ඊශ්රායෙල ගුවන් ප්‍රහාරයකට හසුව මියගිය ගැබිණියකගේ කුසයේ සිටි දරුවාට මෙලොව එළිය දැකීමේ වරම් ලබාදීමට පලස්තීන වෛද්‍යවරු සමත්වූහ.
ගුවන්ප්රහාරයට ලක්ව තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි මේ ගැබිණි මාතාව වහ වහා රෝහල කරා ගෙන ඒමට සහන සේවා අංශ කටයුතු කර තිබුණි.
වෛද්‍යවරු දැඩි උත්සාහයක් දැරුවද ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකිවූයේ නැත.
නමුත් ඇයගේ කුසයේ සිටි දරුවා නිරුපද්‍රිතව සිටින්නේයැයි හදුනාගත් ඔවුහු සිසේරියන් සැත්කමක් ආධාරයෙන් දරුවා පිටතට ගත්හ.
ඇය බිළිදියකි.
සැත්කමට සහභාගීවූ සියලූදෙනා ඇයගේ උපත් ප්රාතිහාර්යයක් යැයි පැවසූහ.
ඇය දැනට නොමේරූ ළදරු ඒකකයේ පසුවන්නීය.ඇයගේ තත්ත්වය සතුටුදායක බව වෛද්‍යවරු කියති.
දින 21 ක් පුරා දිවෙන ඊශ්‍රායෙලය හා ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් අතර ගැටුමින් මේ වන විට පලස්තීන ජාතිකයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සඳහන්ය.ඊශ්රායෙලයට හමුදා භටයින් 43 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු අහිමිව ඇත.
ලොව පුරා මුස්ලිම් ජාතිකයින් ඉතා උත්කර්ෂවත් ලෙස සමරන රාමසාන් උත්සවය සැමරීමට පවා අවස්ථාවක් මෙවර ගාසා තීරයේ වැසියන්ට නැත.නිවෙස් වලට කොටුවී සිටින ඔවුහු කොයි මොහොතේ ගුවන් ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි බියෙන් සිටිති.
තම ප්‍රහාර සාධාරණීකරණය කරන ඊශ්‍රායෙලය පවසන්නේ හමාස් සංවිධානය ඔවුන්ගේ අවි ආයුධ සගවා ඇත්තේ සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වල බවයි.එනිසා අකමැත්තෙන් හෝ තමන්ට ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවත් නොඑසේනම් හමාස් සංවිධානය සිවිල් වැසියන් පළිහක් ලෙස යොදාගෙන එල්ල කරන ප්‍රහාර වලින් හානි සිදුවන්නේ තමන්ට බවත් ඔවුන් කියයි.
ඊශ්‍රායෙලය මෙසේ නිදහසට ඉදිරිපත් කරන කරුණු පිළිගන්නට දැන් බොහෝ දෙනා සූදානම් නැත.ඒ එතරම්ම දරුණු හානියක් දැනටමත් සිදුව ඇති හෙයිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය,ඇමරිකාව ඇතුලූ ලෝක බලවතුන් ස්ථීර සටන් විරාමයකට පැමිණෙන්නයැයි ඊශ්රායෙලයට හා හමාස් සංවිධානයට බල කරමින් සිටිති.නමුත් දෙපාර්ශවය තම තමන්ගේ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටිනවා විනා දුවෙමින් පවතින හානිය සළකා සටන් විරාමයකට පැමිණීනෙනු ඇති බවත් පෙනෙන්නට නැත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මව මැරේ : කුසේ දරුවා බේරේ
හර්ෂ Thursday, 31 July 2014 05:27 AM
මියගොස් ඇති 1000න්, 75%ක්ම කුඩා දරුවන්. සේරම්ට දරුවන් නැතුව ඇති. (නි)
අජිත් Thursday, 31 July 2014 06:15 AM
නවනීදන් පිල්ලේට මේවා පෙනෙන්නේ නැතුව ඇති. චැනල් ෆෝ අයටත් එහෙම වෙන්න ඇති (නි)
අර්ශඩ් Thursday, 31 July 2014 07:32 AM
සේරම්, මෙම දරුවා මියගිය බවට බීබීසී වාර්තා කරනවා. දවසක් ජීවිත් උන දරුවා ලෝකයේ අනුකම්පාව දිනාගැනීමට මියගොස් ඇත. ඒම වාර්තාවේම තව කුඩා දරුවන් 16ද අද මිය ගිය බවට වාර්තා කරනවා. (නදී)
ප්‍රබාත් Thursday, 31 July 2014 09:45 AM
හැම තැනෙන්ම බැටකන්නේ අහිංසක මිනිස්සු . (අ)
සේරම් Thursday, 31 July 2014 03:24 AM
පලස්තීනය ලෝකයේ අනුකම්පාව දිනාගැනීමට කරන දීන වැඩ ගැන අපි දැන් දැනුවත්විය යුතු කාලය පැමිණ ඇත (නි)
ඇසළ Thursday, 31 July 2014 04:08 AM
රටවල් වලින් 75% සිටින්නේ යුධ පිටියේ. (නි)