නේ (නි)
පහන් Wednesday, 26 June 2013 06:02 PM
ජපානය ,සිංගප්පුරුව ,ඊශ්‍රායලය ගැන වසර 20 පමණ වන අත්දැකීම් ගොඩක් මා සතුව තියෙනවා .අහන මිනිහට කියලා දෙනවා .සමහරු ඔය රටවල් ගැන මට කියලා දෙන්නත් එනවා. එතකොට මම නිහඩව ඇහුන්කම් දෙනවා (නි)
චන්දන Wednesday, 26 June 2013 02:29 PM
අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අලි ප්‍රශ්නය, බැරිද ඒකට විසදුමක් දෙන්න (දී)
ගයාන් Wednesday, 26 June 2013 02:32 PM
අපිට නම් උත්සාහ කරන්න අවශ්‍ය තාවයක් නැහැනේ (දී)
මේනක Wednesday, 26 June 2013 02:35 PM
මුවන් ගෙන් හරියට කරදරයි ද , අහිංසක සතෙක් නේ මුවා (දී)